Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st June 2022 12:03:05 Hours

දිළිදු අසරන පවුලක් සදහා හිසට නිවහනක්

01. ආරක්‍ෂක සේනාව (වන්නි) බළප්‍රදේශය තුල ජනතාවගේ ජීවන තත්වය නංවාලිමේ අරමුණින් 651 පාබල බසේමු හි තුනුක්කායි උයිලන්කුලම් හි ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් ජීවත් වන අකිලන් දර්ශිකා මහත්මියට පදිංචියට ස්ථිර නිවසක් ඉදිකිරිම. 65 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම මත 651 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බංණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් හා අධිෂණය යටතේ ආරම්භ විය.

2. තුනුක්කායි උයිලන්කුලම් ආදර්ශ ගම්මාණයේ පදිංචි අකිලන් දර්ශිකා මහත්මිය මීට වසර කිහිපයකට පෙර සිය ස්වාමි පුරුෂයා විසින් ඇය හා දරුවන් හැරයාම හේතුවෙන් වයස අවුරුදු 06 ක් වු දියණිය හා වයස අවුරුදු 04 ක් වු පුත නුවන් සමග විවිධ වු ආර්ථික දුෂ්කරතා මධ්‍යයේකුඩා පැල්පතක ජිවත් වෙමින් කුලිවැඩ කිරිම තුලින් ඉතා අසිරු ජීවිකාවක් කරගන යනු ලබන අකිලන් දර්ෂිකා යන අය හට නව නිවසක් ඉදිකිරිම සදහා 651 බළසේනාවෙ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බංණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුද්ගලික ඉල්ලිම පරිදි දකුණු ඕස්ට්‍රේයානු වෙල්බීන් සංවිධානය හා දකුණු ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීලාංකික ඉංජිනේරුවන්ගේ මුල්‍යමය අනුග්‍රහය මත,ඉදිකරන ලද මෙම නිවස සදහා17 (සෙවි) ශ්‍රිලපහ ඒකක භඨපිරිස් විසින් තාක්ෂණික සහඉජිනේරු ශ්‍රම දායකත්වය ලබාදෙන ලදි.

3 නිවසේ යතුර ප්‍රථිලාභින් වෙත ප්‍රධානය කිරිමේ චාම් උත්සවයක් 2022 වු මැයි මස 26 දින 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් සමරසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.උත්සව අවස්ථාව සදහා 651 බළසේනාධිපති, 17 (සෙවි)ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් නිරෝෂ අතුරුගිරි ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුලු නිළධාරින් ප්‍රථිලාභි පවුලේ සමාජිකයින්, ගම්වාසින් හා ඉදිකිරිම සදහා දායකත්වය දැක්වු භඨපිරිස් සහභාගි වුහ.

4 මෙම උත්සවයේදි නිවස සදහා අත්‍යඅවශ්‍ය ගෘහ භාණ්ඩ කිහිපයක් නිවෙස් හිමිකාරිය වෙත භාරදීමද සිදු කෙරුණු අතර,උත්සවයට සමගාමිව ප්‍රදේශයදිළිදු පාසල් දරුවන් සදහා පාසල් උපකරණ, රසකැවිලි පාර්සල් හා නිවස අවට පදිංචි කරුවන් වෙත දිවා ආහාර කෑම පාර්සල් බෙදා දීමක්ද සිදු විය.