Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

කල නොහැක්කක් නොමැත

04th February 2025 14:31:09 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ප්‍රජා සත්කාර වැඩසටහන - 2025 ජනවාරි

යුද්ධ හමුදා සේවාවනිතා ඒකක සභාපතිතුමියගේ සංකල්පයක් මත හා කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනිය සමින්දි වික‍්‍රමරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ 2025 වර්ෂයේ ජනවාරි මසයේදී ප‍්‍රජාසත්කාර වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

ඒ අනුව 2025 ජනවාරි මස 24 වන දින කඩවත රන්මුතුගල ශ‍්‍රී විමලවංශ ළමා නිවාසයෙහි නේවාසික දරුවන් හට පාසල් උපකරණ" සෙල්ලම්බඩු" රෙදිපිළි හා අත්‍යවශ්‍ය භාණ්ඩ ප‍්‍රධානය කිරිමෙන් පසු නේවාසික දරුවන් හට පෝෂ්‍යදායි කෙටි ආහාර වේලක් ලබාදී ඔවුන්ගේ මුවගට සිනහවක් එක්කරන ලදී.

ඉන් පසු 2025 ජනවාරි 25 වන දින උදෑසන කඩුවෙල විල්බට් පෙරේරා අනුස්මරණ වැඩිහිටි නිවාසයෙහි නේවාසික වැඩිහිටියන් සඳහා වියළි සලාක" සනීපාරක්ෂක ද්‍රව්‍ය" රෙදිපිළි හා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමෙන් පසු එහි සිටින නේවාසික වැඩිහිටියන් හට පෝෂ්‍යදායි කෙටි ආහර වේලක් ලබාදෙන ලදී. අනතුරුව එදින දහවල් කාලයේදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරන ලද සිවිල් සේවක මහතුන්ගේ සේවය අගය කිරිමක් වශයෙන් එම සිවිල් කාර්ය මණ්ඩලය වෙත ගෘහඋපකරණ" වීදුරු භාණ්ඩ" වියළි ආහාර හා ඇඳුම්පැලදුම් බෙදාදීම සිදුකරන ලදී.

මෙම ප‍්‍රජා සත්කාර වැඩසටහන් සංවිධානය කිරිමේදී කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික‍්‍රමරත්න මහත්මියගේ මියගිය මව්පියන් වන එච්එල් කරුණාරත්න මහතා සහ රත්නා කරුණාරත්න මහත්මිය විසින් තම නිවසෙහි පරිහරණය කරන ලද ගෘහ උපකරණ හා වීදුරු භාණ්ඩ හා විදුලි උපකරණ විශාල ප‍්‍රමාණයක් පරිත්‍යාග භාණ්ඩ වශයෙන් ලබාදීම සිදුකරන ලද අතර" මීට අමතරව කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා සාමාජිකාවන් විශාල ප‍්‍රමාණයක්ද මේ සඳහා දායකත්වය ලබාදෙන ලදී. 53 වන සේනාංකයේ සේනාංකාධිපති /කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික‍්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත හා කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්ආර් රාසික් ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය මෙම වැඩසටහන් මාලාව සාර්ථක කරගැනීමට මහගු පිටුවහලක් විය.

මෙම වැඩසටහන් මාලාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික‍්‍රමරත්න මැතිණිය ඇතුළු සේවාවනිතා සාමාජිකාවන් සහභාගි වු අතර" කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසුනිළයින් විශාල පිරිසක්ද සහභාගිවන ලදී.