19th January 2025 16:31:27 Hours
2025 ජනවාරි මස 19 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇල්ලේවැව, කැබිතිගොල්ලෑව ප්‍රෙද්ශයේ ගම්වාසීන් දෙදෙනෙකු අවතැන්වී ඇති අතර අදාල ගම්වාසීන් දෙදෙනාම 5 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආරක්ෂිතව මුදා ගන්නා ලදී.
අදාල මුදවා ගැනීමේ මෙහෙයුම ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් ජේපිසි පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් අනුව 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එස්සීකේ වනසිංහ ආර්එස්පී එස්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත 211 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඩීපී සිරිවර්ධන පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධික්ෂණයෙන් සිදුකරන ලදී.