Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th July 2024 20:03:54 Hours

ජාතික රුධිර පාරවිලයන සේවාව 56 පාබල සේනාංකයේ රුධිරය පරිත්‍යාග කිරීමේ දායකත්වය අගය කරයි

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමීව 2024 ජූලි 24 වන දින රුධිර පරිත්‍යාගශීලීන් ඇගයීම සඳහා සංවිධානය කරන ලද උත්සවයක් සඳහා වවුනියාව මහ රෝහලේ ජාතික රුධිර පාරවිලයන සේවා ඒකකයේ රුධිර බැංකුව විසින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ආරාධනා කරන ලදී.

56 පාබල සේනාංකයේ භට පිරිස් රුධිර පාරවිලයන ඒකකය හා සම්බන්ධ වව්නියාව ප්‍රදේශයේ මීට පෙර රුධිර පරිත්‍යාග වැඩසටහන් කිහිපයක් පවත්වමින් රුධිර පරිත්‍යාග කිරීමට දායක විය.

මෙම අවස්ථාව සඳහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි, කර්නල් ප්‍රමා කර්නල් ආර් එස් සී දිසානායක ආර්එස්පි, සිවිල් සම්බන්ධිකරණ නිළධාරි ලුතිනන් කර්නල් කේ ජයවීර ශ්‍රිලසසබ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහභාගී විය.