Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th October 2025 09:37:59 Hours

පාසල් ළමුන් සදහා පාසල් උපකරන බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වීම

54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සංකල්පයකට අනුව, 542 පාබල බලසේනාව විසින් 2025 ඔක්තෝම්බර් 16 වන දින පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් මන්නාරම මඩුපාර ලුඩ්ස් මහා විද්‍යාලය තුල සංවිධානය කරන ලදි. මන්නාරාම මඩුපාර සිංහල මහා විද්‍යාලය හා මන්නාරම ශාන්ත ලුඩ්ස් මහා විද්‍යාලය යන පාසල් වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් සදහා පාසල් උපකරණ බෙදාදීම මෙහිදී සිදු කරන ලදී.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සදහා අනුග්‍රහය ලබාදීම නික/වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක/නායිකාවන් විසින් සිදුකරන ලද අතර, ඔවුන්ව මන්/මඩුපාර සිංහල මහා විද්‍යාලය හා මන්නාරම ශාන්ත ලුඩ්ස් මහා විද්‍යාලය යන පාසල්හී සිසු සිසුවියන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

542 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ ආර් ඩබ්ලිව් අසුරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ 4 වන ගජබා පාබල රෙජිමේන්තුව විසින් සියලු සංවිධාන කටයුතු සිදුකල අතර, 542 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව් එ එන් ඩි ජයසුන්දර නිලධාරි විසින් සම්බන්ධිකරණය සිදුකරන ලදී.