Header Sinhala

කමාන්ඩෝ රෙජිමේන්තුව

නොහැක්කක් නොමැත

21st January 2026 11:46:00 Hours

ස්වභාවික විපත්වලින් දැඩි ලෙස පීඩාවට පත් කමාන්ඩෝ සමාජිකයින් සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව විසින් සහන සැලසීමේ ව්‍යාපෘතියක් පැවැත්වීම - 2 අධියර

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මඟ පෙන්වීම යටතේ සහ සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ නායකත්වයෙන් යුතුව සේවාවනිතා ශාඛාවේ සාමාජිකයින්, මෑත කාලීනව සිදුවු සුළි කුණාටු තත්වයෙන් දැඩිසෙල පීඩාවට පත්වු සාමාජිකයින් හට සහන සැලසීම සදහා නිරික්ෂණ චාරිකාවක් හා සහන සැලසීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 23 වන දින පවත්වන ලදී.

දිස්ත්‍රික්ක කිහිපයක ඇතිවු නායයෑම් හා ගංවතුර තත්වයන් නිසා විපතට පත්වුවන් සදහා සහන සැලසීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරන ලදි. එහිදි සේවාවනිතා සභාපතිතුමිය ඇතුළු කණ්ඩායම විසින් නිවාස හා දේපල වලට සිදුවී ඇති හානි නිරික්ෂණය කරන ලද අතර, විපතට පත්වුවන්ගේ සුවදුක් විමසා අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුකරන ලදි. ඇතිවු සුළි කුණාටු තත්වයෙන් දැඩිලෙස පීඩාවට පත්වුවන් ලෙස පහත කමාන්ඩෝ සාමාජිකයින් හදුනාගෙන ඇත.

01. බනි 11 විජේරත්න ඩීඑස්එම් – 2 කරෙ, (රිදීගම) - නිවස යට පාංශු ඛාදනය වි ඇති අතර රතු නිවේදනය නිකුත් කර ඇත.

02. සැරයන් ගුණසේකර කේපීඑස්පී – 3 කරෙ, (කෑගල්ල) - ව්‍යුහාත්මක හානි හඳුනාගෙන ඇති අතර නැවත දැනුම්දෙන තුරු පදිංචි නොවන ලෙස නියෝග කර ඇත.

03. කෝප්‍රල් සෙනරත් එස්පීඑල්එම් – 3 කරෙ, (නෙළුන්දෙණිය) - නායයෑම් හේතුවෙන් නිවසේ බිත්ති හානි සිදුව ඇති අතර නැවත දැනුම්දෙන තුරු පදිංචි නොවන ලෙස නියෝග කර ඇත.

04. කෝප්‍රල් කීර්තිසිංහ ආර්එම්කේ – 3 කරෙ, (කොලොන්ගොඩ) - නායයෑම් අවදානම් සහිත ප්‍රදේශයක් බැවින් නැවත පදිංචි නොකරන ලෙස උපදෙස් ලබාදි ඇත.

05. ලා/කෝ පෙරේරා ජිආර්ඒපීඩී – 1 කරෙ, (මාතලේ) - නිවස අර්ධ වශයෙන් කඩා වැටී ඇති අතර නිවසේ බිත්ති පුපුරා ගොස් ඇත.

06. ලා/කෝ සෙනවිරත්න ඩබ්ලිව්ජීඅයිඑන් – 2 කරෙ, (මහනුවර) - නිවස අර්ධ වශයෙන් නාය ගොස් ඇති අතර, රතු නිවේදනය නිකුත් කර ඇත.

07. ලා/කෝ රණතුංග ඊඩීඩීපී– 3 කරෙ, (කෑගල්ල) - නායයෑම් අවදානම් ප්‍රදේශයක් බැවින් නැවත දැනුම්දෙන තුරු පදිංචි නොවන ලෙස නියෝග කර ඇත.

08. ලා/කෝ වික්‍රමරත්න ඒජීයුජී – 4 කරෙ, (මාතලේ) - නායයෑම් අවදානම හඳුනාගෙන ඇති අතර, රතු නිවේදනය නිකුත් කර ඇත.