Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

14th June 2022 13:12:23 Hours

ප්‍රජා සමාජ සත්කාර සිදු කිරිම - 561 පාබල බලසේනාව කනගරායන්කුලම්

මෙම පාබල බළසේනා මුලස්ථාන බළප්‍රෙද්ශයේ කනගරායන්කුලම් ගම්මානයේ අඩු ආදායම් ලාභි පවුල් සදහා පත්මහංස ප්‍රජා සේවා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා සමන්ති පැල්පොල මෙනවිය සහ මිනිසත්කම අගයන සකල ශ්‍රි ලංකාවාසි/ලෝකවාසි මිතුරe කැල සමගින් ප්‍රසාද් ලොකු බාලසුරිය මහතාගේ අන්‍රග්‍රහයෙන් වියළි ආහාර සහ අධ්‍යාපනය ලබන දරු දැරියන් සදහා පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩ සටහනක් 2022. 06. 06 වන දින පවත්වන ලදි.

මෙම ප්‍රජා සත්කාර වැඩ සටහන 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩිඑස්එස් ලියනගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සිs එචිඩිඑමිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනුශාසකත්වයෙන් බළසේනාධිපති බ්‍රිගේඩියර් ජිපිපි කුලතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ සිදුකල අතර, සිවිල් සම්බන්ධිකරන නිලධාරි බළසේනා මේජර් සහ මේජර් පාලන භකාස යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සම්බන්ධිකරණය කන ලදි