Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th October 2024 19:23:01 Hours

අර්ධ වශයෙන් හානියට පත් වැව් බැම්ම නැවත පිළිසකර කිරීමේ කටයුතු සදහා10 වන (ස්වේ) ගැමුණු හේවා බළකායේ භට පිරිස් සිය දායකත්වය දක්වන ලදි.

54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොහාන් රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි 541 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රසාද් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සහ 10 (ස්වේ) ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සෙනරත් බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්‍ෂණය මත 2024 ඔක්තෝම්බර් මස 24 වන දින අධික වර්ෂාපතනය හේතුවෙන් අර්ධ වශයෙන් හානියට පත් කුඩාරිවත්තකුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත සදහා 10 (ස්වේ) ගැමුණු හේවා බලකායේ භට පිරිස් සහභාගී විය.

යුද්ධ හමුදාවේ භට පිරිස් විසින් වැව් බැම්මේ හානියට පත් ප්‍රදේශය වැලි කොට්ට යොදා පැය කිහිපයක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට සමත් විය.

තවද ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා එක් විය.