Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th June 2023 14:05:37 Hours

ධුරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත 54 පාබල සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්ඩබ්ලිව්එච්ආආවිරඑම්න්ඩිකේබි නිංයගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සදුදා (ජුනි මස 26) දින 54 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

54 පාබල සේනාංක මූලස්ථාන ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සරඹ භූමියේදී භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. ඉන් අනතුරුව, ධුරයේ රාජකාරි කටයුතු භාරදීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබු අතර කාරයාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ ඡායාරූප කිහිපයකට එක් වූ මේජර් ජෙනරල් ඩබ්ලිව්ඩබ්ලිව්ඒච්ආර්ආර්විඒම් ඒන් ඩි කේ බි නිංයගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ධූර කාලය තුළ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුදකළ අතර එතුමන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී. අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය අතරතුර 54 පාබල සේනාංක මූලස්ථානයේ හා ඒ යටතේ ස්ථාපිත බළසේනා මුලස්ථාන හා ඒකකයන් හි භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරත වූවේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් 54 පාබල සේනාංක මූලස්ථාන නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. මෙම උත්සව අවස්ථාව සඳහා 54 පාබල සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහභාගී වූහ.