Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th October 2024 15:29:57 Hours

ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ සංගමය විසින් පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදාදීම

ආරක්‍ෂක සේනා ආඥාපති (වන්නි ) උපදෙස් පරිදි 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම මත 213 පාබල බළසේනාව යටතේ ස්ථාපිත 5 ශ්‍රිලංජාආබමු ඒකක බළ ප්‍රදේශයට අයත් තන්තිරිමලය ශ්‍රි විමලඥාණ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි දරුවන් 100 දෙනෙකු සදහා පාසල් පොත් පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ සංගමය විසින් 2024.10.04 වන දින එම විද්‍යාලයේදි සිදුකරන ලද අතර, එහිදි පාසල් අධ්‍යයන වරෂය සදහා පාසල් උපකරණ අවශ්‍යතාවයන් හා එම පාසල් දරුවන් 100 දෙනා හට පාසල් පාවහන් යුගලය බැගින් DSI ආයතනය මගින් මිලදි ගැනීම සදහා රුපියල් 3000.00 ක තෑගි වවුචරයබැගින් ලබා දිමට කටයුතු කරන ලදි.මෙම වැඩසටහනෙහි සම්බන්ධිකරණ කටයුතු 213 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ පුරණ අධීක්ෂණය යටතේ, 5 ශ්‍රිලංඡාආබමු ඒකකයේ අණදෙන නිලධාරී විසින් මෙහෙයවන ලදී.