Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st December 2024 15:08:49 Hours

අයහපත් කාලගුණික තත්වයන් මධ්‍යයේ 56 පාබල සේනාංකයේ මානුෂීය ආධාර වැඩසටහන

56 වන පාබල සේනාංක මූලස්ථානයේ මෙහෙයවීමෙන් 2024 නොවැම්බර් 29 වන දින වවුනියාව දිස්ත්‍රික්කයේ පැවති අධික වර්ෂාවෙන් අවතැන් වූ පවුල් සඳහා මානුෂීය ආධාර වැඩසටහනක් දියත් කරන ලදී. මනුසත් දෙරණ ආයතනයේ සහ දානපති මහේෂ් ජයවර්ධන මහතාගේ අනුග්‍රහය ඇතිව තාවකාලික නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන් 117 දෙනෙකු සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සිදු කෙරිණි. කන්දසාමිනගර් ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ පිහිටි කන්දසාමිනගර් විපුලානන්ද විද්‍යාලයේ සහ කල්ලාරු ශ්‍රී සිත්ති විනායගර් විද්‍යාලයේ අවතැන් වූවන් නවාතැන් ගෙන ඇත. වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 208 බී ප්‍රදේශයේ විපතට පත් ප්‍රජාවන් මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා මෙම වැඩසටහන කාලෝචිත ප්‍රතිචාරයක් විය.

මෙම මෙහෙයුම මේජර් ජෙනරාල් නිශාන්ත මුතුමාල යූඑස්පී පීඑස්සී සහ 562 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් මංගල අමරසිංහ ආර්එස්පී පීඑස්සී ඇතුළු 56 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අධීක්ෂණය කරන ලදී. 17 (ස්වේ) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් රුවන් විතානගේ ආර්එස්පී ද වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. 56 පාබල සේනාංකයේ හමුදා සාමාජිකයින්, මනුසත් දෙරණ, ඩයලොග් ආයතනයේ නියෝජිතයින් සහ මහේෂ් ජයවර්ධන මහතාගේ සහයෝගී උත්සාහයන් වැඩසටහනේ සාර්ථකත්වය සහතික කළ අතර, ප්‍රජා සුබසාධනය සහ ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා හමුදාවේ කැපවීම ශක්තිමත් විය.