11th October 2025 09:43:19 Hours
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එම්.සී. අබේකෝන් RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ සහ 541 වන පාබල බළසේනාවේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් අයි.පී. ජයසිංහ RWP ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ අධීක්ෂණය යටතේ 2025 ඔක්තෝබර් 09 වන දින මන්නාරම/ශාන්ත ආනා විද්‍යාලයේ, වන්කලෙයි පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් එම විද්‍යාල දේශණ ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.
10(ස්වේච්ඡා) ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.එච්. කරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ඇතුළු 10(ස්වේච්ඡා) ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලද අතර මේ සදහා වයස අවුරුදු 14ට වැඩි සිසුන් 200කට අධික පිරිසක් සහභාගී වූහ.
ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ (NDDCB) - යාපනය ශාඛාවේ බාහිර සම්බන්ධතා නිලධාරීණිය වන, අජන්තා ශර්මාලී වයලට් මහත්මිය මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ සම්පත් දායකයා ලෙස කටයුතු කළ අතර, මෙම වැඩසටහන යාපනය හා පුනරුත්ථාපන ජෙනරාල් කාර්යාල අංශයේ සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් පූර්ණ පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් සම්බන්ධීකරණය කරන ලදී.
තවද, ‘පිරිසිදු ශ්‍රී ලංකාවක්’ යන ජාතික වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් විද්‍යාලයේ විදුහල්පතිතුමන් වන ඒ ශීවකුමාර් සහ කාර්ය මණ්ඩලය මෙන්ම ලුතිතන් කර්නල් ඒජීසීකේ අරබේගොඩ, සිවිල් සම්බන්ධීකරණ නිලධාරී - 541 වන පාබල බළසේනාව ද දායකත්වය ලබා දුන්හ.