Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th June 2022 15:14:51 Hours

පොසොන් පොහොය දින නිමිත්තෙන් බත් දන්සලක් ලබාදීම

563 බසේමු බළසේනාධිපති කර්නල් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 2022 ජුනි මස 14 වන දිනට යෙදී තිබූ පොසොන් පොහොය නිමිති කර ගෙන පොහෝ දින 1200 පැයේ සිට 1500 පැය දක්වා සිවිල් ජනතාව වෙත බත් පාර්සල් 600 ක් බෙදාදීමේ දන්සලක් මෙම පාබල බසේමු කඳවුර ඉදිරිපිට සිදු කරන ලදි.

මේ සඳහා මෙම පාබල බසේමු බළසේනාධිපති කර්නල් ඒජිඑස්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුලු බසේමු රාජකාරි නියුතු සියළු නි/සෙනීන්ගේ දායකත්වය සැපයූ අතර බසේමු රාජකාරියේ නිරත 03X15 ක භඨපිරිස් ප්‍රමාණයක් සහයෝගය ලබාදෙන ලදී