Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st November 2022 21:19:40 Hours

අත්‍යාවශ්‍ය ඖෂධ අනුරාධපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත භාරදීම

අනුරාධපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශෛල්‍ය වෛද්‍ය නිලධාරි විසින් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශල්‍යකර්ම ඒකකය සදහා අවශ්‍ය බැවින් එම ඖෂධ ලබාදෙන ලෙස 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් එදිරිසිංහ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගෙන් ඉල්ලුම් කරන ලදි.

ඒ අනුව 65 පාබල සේමු සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ජේ ඩී යු ටී කුමාර ආර්එස්පී ශ්‍රිලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් යුතුව එම ඖෂධ තොගය නාවල පිහිටි QUALQEM (Pvt) Ltd ආයතනයේ සභාපති ඉසුරු විජේවර්ධන මහත්මාගේ‍ අනුග්‍රාහකත්වයෙන් එම ඖෂධ තොගය 2022.10.25 දින අනුරාධපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත ලබාදෙන ලදි.