Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

22nd February 2022 22:11:44 Hours

ප්‍රවාහන පහසුකම් ලබාදීම

65 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් මත 653 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ බසේමු භටපිරිස් විසින් 2022.02.20 තච්චනාමරදමඩු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට ඉරනෛයිඉලුප්පායිකුලම්හි නවතමයෙන් ඉදිකරන ලද දේවස්තානය විවෘත කිරිමේ උත්සවය සදහා ප්‍රෙද්ශයේ බැතිමතුන් බස්රථ මගින් උත්සව භූමිය වෙත රැගෙන යන ලදි.