Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

13th June 2023 11:30:29 Hours

නව නිවසක් ඉදිකර භාරදීම.

65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊ ඒ ඩී පී එදිරිසිංහ විසින් 2023 ජුනි 10 වන දින පැවති චාම් උත්සවයකදී එමිල් පොමික්කෝ ජෙබනේසන් රොචේ මහතාගේ අසරණ පවුල සඳහා වෙල්ලන්කුලම් තේවම්පිඩ්ඩි හි අලුතින් ඉදිකරන ලද නිවසක් ප්‍රදානය කරන ලදී. 651 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස් විජේසිරිවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්ප යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ඉල්ලීම මත ගම්වාසීන් විසින් මූල්‍ය අනුග්‍රහය දක්වන ලදී. 17(සෙව්) ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරී - මේජර් එච්එම්ජේ පේමතිලක ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 17(සෙවි) ශ්‍රිලපාහ ඒකකය විසින් ඉදිකිරීම් සහාය ලබා දෙන ලදී.