කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව ලෝක ළමා දිනය සමරමින් පාසල් ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන
1 වන බලකායේ බලකාධිපති කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ එච් එම් එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ රෙජිමේන්තු සේවාවනිතා ශාඛා සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ නායකත්වයෙන් යුතුව, 2025 ඔක්තෝබර් 31 වන දින පස්වරු 1500 ට ගනේමුල්ල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ලෝක ළමා දින සැමරුම සහ පාසල් ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.




