Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

06th March 2025 14:11:10 Hours

ගල්කුලම බලඇණි පුහුණු පාසලේ අවසන් දේශණය

2025 වර්ෂය සඳහා වූ බලඇණි පුහුණු සැලැස්මට අනුව, 2025 ජනවාරි 06 වන දින සිට 2025 මාර්තු 03 වන දින දක්වා ගල්කුලම පාබල බලඇණි පුහුණු පාසලේදී පවත්වන ලද 2 (සෙව්) විජයභාහු පාබල රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව 10 x 398 (නිලධාරීන් සහ සෙසු නිලයන්) විසින් සාර්ථකව නිම කරන ලදී. 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එම් පී ඩබ්ලිව් ඩබ්ලිව් බී ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අවසන් දේශණය පවත්වන ලද අතර, පහත සඳහන් නිලධාරීන් සහ සෙසු නිලයන් සහතික පත්‍ර සහ කුසලාන ලබා ගන්නා ලදි. බළඇණි පුහුණු පාඨමාලාවේ දක්ෂතම සිසුවා ලෙස 2/ලුතිතන් ඩියු කැටකුඔර, හොදම ශාරිරික යෝග්‍යතාවය ඇති සිසුවා ලෙස සෙ/103257 පාසෙ කුමාර පිවයිඑස්, දක්ෂතම වෙඩි කරු ලෙස සෙ/16H00580 ලාකෝ බණ්ඩාර ආර්ඩිඑන්ටි, හොදම පෙළ අණදෙන්නා ලෙස සෙ/2H02742 කෝප්‍රල් විජේසිංහ ඩබිලිවිඑස් යන නිලධාරි සහ සෙසුනිළයින් විසින් සහතික පත්‍ර හා කුසලාන ලබාගන්නා ලදි.