Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

උත්තරීතර කැපකිරීම්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකය

ජන්මයෙන්ම උරැම සටන් කාමීත්වය පණගන්වමින් තුන් හෙලයේ ස්වෛරීභාවය හා සුරක්ෂිතතාවය සාක්ෂාත් කිරීම උදෙසා දිවි හිමියෙන් සටන්වැද ලක් මාතාවගේ අනාගත දු දරුවන් වෙනුවෙන් වෙනුවෙන් දිවිදුන් සිංහ රණවිරුවන් සිහිකිරීම උදෙසා ස්මාරකයක් ඉදි කර 1988.09.10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එවකට යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එච් වනසිංහ වීඑස්වී එන්ඩීසී තුමන් විසින් විවෘත කර ඇත.

ස්මාරකය නිර්මාණය කර ඇති අංග වලින් පිළිබිඹු වන අදහස්

1. ස්මාරකයට පිවිසෙන මාර්ගය දෙසට මුහුණලා ඇති සිවුවනක් සිංහ පිළිරෑ තුලින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාංඡානය හා රෙජිමේන්තුවට අවේනික සටන් පාඨය වන —නිර්භීත වේගවත්˜ නිරූපණය වේ.

2. ස්මාරකය ඉදිකර ඇති භූමියේ අතුරා ඇති සුදුවැලිවලින් පවිත්‍රත්වය නිරෑපණය කරයි.

3. ස්මාරකය වටා ජල පොකුණක් ඉදිකර ඇති අතර, එමගින් සමුදුරෙන් වටවු මාතෘ භූමිය මත අභිත හස්තය දරා සිටින රණවිරැවන්ගේ අප්‍රමාණ වු මෙහෙය නිරූපණය කරයි.

4. රණවිරැ පිළරෑ තුන දරා සිටින චතුරස්‍රයේ පැති හතෙරෙහි නිර්මාණය කර ඇති රූපවලින් පාසල් අවදියෙන් පසු තම මවගේ ආශිර්වාදය ලබාගෙන මව් භූමියේ එක්සේසත් බව රැකීම උදෙසා ශ්‍රී ලංකා යුධ හමුදාවට ආධුනික සෙබෙලෙකු වශයෙන් බැදී මුලික යුධ පුහුණුව අවසන් කර සතුරන් සමග සටන් වැද සතුරන් පරාජය කොට ජයග්‍රහණය ලබන රණවිරුවෙකු මගින් සිංහ විරුවන්ගේ නොපසුබට වීරත්වය විදහා දක්වයි.

5. ස්මාරකයේ අවි අතදරා සිටින රණවිරු පිළිරූ තුනක් සතර දිශාවට මුහුණලා සිටින අයුරින් නිර්මාණය කර ඇති අතර, එයින් සිංහ විරුවන්ගේ තීක්ෂණ අවධානය හා සමස්ත භූමිය ආවරණය වන සේ තම වගකීම අභිතව ඉටුකරන බව නිරූපණය කරයි.

6. ස්මාරකයේ රණවිරු පිළිරූ තුන හා දරා සිටින චතුරස්‍රය තද කොළ පැහැයෙන් යුතුව වර්ණාලේප කර ඇති අතර, එමගින් රටේ සියලු ජන කොටස්වල අභ්‍යන්තර හා බාහිර ආරක්ෂාව වෙනුවෙන් සිංහ විරුවන් නිරන්තරයෙන් ඇපකැපව සිටින බවත් සිංහ රෙජිමේන්තුවේ ආවවේනික වර්ණයන් මෙමගින් නිරෑපනය වේ.

7. තවද අනාගත දූ පුතුන් වෙනුවෙන් සාමකාමී නිවහල් දේශයක් උරුමකරදීමේ උදාරතර මෙහෙය වෙනුවෙන් තම තුරුණු දිවිය කැප කළ සිංහ රෙජිමේන්තුවට නිවහල් දේශයක් උරුමකරදීමේ උදාරතර මෙහෙය වෙනුවෙන් තම තුරුණු දිවිය කැප කළ සිංහ රෙජිමේන්තුවට අයත් වීරෝධාර විරුවන් 3862 දෙනෙකුගේ නම් සදා නොමැකෙන අයුරින් ශිලාගත කොට ඇති පුවරු දෙකක් ස්මාරකයට පිටුපසින් ඉදිකර ඇත.

8. ස්මාරකය අභියස පිත්තලින් නිම කරන ලද නෙළුම් මලක ආකෘතියෙන් යුක්ත වූ පහනක් නිර්මාණය කර ඇති අතර, ඉරබැස යන මෙහොතේ විරැවන් සිහි කිරීමේදී බියුගල් නලා හඩත් සමග අලංකාරවත් පහන ප්‍රදීපනය කරනු ලබයි.

9. ස්මාරක භූමියේ ඉදිරිපස ඉතා අලංකාර අයුරින් ජලය විහිදෙන සේ නිර්මාණය කරන ලද වතුර මලකින් සමන්විත ජල පෙකුණක් ස්ථාපිතව ඇති අතර, එමගින් ස්මාරක භුමිය වඩාත් අලංකාරවත් කරයි.