Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th May 2023 12:29:59 Hours

මන්නාරම දිස්ත්‍රික් බුද්ධි අංශ නියෝජිතයින්ගේ බුද්ධි සම්බන්ධීකරණ සාකච්ඡාව

54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්තික් නාවික, පොලිස්, විශේෂ කාර්ය බලකා, මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තු නියෝජිතයින්ගේ බුද්ධි සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්විය. ඒ සදහා 541 හා 542 බළසේනා බළසේනාධිපතිවරුන් ද, ඒකක අණදෙන නිළධාරි වරුන් සහ ප්‍රදේශයේ පහත දැක්වෙන බුද්ධි අංශ නියෝජිතයින් සහභාගී විය. පොලිස් අධිකාරී ඒච්ඒම්සීපී හේරත් - පොලිස් අධිකාරී 1, ලුතිනන් කමාන්ඩර් අසේල නානායක්කාර - (වයඹ පලාත භාර නාවික බුද්ධි අංශ නිළධාරි), ලුතිතන් අකලංක නවරත්න (බුද්ධි නිළධාරි ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම), ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්එම්සිපී හේරත‍් (පොලිස් පරික්‍ෂක මන්නාරම), ප්‍රධාන පොලිස් පරීක්ෂක සී ප්‍රසාද් ජයතිලක - (මුලස්ථාන පොලිස් පරික්‍ෂක - මන්නාරම), ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕඒයු ජයශාන්ත - (අපරාධ අංශය මන්නාරම පොලීසිය), ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර් ති ප්‍රේමතිලක - (පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය - මන්නාරම), පොලිස් පරික්‍ෂක ඒවිඑස්පී ජයවර්ධන - (දෙවන අණදෙන නිළධාරි පොලිස් විශේෂ කාර්ය බළකාය - ඉලුපුකඩවායි), පොලිස් පරික්‍ෂක ජේඒඑම්ජි ජයසිංහ - දෙවන අණදෙන නිළධාරි පොලිස් විශේෂ කාර්ය බළකාය - මන්නාරම, පොලිස් පරික්‍ෂක එම් බාලතාස් - පොලිස් පරික්‍ෂක එස්එච් ඔෆුර් - ත්‍රස්ත විමර්ෂණ ඒකකය.

එම සාකච්ඡාවේදී මන්නාරම දිස්ත්‍රික්කයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තම රාජකාරී ඉටු කිරීමේදී ඇති වූ දුෂ්කරතා සහ මේ වන විට සිදුකර ඇති වැටලීම් පිළිබද පැහැදිලි කිරිමක් සිදුකරන ලදි.

තවද පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ අනෙකුත් වැදගත් ආයතන අතර විධිමත් ජාලයක් ඇති බැවින්, පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබදව සාකච්ඡා කරන ලදි.

සාකච්ඡාව අවසානයේ මන්නාරම දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් තුරන් කිරීම සඳහා යුද හමුදාවේ පූර්ණ සහයෝගය ඕනෑම තත්වයක් යටතේ ලබා දෙන බවට සහතික වෙමින් සහ සහභාගී වූ සියලුම දෙනා වෙත සිය කෘතඥතාව පළ කිරිමට 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති කටයුතු කරන ලදී.