Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th May 2024 16:46:30 Hours

දිළිදු පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය මත නව නිවසක් ඉදිකරදීම පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම

ජනවාරි මස පැවති අයහපත් කලගුණික තත්වය හේතුවෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් තේරාවිල් ග්‍රාමසේවා වසමේ පදිංචි පවුල් 05 ක සාමාජිකයින් 21 දෙනෙකු තේරාවිල් වැවේ ජල මට්ටම ඉහලයාම හේතුවෙන් අවතැන් වූ අතර, ඉන් වැව ආසන්නයේ පැල්පතක ජිවත් වු එක් පවුලක් වෙත ගංවතුරෙන් වැඩි හානි සිදුවී ඇති බැවින්, එම පවුල සඳහා ප්‍රදේශයේ දාන පතියෙකුගේ ආධාර මත, ලිෆ්ට් ලයිෆ් ආයතනය සමඟ සම්බන්ධතාවයෙන් සහ 593 පාබල බළසේනාධිපතිගේ අධික්‍ෂණය හා මගපෙන්වීම යටතේ 6 ගැහේබ භඨ පිරිස්හි ශ්‍රම දායකත්වය මත නව නිසවක් ඉදිකර 59 පාසේමු සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024.05.02 දින එම නිවස අදාල පවුල වෙත භාරදෙන ලදී.

තවද, එම අවස්ථාවේදී ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අවතැන්ව සිටි පවුල් 5ක් සදහා නිවාස පිරිසිදු කරගැනිමට අවශ්‍ය සනීපාරක්‍ෂක කට්ටල ද ලබාදෙන ලදි.

ඒ අනුව මෙම උත්සව අවස්ථාව සඳහා 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් එම් පී එම් විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු, ජ්‍යෙෂ්ඨ නිලධාරි, 593 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච් වි ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා 6 වන බළඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරි මේජර් ජි ජි එන් විජේසූරිය ආර්එස්පී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා 6 සහ 9 ශ්‍රි ලංකා ජාතික අරක්‍ෂක බළඇණියන්හී අණදෙන නිලධාරින් සහ 6 ගැහේබ නිලධාරි/සෙසුනිලයින් සහභාගි වන ලදි.