Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th March 2025 17:44:58 Hours

අංගම්පොර පුහුණු වැඩමුළුව අවසන් දේශණය සිදු කිරීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (වන්නි) අඥාපති මේජර් ජෙනරාල් ජේපිසි පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 6 වන බළඇණිය ගැමුණු හේවා බලකා ඒ කණ්ඩායම පිහිටා ඇති කඳවුරේදී 2025.02.15 වන දින සිට 2025.02.28 වන දින දක්වා සති දෙකක කාලයක් යුධ හමුදා භඨ පිරිස් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. ඒ අනුව අංගම්පොර පුහුණු වැඩ සටහනෙහි නිමාව සනිටුහන් කරමින් අද දින පැවැත්වු වැඩසටහන සදහා 59 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේඑච්එන්පි හැන්නදිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වන ලදි. මෙහිදී අංගම්පොර පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරන ලද සෙබලුන්ගේ දක්‍ෂතා පෙන්නුම් කරන ලද කෙටි වීඩියෝ පටයක් ප්‍රදර්ශණය කරන ලදි. පසුව පාඨමාලාවෙහි නිමාව සනිටුහන් කරමින් නියෝජ්‍ය සේනාංකාධිපති තුමන් විසින් අවසන් දේශණය පවත්වන ලදි. එහිදී මෙම පාඨමාලාවෙහි වැදගත්කම අවධාරණය කරන ලද අතර, එහි තුන්වන අධියර නුදුරේදී ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව ප්‍රකාශ කරන ලදි. මෙම අවස්ථාව සදහා 591 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් එම්එස්අයි අලුවිහාරෙ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි සහ 593 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඩබ්ලිම්එම්අයියුබි වීරසේකර යුඑස්පි පීඑස්සී සහ 59 පාබල සේනාංකයේ නිළධාරින් මෙන්ම ඒකකයන්හි අණදෙන නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන්, අංගම්පොර පුහුණු පාඨමාලා උපදේශකයින් සහ පාඨමාලාව සදහා සහභාගී වු භඨපිරිස් සහභාගී වන ලදි.