කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ මාසික සභා රැස්වීම
කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ මාසික සභා රැස්වීම 2025 පෙබරවාරි මස 26 වන දින පස්වරු 1500 පැයට සේවාවනිතා ශාඛාවේ සභාපතිනිය ඇතුළු අනෙකුත් සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී. කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය විසින් සභාවේ මුලසුන හෙබවු අතර, කමාන්ඩෝ රෙජිමේනතු පවුල් වල සුභසාධනය වෙනුවෙන් සහාය වීම සදහා මෙම ශාඛාව දරණ අඛණ්ඩ උත්සාහයන් ඉස්මතු කරවීමට අදහස් දක්වමින් මාසික සභා රැස්වීම ආරම්භ කරන ලදී.




