Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st July 2024 19:06:26 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නව ආඥාපති තුමන් 21 වන පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූනි මස 26 දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ වව්නියාවේ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි හි දී රාජකාරි භාර ගැනීමෙන් පසු සිදු කරන ප්‍රථම නිල සංචාරය වශයෙන් 2024 ජුනි මස 29 දින 21 පාබල සේනාංක මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූහ.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් 21 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 21 වන සේනාංකයේ රාජකාරි හා වගකීම් පිළිබඳව දැනුවත් කරමින් යුද්ධ හමුදාවේ කටයුතු සඳහා දායකත්වය දැක්වීමේදී සිදුකරනු ලබන වැදගත් කාර්යභාරයන්ද පෙන්වා දුන්නේය.

අනතුරුව එතුමන් පරිසරය සුරකීමේ වගකීම අගයනු වස් හා 21 වන සේනාංකයේ නිල සංචාරය සකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර නිලධාරීන් සමගින් සමූහ ඡායාරුපයක් සඳහා ද පෙනීසිටියහ. නිලධාරි නිවස්නය තුලදී තේ පැන් සංග්‍රහයක් සඳහාද එක්වූ එතුමන් එහිදී සේනාංකයේ හා බසේමුහි මෙන්ම ඒකකයනගේද නිලධාරීන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ. අනතුරුව එතුමන් විසින් භටපිරිස් ඇමතීම සිදුකල අතර, එහිදී 21 වන සේනාංකය වෙනුවෙන් සියලු නිලයින් විසින් සිදුකරනු ලබන රාජකාරීන් හා ඔවුන්ගේ කැපවීම පිලිබදව ඇගයීමට ලක් කරන ලද අතර සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.