Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th July 2022 14:09:52 Hours

මාන්කුලම් වෙල්ලම්කුලම් මාර්ගය ප්‍රථිසංස්කරණය කිරිම

65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊ ඒ ඩි පි එදිරිසිංහ පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 65 පාබල සේනාංකයේ භඨපිරිස් මාර්ග සංවර්ධන අධිකාරියේ සහය ඇතිව මාන්කුලම් වෙල්ලම්කුලම් මාර්ගයේ කොටසක් ප්‍රථිසංස්කරණය කරණ ලදි.

එම මාර්ගයේ මල්ලාවි ජාතික පාසල ඉදිරිපිට ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ වලවල් කිහිපයක් තිබු අතර පසුගිය කාලයේ රිය අණතුරු කිහිපයක් සිදුවිය එබැවින් 65 වන පාබල සේනාංකයේ භඨපිරිස් සහ ට්‍රැක්ටර් රථ යොදා ගනිමින් හා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේද සහය ඇතිව 2022.07.20 වන දින එම වලවල් මකා දමා කාපට් අසුරා ඇත.