5 වන බලඇණිය වන ශ්‍රී ලංකා සිංහ රේගිමේන්තුව ස්වෙච්ජා බලසේනාවේ ඒකකයක් වශයෙන් 1987.02.01 වන දින ස්ථාපිත කරන ලද අතර මෙම ඒකකය එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ උපදෙස් මත ආරම්භ කරන ලදී.
1986 මුල් භාගයේ සිට මහවැලි අමාත්‍යංශයේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරීන් මහවැලි ව්‍යාපාරය සඳහා යුධ හමුදාවේ ආරක්ෂාව ලබාගනු වස් පවත්වන ලද දීර්‌ඝ සාකච්ජාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඒකකය ආරම්භ කරන ලද අතර, මෙහිදී කඩිනම් මහවැලි ව්‍යාපාරයේ යෝධ ව්‍යාපෘති, ජනපද හා ජනපදිකයින්ගේ පූර් ණ ආරක්ෂාව සැලසීම ප්‍රධාන කාර්‍යභාරය විය. එසේම අනෙකුත් ස්වෙච්චා ඒකක මෙන්ම කටයුතු කිරීමේ වගකීමද ඔවුන් වෙත පැවරී තිබිණි.
අංක 666 ගාලුපාර, කොළඹ මුලස්ථානය කොටගනිමින් රාජකාරි ඇරඹු අතර ලුතිතන් කර්නල් එන්ජී ප්‍රනාන්දු පීඑස්සී - ශ්‍රීලසසබ ඒකකයේ ප්‍රථම අණදෙන නිලධාරී විය. ඒකක ආරම්භයේදී එනම් 1987.02.23 වන දින ප්‍රථම වරට 30 දෙනෙකුගෙන් යුත් භට පිරිසක් ඒකකය වෙතට ඇතුළත් කල අතර, එම භට පිරිස 2 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මූලස්ථානය වෙත පැමිණෙන ලදී. මෙම කාලසීමාව තුළ නිලධාරීන් හා සෙබළුන්ගේ සංඛ්‍යාව ඉහළ ගිය අතර, ඉන්පසුව වික්ටෝරියා සහ කොත්මලේ ව්‍යාපෘතිවල ආරක්ෂාව සඳහා භට පිරිස් යෙදවීය.
මේ වන විට ඒකකයේ, ඒකක අණදෙන නිලධාරී විසින් ක්‍රියාන්විත සහ පාලන රාජකාරීන් ක්‍රමවත්ව සිදුකිරීමේ අරමුණ ඇතිව එවකට සිටි නිලධාරීන් හා සෙසුනිලයින්ගෙන් අඩක් පළමු වරට බලඇණි පුහුණුවීම් සදහා යුධ හමුදා පුහුණු පාසැල මාදුරුඔය වෙත 1987.11.23 වන දින ඇතුළත් කරවීය. එම පුහුණුවීම් 1987.12.17 වන දින අවසන් වූ අතර, එකී භට පිරිස් විසින් අරලගන්විල කණ්ඩායම් මුලය කරගනිමින් නෙළුම්වැව, නිදන්වල, මාදුරුඔය හා දිඹුලාගල යන මහවැලි කලාපයේ නව ජනාවාස ප්‍රදේශවල ආරක්ෂාව භාර ගන්න ලදී.
ඒ වන විට බලඇණි මුලස්ථානයක් නොතිබූ බැවින් මාබෙරියතැන්න, දිගන පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය හා එම භුමිභාගය පවරාගෙන 1987.12.25 වන දින බලඇණි මූලය ලෙසින් රාජකාරි ආරම්භ කරන ලදී.
ඉන් අනතුරුව 1988.11.11 වන දින නව අණදෙන නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එම්බීජේ මහීපාල වැඩ බාරගන්න ලදී. මෙම කාලසීමාවේදී ඒකකය වෙත පැවරී තිබූ මහවැලි ව්‍යාපෘතියේ ආරක්ෂාවට අමතරව රට තුළ පැවති භීෂණකාරී තත්ත්වයන් හේතුවෙන් ගම්පොල, උඩුදුම්බර, දිගන දක්වා යන ප්‍රදේශයන්හි අලුතින් අනුඛණ්ඩ පිහිටුවන ලදී.
වසරක පමණ කාලයකින් පසුව එනම් 1989.05.30 වන දින ඒකකයේ අණදෙන නිලධාරී ලෙස මේජර් ඩබ්එම් කුඩාබංඩා විසින් වැඩ බාරගන්නා ලද අතර එම කාලසීමාවේදී රටේ අභ්‍යන්තර පවතී භීෂණකාරී තත්ත්වයන් ඉතාමත් උත්සන්නව පැවතී අවදියක් විය. මහජනතාවගේ ප්‍රසාදය ඉතාමත් ඉහළ අයුරින් ලැබුණු මෙම කාලසීමාව තුලදී මහවැලි ව්‍යාපෘති හා ජනාවාසවල තිබූ අනුඛණ්ඩයන් ඒ ආකාරයෙන්ම ඉතාමත් සාර්ථක අයුරින් රාජකාරි ඉටුකිරිමට සමත් විය.
1990.02.25 වන දින අණදෙන නිලධාරීව සිටි ලුතිතන් කර්නල් ඩබ්එම් කුඩාබංඩා හෘදයාබාධයක් හේතුවෙන් මියයන ලද අතර අණදීමේ රාජකාරි 1990.02.26 වන දින සිට මේජර් ඒඑම්බී අමුණුගම කේඑස්වී විසින් සිදුකරන ලදී. මෙම වකවානුව වන විට රට අබ්යන්තරයේ ඉතාමත් අවාසනාවන්ත භීෂණකාරී තත්ත්වයන් පැතිරී ගිය අතර අභ්‍යන්තර ආරක්ෂාව සඳහා පෙරමුලය, කෑගල්ල, කේන්ද්‍ර කොටගෙන කුරුවිට, හිගුල, බෝගල, මහියංගනය යන ස්ථානයන්වල අනුඛණ්ඩ පිහිටුවමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා බොහෝ වෙහෙස මහන්සිය විය.
මේ අතරතුර රතු ත්‍රස්තවාදයේ භීෂණකාරී තත්වයන් ක්‍රමයෙන් අවම වූ අතර, උතුරේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සීඝ්‍ර වර්ධනයක් ඇතිවූ හෙයින් 1990.06.23 වන දින 2 වන සේනාංකය යටතේ අංක 386/2, ධර්මපාල මාවත අනුරාධපුරය යන ලිපිනයෙහි මුලස්ථානය ස්ථානගත විය. එහි සිට පලුගස්තුරේ ආසන්න මුහුදු ප්‍රදේශය දක්වා ආවරණය වන පරිදි යාපනය මාර්ගයේ පූනෑව සිට යකාවැව, ගම්මිරිස්ගස්වැව, මල්වතුඔය, කටුපොත, තම්බියව, පේමඩුව, විල්පත්තුව, මරදන්මඩුව, දනමදලව, කලාඔය, නීලබැම්ම, පුලියන්කුලම, එළුවන්කුලම හා පොම්පරිප්පුව දක්වා වූ ඉදිරි ආරක්ෂක වළල්ල ආවරණය වන සේ රාජකාරි ඉටුකරන ලදී.
ඉදිරි ආරක්ෂක වළල්ල ස්ථාපිත කිරීමෙන් පසු ත්‍රස්තවාදීන්ගේ නිරන්තර ප්‍රහාරයන් එල්ල වූ අතර තන්තිරිමලය ප්‍රදේශය ආරක්ෂාව සදහා ස්ථානගත කර තිබූ කටුපොත අනුඛණ්ඩය ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම ඉලක්කයක් වී තිබුණි 1992.07.11 වන දින ත්‍රස්තවාදීන් කටුපොත අනුඛණ්ඩය වෙත ප්‍රහාරයක් එල්ල කල අතර එහිදී එක් නිලධාරියෙකු සහ සෙසුනිල 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඒකකය සතුව තිබූ අවි,පතුරම් සහ වෙඩි ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් විසින් රැගෙන ගොස් තිබිණි.
ඉන්පසු අනුරාධපුරයේ ස්ථානගතකර තිබු ඒකකය 1993.02.15 වන දින පුල්මුඩේ ප්‍රදේශය දක්වා ස්ථාන මාරුවීම් ලද අතර පුල්මුඩේ ඛනිජවැලි සංස්ථා භුමියේදී ස්ථානගත කරමින් 10 කණුව, 11 කණුව, 13 කණුව, 14 කණුව, අර්පත්නගර්, ත්‍රිකුණාමල හන්දිය, තෙන්නමරන්වදිය, කෝකිලායි, හෙලම්බවැව පදවිය හා වාහල්කඩ ප්‍රදේශවල අනුඛණ්ඩ පිහිටුවන ලදී.
1994.06.07 වන දින ඒකක 5 වන අණදෙන නිලධාරී ලෙස මේජර් ජේබී ගල්ගමුව වැඩබාර ගැනීම සිදුවිය. මෙම කාල සීමාව තුලදී කලින් පැවතී රාජකාරි තවදුරටත් ක්‍රමවත් කොට පුල්මුඩේ ප්‍රදේශයේ ආරක්ෂාව උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට හැකිවිය. පසුව 1995.08.26 වන දින ඒකකය වැලිඔය ප්‍රදේශය දක්වා ස්ථාන මාරුවීම් ලද අතර 6 වන බලසේනා මුලස්ථානය යටතේ ජනකපුර, ජනකපුර දකුණ, හාලම්බවැව, තෙන්නමරන්වදිය, කෙතලගම, කම්බිලියාව, 4 කණුව යන ප්‍රදේශයන්හි අනුඛණ්ඩ ස්ථාපිත කළ අතර, නෙළුම්වැව කඳවුර මූලස්ථානය ලෙස පවත්වාගෙන යන ලදී.
සතුරන්ගේ ක්‍රියාකාරකම් සදහා බාධාවක්ව පවතී හාලම්බවැව අනුඛණ්ඩය වෙත විශාල ප්‍රහාරයක් 1996.03.16 වන දින ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද අතර, ඒකකයේ සෙසුනිලයන් 08 දෙනෙකු මියගිය අතර, නිලධාරියෙකු හා සෙබළුන් 07 දෙනෙකුට තුවාල සිදුවිය. ඊට අමතරව අනුඛණ්ඩය තුල තිබූ අවි ආයුධ සැලකිය යුතු ප්‍රමාණයක් ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් අතර මෙම ප්‍රහාරයේදී සිවිල් වැසියන් 04 දෙනෙකුටද තුවාල සිදුවිය.
1992.11.02 දින මේජර් ජේපී කුලතුංග යන ජ්‍යෙෂ්ඨ නිලධාරී අණදෙන නිලධාරී වශයෙන් වැඩ බාර ගත්තේය. මේ වකවානුව තුලදී 224 බලසේනාව ස්ථාපිත කරන ලද අතර, ඒ යටතේ වැලිඔය ප්‍රදේශයේ රාජකාරි ඉටුකරන ලදී. ඉන්පසු මෙම වකවානුව තුලදී ජනකපුර සිට කොක්කුතුඩුවායි දක්වාත්, අනෙක් පසින් ජනකපුර සිට කල්‍යාණපුර දක්වාත් ඉදිරි ආරක්ෂක වළල්ල පුළුල් කොට විශාල ප්‍රදේශයක් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගන්න ලදී. එසේ තිබියදී 1999 ඔක්තෝම්බර් මස අග භාගය වන විට ත්‍රස්‌තවාදීන් විසින් නොනවතින රැල්ල නමින් ක්‍රියාන්විතයක් ආරම්භ කරන ලදී. එය කනගරායම්කුලම් ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර එක් පසකින් මන්නාරම දෙසට දියත් කොට අනෙක් පසින් කනගරායම්කුලම් සිට වැලිඔය දක්වා ප්‍රහාරයන් එල්ල කරන ලදී. මේ සමගම අප ඒකකයේ ප්‍රධාන කඳවුරක්ව පැවති ජනකපුර අනුඛණ්ඩය වෙත 1999.11.07 වන දින සිට පුරා දින 05ක් ප්‍රහාර එල්ල කරන ලදී.
මෙම ප්‍රහාරයේදී කනගරායම්කුලම් ප්‍රදේශයේ සිට මන්නාරම් ප්‍රදේශය දක්වාත්, කනගරායම්කුලම් සිට ජනකපුර දක්වාත් වූ ඉදිරි ආරක්ෂක වළල්ලත් ත්‍රස්තවාදීන් අතට පත්වී තිබූ අවස්ථාවක නොනවතින රැල්ල නම් සතුරු ක්‍රියාන්විතය ජනකපුර ප්‍රදේශයේදී ව්‍යර්ථ කිරීමට අප බලඇණියේ සියලුම අයවලුන් ජීවිත කැපවීමෙන් ක්‍රියා කළෝය.
ඒකකයේ හත්වන අණදෙන නිලධාරි වශයෙන් 2002.05.01 දින මේජර් එච්එම් නවරත්න බණ්ඩාර වැඩ බාරගන්නා ලද අතර, මෙම කාලසීමාවේදී ඒකකයේ ක්‍රීඩා කටයුතු වල පුනර්ජීවයක් ඇතිවිය.
එසේම ප්‍රදේශයේ සියලු සිවිල් පරිපාලන කටයුතු උසස් මට්ටමකින් ඉටුකිරීම නිසා සිවිල් පුද්ගලයන්ගේ සිත් දින ගනිමින් ඒකකයේ කීර්ති නාමය ඉහළ මට්ටමකට ගෙන ඒමට ඔහු සමත් විය. ඔහුගේ ඇවෑමෙන්, ඒකකයේ අටවන අණදෙන නිලධාරී ලෙස මේජර් ඩබ්එම් භද්‍රකුමාර 2005.04.05 වන දින වැඩ බාරගන්නා ලදී. වසර 10 කට අධික කාලයක් වැලිඔය ප්‍රදේශයේ ස්ථානගතව තිබූ ඒකකය 2005.06.19 වන දින ප්‍රදේශ මූලස්ථානය මන්නාරම යටතේ 212 බලසේනාවට අයත් බලඇණියක් ලෙස ස්ථානගත විය.
මේ කාලය වන විට මන්නාරම බල ප්‍රදේශයේ 1 කාර්‍යය සාධක බලකාය ස්ථානගත කරමින් මන්නාරමට බටහිරින් පිහිටි සිලාවතුර ප්‍රදේශයේ සහ උතුරු ප්‍රදේශය මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ කිරීමට අවැසි වූ මුලික අවශ්‍යතාවයන් වන භට පිරිස් හා අනෙකුත් යුධ උපකරණ එක් රැස් කරමින් යුධ සැලසුම් සකස් කරමින් මන්නරම බල ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාපයක් බවට පරිවර්තනය වෙමින් පැවතී වකවානුවක් විය. 2007 ජනවාරි මස වන විට සිරිනාවක්කුලම් ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ ස්ථානගත වෙමින් රාජකාරි කරන ලද ඒකකය සතුරු ක්‍රියාකාරකම් අඩපණ කිරීමෙහිලා වෙහෙස මහන්සි විය.
සිලාවතුර මුදාගැනීමේ මෙහෙයුම සාර්ථකව නිම වීමෙන් පසුව 1 කාර්‍ය සේනා බලකාය 58 සේනාංකය ලෙස ස්ථාපනය කල අතර මෙම ඒකකයද 58 සේනාංකය සමගින් එවකට අධි ආරක්‍ෂිත කලාපයෙන් උතුරු දෙසට ආරම්භ කර තිබූ මෙහෙයුම් සඳහා ඍජුවම දායක වෙමින් ඉදිරියට ගමන් කළෝය.
මෙම වකවානුවේදී ඒකකයේ සිදුවූ විශේෂිත සිදුවීමක් ලෙස මේ දක්වා ඒකකයට අණදුන් ලුතිතන් කර්නල් ඩබ්එම් භද්‍රකුමාර වෙතින් මේජර් කේජිජිඑස් පෙරේරා ඒකකයේ නමවන අණදෙන නිලධාරී ලෙස අණදීම බාරගන්නා ලදී. පසුව ක්‍රියාන්විත අවශ්‍යතාවය මත ඒකක මුලස්ථානය පෙරියනවක්කුලම් හි ස්ථානගත කරමින් අඩම්පන් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා මෙම ඒකක භට පිරිස් 58 සේනාංක භටපිරිස් සමග ඉදිරි ක්‍රියාන්විතයන්හි නිරත විය.
ඉන් පසු අඩම්පන් ප්‍රදේශය මුදවා ගැනීමත් සමග වෙඩිතලතිවු ප්‍රදේශය මුදා ගැනීම සදහා ඉදිරියට ඇදුනු භට පිරිස් මන්නාරම නගරයට ඇතුළුවීමට ඇති ප්‍රධාන සැපයුම් මාර්ගයේ දිය පැන්නුමෙහි ආරක්ෂාව සදහා යොදවන ලද අතර අනෙකුත් කණ්ඩායම් තිරුකේතිස්වාරම් සිට ඉලප්පකදචේලි දක්වාවූ ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ ස්ථානගත කරන ලදී.
පසුව මෙම ඒකකය 215 බලසේනා මුලස්ථානය යටතේ සෙම්මන්තිවු ප්‍රදේශයේ ස්ථානගත කරන ලද අතර මල්වතුඔය පාලමේ සිට තල්අඩි දක්වා වූ A14 ප්‍රධාන සැපයුම් මාර්ගය ආරක්ෂා කිරීමට එවකට ඒකකය වෙත පැවරුණු ප්‍රධානම වගකීම විය. එම මාර්ගය ඔස්සේ උතුර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේ භටපිරිස් ප්‍රවාහනය කිරීම හා අවි ආයුධ සහ අනෙකුත් අවශ්‍ය සියලු භාණ්ඩ ප්‍රවාහනය සිදුවූ බැවින් හා මාර්ගයට දකුණු ප්‍රදේශය වන සිලාවතුර , මූසලි ප්‍රදේශයන් ඔස්සේ විල්පත්තු වනාන්තරය විහිදී ඇති බැවින් එම ප්‍රදේශයන් වෙතින් පැමිණිය හැකි ත්‍රස්තවාදි ප්‍රහාරයන් මැඩ පැවැත්වීම සදහා ක්‍රියා කිරීමද ඒකක වෙත පැවරුණු වගකීමක් විය.
ඉන්පසු මෙම ඒකකය මන්නාරම් ප්‍රදේශයෙන් ඉවත්ව, නැවත වතාවක් උතුර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමට සම්බන්ධ විය. 2009.02.09 දින සිට 57 වන සේනාංකය යටතේ 573 බලසේනාවේ ඒකකයක් ලෙසින් විශ්වමඩු ප්‍රදේශය මුලස්ථානය කරගනිමින් ඉදිරියට ඇදෙන ක්‍රියාන්විතයන්හි දෙවන ආරක්ෂක වලල්ලේ ස්ථානගත වන ලදී. මේ වන විට වන්නි මානුෂීය මෙහෙයුම ඉතා තීරණාත්මක අවදියක පැවති අතර, ඒකක ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකකයේ සියලුම භටපිරිස් පැයක පමණ කාලයක් තුල ගුවන් මගින් විශ්වමඩු සිට මුලතිවු කොමලමනේ වෙත රැගෙන එන ලද අතර ඉන්පසු 59 සේනාංකය යටතේ 593 බලසේනාවේ ඒකකයක් ලෙස ස්ථානගත විය. පසුව පවතී ක්‍රියාන්විත තත්වයන් මත 595 බලසේනාවට අයත් ඒකකයක් ලෙස නයාරු ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ ස්ථානගත විය.
මෙම වකවානුව තුල මුහුදු මාර්ගයෙන් පැමිණ නයාරු කලපුවෙන් ගොඩබිමට ඇතුළුවී යුධ හමුදා ක්‍රියාන්විතයන් අඩපණකිරීමේ හා මුලතිව් නගරය යළි අත්පත් කර ගැනීමේ චේතනාවෙන් මරාගෙන මැරෙන බෝට්ටු මගින් ප්‍රහාර එල්ල කර ගොඩබිමට ඇතුළු වීමට උත්සාහ දරූ එල්ටීටීඊ බෝට්ටු විශාල ප්‍රමාණයක් ඒකක බල ප්‍රදේශය තුලින් ඇතුළු වීමට නොදී පලවා හැරීමට ඒකකයට හැකි විය.
එමෙන්ම දිනෙන් දින ඉදිරියට ඇදෙන මානුෂීය මෙහෙයුම් හි භට පිරිස් ඉදිරි ප්‍රදේශයෙන් සියතට නතුකර ගැනීමත් සමගම නයාරු දකුණු ප්‍රදේශයේ ස්ථානගතව තිබූ මෙම ඒකකය 2009.04.09 වන දින සිට 59 සේනාංකයට අයත් 594 බලසේනාව යටතේ නයාරු ප්‍රදේශයේ ස්ථානගතවූ අතර, වර්තමානයේදී එම ප්‍රදේශයේ ස්ථානගතව සිටි. මෙම ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් ප්‍රදේශයක් වන අතර ඔවුන්ගේ ප්‍රධාන කඳවුරු පද්ධතියක් වූ “14 බේස්” කඳවුරු සංකීර්ණය මෙම ප්‍රදේශය පුර විහිදී පවතී. එම ප්‍රදේශයේ මුදවාගත් ප්‍රදේශයන් නිසැක කිරීමේ පාඨමාලාව හදාරා ඇති මෙම ඒකක භටපිරිස් යොදවා නිසැක කිරීම ඒකකය වෙත පැවරී ඇති ප්‍රධානම වගකීම වේ.
එමෙන්ම මෙම කාලය තුලදීම නව ඒකක ස්ථාපනය කිරීම යටතේ අරඹ කරනු ලැබූ 17, 18, 19 හා 22 සිංහ රෙජිමේන්තු වෙත මෙන්ම, නිත්‍ය හමුදාගත කිරීම් යටතේද ඒකකයට අයත් නිලධාරීන්/ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් එම ඒකකයන් වෙත ඇතුළත් කිරීමද සිදුවිය.
බලඇණියේ ඉතිහාස සිදුවීම් හේතුවෙන් වර්තමානයේදී ගොඩනැගී තිබූ විශ්වාසය මත යුද්ධ හමුදාධිපතිතුමාගේ නියෝග අනුව 2008.02.17 වන දින ක්ෂණිකව මාන්කුලම් ප්‍රදේශයෙන් මිදී පැයක පමණ කාලයක් තුල ගුවන් මගින් ඒකක භට පිරිස් සියලු දෙනා මුලතිවු ප්‍රදේශයේ පැවති අවසන් සටනට දායක වීම සඳහා කොමලමනේ වෙත ස්ථාන මාරුවීම් ලබා 59 සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන් උඩවත්ත ගේ නායකත්වයෙන් 594 බලසේනාවේ ආරම්භක දිනයේදී එම බල සේනාවේ ප්‍රථම බලඇණිය ලෙස අලම්පිල් ප්‍රදේශයේ වෙරල ආරක්ෂක තීරයේ ස්ථානගත විය.
අවසාන මෙහෙයුමේ අලම්පිල් ප්‍රදේශයේ ස්ථානගත වීම
මෙම ප්‍රදේශය එල්ටීටීඊ සංවිධානයේ මහුදු කොටි නායකයාව සිටි සුසෙයි නිරතුරුව ගැවසුණු ප්‍රදේශයක් වන අතර කිහිප වතාවකදීම ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝට්ටු උපයෝගී කරගනිමින් ප්‍රබල ප්‍රහාර කිහිපයක් හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත එල්ල කලද, භට පිරිස් විසින් ව්‍යර්ථ කිරීමෙන් ඉදිරි ආරක්ෂක වළල්ල දෙකඩ කිරීමේ ප්‍රයත්නය අසාර්ථක විය. එසේම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් වෙත මෙහිදී දරුණු ප්‍රහාර එල්ල විය.
මින් අනතුරුව 2008.04.09 වන දින අලම්පිල් ප්‍රදේශයෙන් බැහැරව, නයාරු කලපුව ආශ්‍රිතව පිහිටි සුගන්දන් බේස්, නිතු බේස් වැනි එල්ටීටීඊ කඳවුරු පිහිටි ස්ථානයන්හි භට පිරිස් ස්ථානගත වුහ.
මේවන විට යුධ හමුදාව විසින් මානුෂීය මෙහෙයුම විජයග්‍රාහී ලෙස නිමාවට පත්කළ අතර එම වකවානුව වන විට ඒකකය 593 හා 595 බලසේනාවන් යටතේ ස්ථානගත වෙමින් සිය රාජකාරීන් නොපිරිහෙලා ඉටුකළහ. අනතුරුව විජයග්‍රහනයෙන් පසුව ආරක්ෂක සේනා මුලස්ථානය මුලතිව් හි ස්ථාපිත කල අතර 59 සේනාංකයට අයත් 593 බලසේනාවේ ඒකකයක් වශයෙන් ආසෙමු (මුලතිව්) යටතේ රාජකාරී කරමින් සිටියදී නයාරු ප්‍රදේශයෙන් මිදී 2008.11.09 වන දින සිට ආන්දම්කුලම් ප්‍රදේශයේ පිහිටි ත්‍රස්තවාදීන් වෙතින් සියතට පත්කරගත් කඳවුරක් තුල ස්ථානගත විය. 2009.02.17 දින සිට මේ දක්වාම 59 සේනාංකයේ හා 593 බලසේනාවේ ඒකකයක් ලෙසින් ආරක්ෂක සෙන මුලස්ථානය මුලතිව් බලප්‍රදේශය තුල ස්ථානගතව සිටි, වසර 24ක ක්‍රියාන්විත ඉතිහාසය තුල ක්‍රියාන්විත රාජකාරීන් හේතුවෙන් ඒකක නිලධාරීන් දෙදෙනෙකු හා සෙසුනිලයින් 120 දෙනෙකු සහ සෙසුනිලයින් 55 දෙනෙකු තුවාල ලැබීය.
මානුෂීය මෙහෙයුම නිමාවත් සමගම ඒකකය මුලතිවු ආන්දම්කුලම් ප්‍රදේශයේම රැඳෙමින් රාජකාරි ඉටුකරන ලද අතර මෙතෙක් කලක් ඒකකය වෙත මහඟු සේවාවක් ඉටුකළ ලුතිතන් කර්නල් කේජිජිඑස් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී අණදෙන නිලධාරි විසින් නි/3616 ලුතිතන් කර්නල් එස්එච්එස් සමරකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත භාරදෙන ලදී.