Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

1818 බිතාන්‍ය හමුදාවට විරුද්ධව සිංහල හමුදාව ගෙනගිය කැරැල්ලෙන් මවිතයට පත් වූ බ්‍රිතාන්‍ය යුද හමුදාව කන්ද උඩරට අවට ප්‍රදේශවල මාතලේ, බදුල්ල බලකොටුව පිහිටුවා ඔවුන්ගේ අශ්වාරෝහක හමුදාව නොහොත් මවුන්ටන් රයිෆල් රෙජිමේන්තුව ස්ථාන ගතකරන ලදී. වැලිමඩ ප්‍රදේශයේ ඇති විල්සන් බලකොටුවේ අශ්ව ගාල් මෙයට සාක්ෂි සපයයි.

බ්‍රිතාන්‍ය ජාතිකයින් ගෙන් සැදුම්ලත් “මවුන්ටන් රයිෆල් බලකාය“ මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීම තවදුරටත් බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට බාධාවක් වු බැවින්, බ්‍රිතාන්‍යන් විසින් 1865 දි ශී ලාංකික අයවලුන්ට බැදිය හැකි ලාංකිකයිගෙන් සැදුම්ලත් ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට “සිලොන් රයිෆල් රෙජිමේන්තුව“ පිහිටවනු ලැබීය.

1954 එවකට අගමැති ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ සංකල්පයක් මත 2 (සෙව්)ශ්‍රී ලංකා පාබල හමුදාවේ සි කණ්ඩායම “රජරට රයිෆල්“ නමින් මහනුවර ස්ථාන ගතවන ලදී. 1956 සර් ජෝන් කොතලාවල මැතිතුමා පරදවා බලයට පැමිණි එස්ඩබ්ආර්ඩි බණ්ඩාරනායක මැතිතුමා විසින් එවකට යුද හමුදා පතිව සිටි මේජර් ජෙනරාල් ඇන්ටන් මුතුකුමරු කැදවා ඡන්දය පැවති කාලසිමාව තුළ රජරට රයිෆල් බලකාය සර් ජෝන් කොතලාවලට පක්ෂපාති වූ බැවින් එම රෙජිමේන්තුව විසුරුවා හරින ලෙස දන්වන ලදි.

පසුව යුධ හමුදාපතිගේ කරුණු පැහැදිලි කිරීම මත එම රෙජිමේන්තුව විසුරුවා හැර 1956 ඔක්තෝම්බර් මස 01 වන දින රජරට රයිෆල් නමින් පැවති 2 (සෙව්) බපඇණිය සිලෝන් සිංහ රෙජිමේන්තුව ලෙස මහනුවර ස්ථානගත විය. මෙම බලඇණියට සිංහ යන යෙදීමට යෝජනා කරන ලද්දේ ද අගමැති එස්ඩබ්ආර්ඩී බණ්ඩාරනායක විසිනි.

රුහුණු රෙජිමේන්තුවේ පැවැත්ම 1957 දි අඩාල වුවත් 1958 දි ජාතිවාදි කලබල උත්සන්න වීමත් සමග නුවර පිහිටි ලංකා සිංහ රෙජිමේන්තුව (ස්වේච්ඡා) වෙත අනියුක්ත කෙරුණු අතර, පසුව ඔවුහු මෙම ඒකකයට අයත් නිලධාරී හා සෙසුනිලයින් ලෙස දකුණු පාළාතේ විවිධ රාජකාරීන්වල නිරත වූහ.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද මහනුවර ප්‍රදේශයේ පිහිටි හමුදා සංකිර්ණයට අයත් වු ඉපැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් ගොඩනැගිලි කිහිපයක් වර්තමානයේ ද මෙම ඒකකය භාවිතයට ගනි. බළඇණි මුලස්ථානය හා කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල දෙවන ලෝක සංගාමයේ සිට පැවත එන අතර, දිලෝන් මවුන්ටන් රයිෆල් රෙජිමේන්තුවේ භට නිවාස හා අස්ථාල ද මෙහි තිබී ඇති බවට සාකෂි ලැබී ඇත.ශ්‍රි ලාංකීය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන නායකයන් වූ ආචාර්ය එන්එම් පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන හා එච්එමි වික්‍රමරත්න යන නායකයන් සිරකිරීම සදහා මෙම ගොඩනැගිල්ලේ සමහර කොටස් සිරකුටි ලෙසින් සකස් කර ඇති අතර, එම සිඑමැදිරි දැනට යම් යම් වෙනස්කම්වලට භාජනය වි ඇතත්, අදට ද එලෙසින්ම දැකගත හැකිය.

බළඇණි මුලස්ථන ගොඩනැගිල්ල
වර්තමාන නිලධාරි නිවස්නය පිහිටා ඇති ගොඩනැගිල්ල 1835 දි ගොඩනගන ලද්දකි. බිත්තිය අඩි 3 1/2 පමණ ඝණකමින් යුක්ත වන අතර, ගොඩනැගිල්ල තුළට ස්වාභාවිකවම වාතාශ්‍රය ලැබෙන පරිදි ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකසා ඇත.

එවකට යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරාල් එඑම් මුතුකුමරු, අණදෙන නිලධාරි ඇතුළු නිලධාරීන් එක්ව ගත් සමුහ ඡායාරූපයක්

1958 වර්ෂයේදී රජයේ පැවති වාර්ගික අර්බුස සමයේ දී නිකිය හා සාමය ආරක්ෂා කිරීම වස් එකකය විශාල මෙහෙවරක් සිදු කළේය. මෙම කාලයේදී ඒනන භට පිරිස් යාපනය, මහනුවර, ගම්පොල, මාතලේ, බලංගොඩ, රත්නපුර, කුරුණැගල හා නාවලපිටිය යන ප්‍රදේශයන්හි රාජකාරීයේ නියැළිනි.

1958 වර්ෂයේදී ස්විස් හෝටලය රජයට පවරා ගන්නා ලද අවස්ථාවේදී එම ගොඩනැගිල්ලට මුලස්ථානය, නිලධාරී නිවස්නය සහ භට නිවාස ගෙනයන ලද අතර, අනෙකුත් භට නිවාස හා පුහුණු පෙදෙස රජවීදිය කදවුරේම පිහිටියේය. ස්විස් හෝටලයේ වු දුරකථන අංකය 282 නිසා එම ස්ථානය 282 කදවුර ලෙස හැදින්විය.

කෙසේ වෙතත් සැපපහසු හා ඉඩකඩ ඇති ස්විස් හෝටලය අයිතිකරුට ආපසු භාරදුන් අතර, ඒ සමගම ඒකකය පෙර තිබූ ස්ථානයට ගෙනයන ලදී. නිලධාරී නිවස්නය බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ගොඩනගන ලද අස්ගිරිය පෙදෙසෙහි මවුන්ට් එයරි නම් පැරණි හමුදා බංගලාවට ගෙනයන ලදී.

එකල පරණ බදුල්ල පාරේ හාරගම ප්‍රදේශයේ පිහිටි වතුයායේ දෙවන ලෝක යුධ සමයේ පැවති හමුදා කදවුරු භූමියක් විකල්ප පුහුණු පොදසක් ලෙස භාවිත කරන ලදී. මෙතෙක් කාලයක් කලකු අණදෙන නිඅලධාරී වශයෙන් රාජකාරී කරන ලද ලුතිතන් කර්නල් එස්ඩි රත්වත්ත ජ්‍යෙෂ්ඨ නිලධාරී අදාළ තනතුරෙන් සමුගත් අතර, 1963.05.01 දින නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් ඒවී රත්වත්ත පත්වන ලදී.

මහනුවර හාරගම වතුයායේ සිදුකරන ලද බළඇණි පුහුණුවීම් අතුරතුරදී

එතෙක් පැළදි පොදුසේවා බලකා ලාංඡනය වෙනුවට සිංහ ලාංඡනය පැළදීමත්, රෙජිමේන්තු වාදනය ලෙසින් වාදනය භාවිත කිරීමත් 1963 දී කොළඹදී පැවැති නිදහස් දින පෙළපාලියේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ පථමවරට රට වෙරළු පැහැති නිල ඇදුම 1 සහ 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් ඇදීමත් මෙකල සුදුවු වැදගත් සිදුවීම් කිහිපයකි.

මහනුවරදී පවත්වන ලද නිදහස් දින සමරු පෙළපාලිය සදහා සහභාගී වූ බළඇණි භට පිරිස්

ලුතිතන් කර්නල් එවී රත්වත්තේගෙන් පසු 1967.05.01 දින ලුතිතන් කර්නල් ජිඩි නුගවෙල ඊඩි අණදෙන නිලධාරී තනතුරට පත්විය. බළඇණියේ නිලධාරී සහ සෙසුනිලයින්ගේ විවිධ සුභ සාධන කටයුතු වෙනුවෙන් නවතම ඉදිකිරීම ක්‍රියාමාර්ග ගැනීමට නව අණදෙන නිලධාරී හට හැකිවිය. 1969.10.01 දින 3 වන (ස්වේච්ඡා) බළඇණිය පිහිටුවන ලද අතර, ඒ සදහා ඒකකයේ නිලධාරීන් 02 දෙනෙකු සහ සෙසුනිපයින් 50 දෙනෙකු සහභාගි කරවන ලදී.

මෙකලදී රට තුළ නිතර නිතර විවිධ වැඩ වර්ජන හා අරගල ඇතිවිය. ඒ අතර වතුසේවක, දුම්රිය හා බස් සේවක, ඛණිජතෙල් සේවක, විදුලිබල සේවක හා වරාය සේවක වැඩ වර්ජන යනාදිය නිසා රට තුළ ව්‍යාකූල තත්ත්වයත් ඇති වුණි. නිතිය හා සාමය ආරක්ෂා කරමින් මෙම වැඩවර්ජනවලදී අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට විශාල මෙහෙයක් ඒකක භට පිරිස් වෙතින් ඉටුකරන ලදි.

කොළඹ ලේක්හවුස් ගොඩනැගිල්ල ඉදිරියෙන් ගමන් ගන්න ඒකක පෙළපාලියක්

1970.05.01 දින ලුතිතන් කර්නල් එම් නුගවෙල බළඇළණියෙහි අණදෙන නිලධාරී තනතුරට පත්විය. කදවුර තුළ විශාල සංවර්ධන කටයුතු කිහිපයක්ම මොහුගේ කාලසීමාව තුළ සිදුවිය. ඉපැරණි ගොඩනැගිලිවලට කිසිදු හානියක් නොවන පරිසි ඒවා ප්‍රතිසංස්කරණය කොට සංරක්ෂණය කිරීමත්, නව ගොඩනැගිලි ඉදිකිරීමත් මේ යටතේ සිදුවිය. 1971 වර්ෂයේදී කදවුර හරහා වු පොදු මාර්ගය වසා දමා එම භූමි භාගය ද කදවුර වෙත ලබාගැනීමට මෙහිදී හැකිවිය.

70 දශකයේ මුල් භාගයේදී දකුණේ දේශපාල ක්‍රියාකාරකම් මත රටතුළ විවිධ නොසන්සුන්තාවන් ඇතිවී පරිපාලනයට බාධා ඇතිවිය. 1970 වර්ෂයේදී ලංකා ඛණිජ තෙන් සංස්ථා සේවකයින් විසින් දියත් කරන ලද වැඩ වර්ජනය නිසා අතයවශය සේවාවන් රැසක් අඩපණ විය. මෙම කරුණු හේතුවෙන් 1971 දි ඒකක නිලධාරී සහ සෙසුනිලයින් මුළුමනින්ම සක්‍රිය සේවයට කැදවන ලදී. කැරලිකරුවන් මර්දනය කිරීම සදහා ඒකක භට පිරිස් තුල්හිරිය, මාතලේ, කුරුණැගල, කෑගල්ල, දඹුල්ල, කැකිරාව, වැදවච්චිය, ගල්ගමුව, මහව සහ ගලගෙදර යන ප්‍රදේශවල ස්ථාන ගතකරන ලදී. තුල්හිරිය අනුඛණ්ඩයට නොසිතු මෙහොතක එප්ප කළ ජවිපෙ ප්‍රහාරයෙන් මාණ්ලික සැරයන් ජෝතිපාල එච්ආර් මියයන ලදී. ඔහු ඒකකයේ මියගිය පළමු සොල්දාදුවා සේම ජවිපෙ අරගලයෙන් මියගිය පළමු යුධ හමුදා සෙසුනිලයාද වන්නේය.

1973.04.30 දින අණදෙන නිලධාරී තනතුරෙන් සමුගත් ලුතිතන් කර්නල් ඒඩි නුගවෙල ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවට ලුතිතන් කර්නල් සිඑන් පානබොක්කේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වැඩභාර ගන්නා ලද්දේ 1973.05.01 දිනදීය. මෙම බළඇණියෙහි අණදෙන නිලධාරී තනතුරට පත් පථම 2 (සෙව්) ශී ලංකා සිංහ රෙජිමේන්තුව නිලධාරී වශයෙන් ද එතුමා ඉතිහාසයට එක්වෙයි. ඒකකයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවාවත් ඉටුතිරීසට දමත් වූ මෙම ජේයෂ්ඨ නිලධාරී කිඩා කටයුතුවලින් බළඇණිය උසස් ස්ථානයකට රැගෙන යාමට සමත්විය.

1976 වර්ෂයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ රාත්‍රි ආලෝක විදුලි මධ්‍යයේ පෙළපාලියක් පැවැත්වූ පළමු ඒකකය වශයෙන් මෙම ඒකකය ඉතිහාසයට එක්වෙයි. එවකට යුධ හමුදාපති මේජර් ජෙනරාල් සේපාල ආටිගල ජ්‍යෙෂ්ඨ නිලධාරී එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

ලංකා ඉකිහාසයේ ප්‍රථම වතාවට පවත්වන ලද රාති පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි එවකට යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරාල් ඩිඑස් ඇටිගල සම්මාන මුරය පරික්සමින්

එම වර්ෂයේදීම ශ්‍රී ලංකාවේ පැවති නොබැදි ජාතීන්ගේ සමුළුවට පැමිණි රාජ්‍යය නායකයින්ගේ තාවකාලික අධිසහායක/පරිවාරක නිලධාරීන් ලෙස මෙම ඒකක නිලධාරීන්ට සහභාගි විමේ අවස්ථාන උදාවිය. ඒ අනුව ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාගි මැතිතුමාගේ මෙන්ම ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාණ්ජුකාරතුමාගේ ද රාජකාරී සදහා ඒකක නිලධාරීන් යෙදවීය.

නොබැදි ජාතීන්ගේ සමුළුවේ රාජ්‍ය නායකයින්ගේ අධිසහයක සහ පරිවාරක නිලධාරීන් ලෙස සහභාගි වු මෙම බළඇණි නිලධාරීන්

1977 වර්ෂයේ ඇති වු ජාතිවාදී කෝලාහල මැඩපැවැත්වීම සදහා ඒකක භට පිරිස් නෝටන්බ්‍රිජ්, මස්කෙඝළිය, පුස්සැල්ලෑව, ගලහා, මඩොල්කැලේ, නත්තරන්පොත, පොල්ගොල්ල, වත්තේගම, තෙල්දෙණිය හා බොක්කාවල වැනි ප්‍රදේශයන්හි ස්ථානගත කරන ලදී. මීට අමතරව 1979 වර්ෂයේදී ඇති වු වැඩවර්ජනය හේතුවෙන් කිරිමැටියා කන්ද සන්නිවේදන කුලුනේ ආරක්ෂාව සදහා ද භට පිරිස් යොදවන ලද අතර, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, පොල්ගොල්ල, උකුවෙළ, රන්ටැඹේ ආදී ජලාශවල ආරක්ෂාව සදහාද භට පිරිස් යොදවන ලදී.

මෙම කාලය තුළ සිදු වූ තවත් විශේෂ සිදුවීමක් වනුයේ ලෝකඩ වලින් නිමවා ඇති අශ්වයෙකු පිට නැග සිටින රයිෆප් සෙබළාගේ පිළිරුව ඒකකය වෙත රැගෙන ඒමය. මෙය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන ඊඩි තෝමස් මාණියන්ගේ ධන පරිත්‍යාගයෙන් නිර්මාණය කර ලංකා රයිෆල් රෙජිමේන්තුවට ලද පරිත්‍යාගයෙන් නිර්මාණය කර ලාංකා රයිෆල් රෙජිමේන්තුවට ලද පරිත්‍යාගයක් ලෙස ලබා දී ඇති අතර, මෙය 1907 රැජිණ හෝටලය ඉදිරියේ දළදා මාළිගාව දෙසට වන්නට ඇති බිම්කඩෙහි ස්ථානගතකර තිබූ අතර 1974 මහනුවර නගරය පුළුල් කිරීමේ ව්‍යාපෘතියට සමාගාමීව මෙය එම ස්ථානයෙන් ඉවත්කර මහනුවර “වේල්ස් පාර්ක්” උද්‍යානයේ කෙළවරක තබා ඇත. මෙය දුටු කපිතන් ඒඑම්බී අමුණුගම අණදෙන නිලධාරීගේ අනුමැතිය මත දොඹකර හා ඉංජිනේරු සහාය ලබාගෙන කදවුර වෙත ගෙන එන ලදී.

විශාල සේවාවක් ඉටුකළ හිටපු අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සිඑන් පානබොක්ක ජ්‍යෙෂ්ඨ නිලධාරී අණදෙන නිලධාරී තනතුරෙන් සමුගත් අතර, ඔහුගේ ඇවෑමෙන් 1975.11.01 දින ලුතිතන් කර්නල් එක්පිඩි පැල්පොල ජ්‍යෙෂ්ඨ නලධාරී අණදෙන නිලධාරී තනතුර සදහා පත්විය. මෙම කාලය තුළදි ද රට තුළ පැවති අහිතකර තත්ත්වයන් හමුවේ රාජකාරී කරන ලද භට පිරිස් ක්‍රීඩා කටයුතු සදහා ද සහභාගි වී ජයග්‍රහණ ලබාගත්තේ ලංකා සිංහ රෙජිමේන්තුයට මහත් වු ගෞරවයක් ගෙන දෙමිනි. ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාව මගින් පැවැත්වැවූ හොදම බළඇණිය තෝරාගැනීමේ තරගයේදී මොහුගේ අණදීම යටතේ ඒකකය දෙවරක්ම සර් ජෝන් කොතලාවල අභියෝගතා කුසලානය දිනා ගැනීමට සමත්විය.

1983 ජුලි මස ඇති වු ජනවාර්ගික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුළුල් ව්‍යාපෘතියක් සිදුවිය. ඒ අනුව මෙම ඒකකයේ කණ්ඩායම් සහ අණුඛණ්ඩ පලාලි, වවුනියාව, අලිමංකඩ, යාපනය, රන්දෙණිගල, කොත්මලේ, දියතලාව, මාදුරුඔය හා මින්නේරිය ආදි ප්‍රදේශයන්හි රාජකාරි සදහා යොදාවන ලදී. එවකට අලිමංකඩ හා වැල්වැටිතුරේ, මන්නාරම වැනි ප්‍රදේශයන්හි ඇති වු ත්‍රස්තවාදී ප්‍රහාර මැඩපැවැත්වීම සදහා ද ඒකකය දායකත්වය සපයන ලදී.

1985.11.01 දින අණදෙන නිලධාරී තනතුරෙහි රාජකාරි භාරගන ලැබුවේ ලුතිතන් කර්නල් ඕබී කුලසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසිනි. මේ කාලයේ දී රට තුළ දෙවන වතාවටත් ජවිපෙ අරගලය පටන්ගන්නා ලදි. එම අරගලය මැඩලීම සදහා මහනුවර, මාතලේ, බදුල්ල යන දිස්ත්‍රික්කවල ඒකක භට පරිස් ස්ථාන ගත කරනු ලැබු අතර එම ප්‍රදේශවල සාමකාමී ජනජිවිකය පවත්වාගෙන යාමට, රාජ්‍ය දේපළ ආරක්ෂා කරගැනීමටත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමටත් ඒකකය මහගු සේවයක් සලස්වා දෙන ලදි.

1987 වර්ෂයේදී කැරලිකරුවන් විසින් දකුණේ කලබලකාරී තත්වයක් ඇති කළ අතර මෙම ඒකකය ඊට සාර්ථකව මුහුණ දෙමින් රටේ නීතිය හා සාමය ආරක්ෂා තිරීමට සහය වුණි. මෙම කාලය තුළ ඒකක හට පිරිස් මහනුවර, බදුල්ල, වැලිමඩ, කැගල්ල හා අනුරාධපුරය වැනි ප්‍රදේශයන්හි අණුඛණ්ඩ ස්ථානගත කරගනිමින් රාජකාරි කළෝය.

රටේ පැවති ජවිපෙ අරගලය නිමාවෙනවාත් සමගම 1989 අග භාගය වන විට ඒකක භට පිරිස් සියලු දෙනාම වන්නි ප්‍රදේශයේ එල්ටීටීඊ ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්වලට විරුද්ධව ක්‍රියා කිරීමට ස්ථානගත කරන ලදී. 1989.11.01 දින ඒකක නව අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එස්වි පානබොක්කේ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් භාරගත් අතර, කාලය තුළ දෙවන ඊලාම් යුද්ධය ආරම්භ වු අතර සියලු ඒකක භට පිරිස් අනුරාධපුර 2 වන සේනාංකය යටතේ වවුනියාව ඉදිරි ආරක්ෂක වළල්ලෙහි ස්ථාන ගත කරන ලදී. මෙහිදී සිහිපත් කළයුතු විශේෂ කරැණක් වනුයේ ඒකක භට පිරිස් පළමු වතාවට ඉදිරි ආරක්ෂක වළල්ලෙහි ස්ථාන ගතවන ලදී. මෙම කලවකවානුව තුළදී එල්ටීටීඊ ඉදිරි ආරක්ෂක වළල්ලට දැඩි ප්‍රහාර දියත් කර ඔවුන්ගේ බංකර් මෙන්ම එම භූමි ද අත්පත් කරගැනීමට මෙම ඒකක භට පිරිස්වලට හැකියාව ලුබුණි. මෙම හේතුව නිසාම ඒ 9 මාර්ගයේ සිට තාණ්ඩිකුලම් දක්වා ප්‍රදේශය අල්ලා ගන්නා ලදී.

තවද 1990 පල්ලේකැලේ ප්‍රදේශයේ පැවැත් වූ “ගම් උදාව” නිල වශයෙන් විවෘත කිරීමට පැමිණි එවකට ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වූ ශ්‍රීමත් ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා වෙත මෙම ඒකක භට පිරිස් විසින් සම්මාන පෙළපාගියක් පිළිගන්වන ලදී.

එවකට අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාම මැතිතුමා බළඇණිය වෙතින් පිරිනමන ලද සම්මාන මුරයක් පරික්ෂා කරමින්

පසුව ලුතිතන් කර්නල් එස්වි පානබොක්කේ වවුනියාව නගරය භාර නිලධාරී ලෙස ද කටයුතු කළ අතර කිසිදු කඩාකප්පල්කාරි ක්‍රියාවකින් තොරව මුදවාගත් ප්‍රදේශයේ ජන ජිවිතය, කෘෂිකාර්මික, අධ්‍යාපනික යන සියලුම අංශවලින් ඉදිරියට ගෙන ඒමටත් එම ප්‍රදේශයේ මහජනතාවගේ හිත දිනා ගැනීමටත් සමත්වන ලදී. ඒකකය ඉටුකළ එම රාජකාරිය යුධහසුදා ඉහළ මුලස්ථානයන් ඉදි අගය කරන ලද අතර, එය මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව මැතිතුමාගේ ද ප්‍රශංසාවට ලක්වෙන ලදී.

මේජර් ජෙනරාල් ඩිඑල් කොබ්බෑකඩුව එවකට අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එස්වි පානබොක්කේ සහ අනෙකුත් නිලධාරී සමගින්

1990.07.03 දින සිට වසර 05 ක කාලසීමාවක් වවුනියාව පදේශයේ කියාන්විත රාජනාරියේ යෙදී සිටි ඒකකය 1990.07.03 දින යාපනය අර්ධද්වීපයේ පුනරින් පදේශයේ ස්ථාන ගතවන ලදී. එම පදේශයේ සිදුවූ සියලුම කියාන්විතයන්හිදී ඒකකය සාර්ථක පථිඵල ලබාගැනීමට හැකිවිය.

මෙතෙක් කාලයක් අණදෙන නිලධාරී රාජකාරි ඉටුකළ ලුතිතන් කර්නල් වීකේබී වීරකෝන් ජෙයෂ්ඨ නිලධාරී 1996.08.021 දින තම රාජකාරීන් ලුතිතන් කර්නල් යු සේනාරත්න ජෙයෂ්ඨ නිලධාරී හට භාරදෙන ලදි. එවකට ඒකකය ස්ථානගතවී සිටි පුනරින් පදේශයේ පැවති දරුණු තස්තවාදී කියා එන්න එන්නම උග වූ අතර අප භට පිරිස්ද ඉතා සාර්ථක ලෙස දැඩි පහාර දියත් කරන ලදී.

බළඅණියේ 40 වන සංවත්සර උත්සවය ඉතා වැදගත් දිනයක් විය. ඊට හේතුව වූයේ ඒකකයේ නිලධාරියෙකු වශයෙන් සේවය කර ඒ වන විට වාරිමාර්ග විදුලිබල හා ආරක්ෂක නියෝජය අමාතය වශයෙන් කටයුතු කරන ලද ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මැතිතුමන් එම උත්සවයේ පධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමය.

ඒකක නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන ලද ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා වෙත සම්මාන මුරය පිළිගන්වමින්

“රිවිරැස‘ කියාන්විතයේදී මෙම ඒකකයේ පධාන කාර්යය වුයේ පුනරින් හරහා යාපන අර්ධද්වීපයට ඇතුළුවීමට තැත් කරනු ලබන එල්ටීටීඊ මාර්ගයන් ආවරණය කිරීමත් පුනරින් පදේශයේ ආරකෂාව තහවුරු කිරීමත්ය. පුරා මස 15 ක් පුනරින් පදේශයේ රාජකාරි කරමින් සංගුපිටිය පදේශය හරහා කේරතිව් පදේශයට ළගාවන ලදී. ඉන් අනතුරුව 1997.01.30 දින නාවක්කුලි හා තනන්කිලප්පු පදේශයන්හි ස්ථානගතවන ලදී.

මෙතෙක් කලක් ඒකකය වෙත මහගු සේවාවක් ඉටුකළ ලුතිතන් කර්නල් යු සේනාරත්න ජෙයෂ්ඨ නිලධාරී වෙනුවට 1997.04.28 දින බළඇණියෙහි අණදීමේ රාජකාරි භාරගනු ලැබුයේ මේජර් එන්බී වේරගම විසිනි. ඒ වන විට ඒකක භට පිරිස් 521 බලසේනා මුලස්ථානය යටතේ තනන්කිලප්පු, කේරතිව්, නාවක්කුලි පදේශ යේ ස්ථානගත කර තිබුණි. මෙම කාලය තුළදී 521 බලසේනා මුලස්ථෘනය උපදෙස් පරිදි ඒකකය කුඩා කණ්ඩායම් විශේෂ පුහුණුවීම් සදහා යොමුකරවන ලද අතර, එවැනි කුඩා කණ්ඩායම් යොදවා තස්ථාදීන්ට විශාල වශයෙන් පහාර එල්ල කිරීමට සමත්විය.

1998.11.02 දක්වාතනන්කිලප්පු පදේශයේ ස්ථානගත කර කිබූ ඒකකය ඉන් පසු චාවකච්චේරි පදේශයේ ස්ථානගත වූ අතර, එම පදේශයේ ස් සිවිල් පරිපාලනය මනාව පවත්වා ගෙන යාමෙන් විශාල මෙහෙයක් ඉටුකරන ලදී. 1999 වර්ශයේදී මෙම පදේශයට එල්ලවූ තස්තවාදී දැවැන්ත පහාරය මැඩපවත්වා අනෙකුත් ඒකක සමග පදේශයේ බලය තහවුරු කර ගන්නා ලදී. ඉන් අනතුරුව බළඇණිය 2000.05.21 සිට වර්ණි පදේශයේ කෙටි කාලයක් රාජකාරි සිදුකර අවසානයේ 2000.10.30 දින සිට වැල්වැටිතුරේ පදේශයේ ස්ථානගත වන ලදී.

මෙම කාලයේදී කාරතිව්, පෙරියතිව්, මඩුවිල්, තච්චන්තෝප්පු, නාවක්කුලි, සරසාලේ, චාවකච්චේරි සහ වැල්වැටිතුරේ පදේශයන්හි තස්තවාදීන්ට එරෙහිව සිදුකල සීමිත කියාන්විත මගින් එල්ටීටීඊ පාදේශීය නායකයන් වු කමලන්, පැරා හා තමිල් ඇතුළු තස්තවාදීන් 17 දෙනෙකු මරා දමා තවත් අවි ආයුධ විශාල පමණයක් අත්පත් කර ගැනීසට භට පිරිස් සමත්විය.

කියාන්විත, පාලන හා කිඩා ආදී සෑම අංශයකින්ම විශිෂ්ට වර්ධනයක් ඇතිකර ගනිමින් වසර 5 ක පමණ කාලයක් අණදෙන නිලධාරී තනතුර හෙබවූ ලුතිතන් කර්නල් එන්බී වේරගම තනතුරෙන් සමුගත් අතර 2002.03.18 දින අණදෙන නිලධාරී රාජකාරි භාරගත් ලුතිතන් කර්නල් ඩීඑච්එම්ඩබ්බී තම්මිට ජෙයෂ්ඨ නිලධාරී යටතේ ඒකකය 524 බලසේනානට අනුයුක්තව රාජකාරි කරන ලදී. 2004.12.26 දින ඇතිවූ සුනාමි වයසනය හේතුවෙන් ජිවිත යථා තතත්වයට පත්කර ගැනීමට ඒකකය විසින් විශිෂ්ට සේවයක් ඉටුකරන ලද අතර, එය කාගේත් පශංසාවට හේතුවන ලදී. සුනාමි වයසනය හේතුවෙන් ඒකක සෙසුනිලයින් 03 දෙනකු මියගිය අතර, 21 දෙනෙකු තුවාල ලබන ලදි. මෙහිදී පදේශයේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීමට ඒකකය විසින් විශිෂ්ට සේවයක් ඉටුකරන ලද අතර, එය කාගේත් පශංසාවට හේතුවන ලදී.

ඉන්පසුව ඒකකය වැල්වැටිතුරෙයි පදේශයේ ස්ථාන ගතවන ලද අතර, එම පදේශයේ මහජනතාව සමග ඉතා සුහදශීලිව රාජකාරි කිරීමේ පතිඵලයක් ලෙස එම පදේශයට ඇතුළුවන එල්ටීටීඊ සාමාජිකයින් පිළිබදවත් ඔවුන්ගේ කියාකාරකම් පිළිබදවත් බුද්ධි තොරතුරු මහජනතාව විසින් ලබාගැනීමට හැකි විය.

වසර 4ක් පමණ අණදෙන නිලධාරී තනතුරෙහි රාජකාරි ආවරණය කළ ලුතිතන් කර්නල් ඩීඑච්එම්ඩබ්බී තම්මිට ජෙයෂ්ඨ නිලධාරී තම රාජකාරියෙන් 2007.06.01 දින සිට ලුතිතන් කර්නල් එච්එස් රත්නායක ජෙයෂ්ඨ නිලධාරී වෙත භාරදෙන ලදී.

මානුෂීය මෙහෙයුමෙන් පසු

උතුරු පදේශයේ දියත්කරන ලද වන්නි මානුෂිය මෙහෙයුම අවසානය වන තෙක් තම නොමද දැයකත්වය ඒ සදහා ලබාදුන් ඒකකය ලචේශයේ ආරක්ෂක තත්ත්වය පවත්වා ගැනීමෙහි නිරතවන ලදී. මේ කාලය තුළ ඒකක අණදෙන නිලධාරී රාජකාරි ලුතිතන් කර්නල් අයියුකේ වත්තේගෙදර ජෙයෂ්ඨ නිලධාරී විසින් භාරගනු ලැබුයේ 2011.08.19 දිනදීය.

233 බලසේනා මුලස්ථානය යටතේ වාකරෙ පනිච්චන්කර්න් පදේශයේ ස්ථානගතව සිටියදී මහනුවර පදේශයේ නාගරික සංවාර්ධන කටයුතු සදහා 2011.11.19 දින 111 බලසේනා මුලස්ථානය යටතේ මහනුවර නගර මධයයේ ස්ථානගතවන ලදී.

මෙම ඒකකය මහනුවර පදේශයේ ස්ථානගවීමෙන් පසු රාජය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාතයංශය යටතේ මහනුව නගරයේ නාගරික සංවර්ධන කටයුතු හා නගර අලංකරණ කටයුතුවල නිරතවෙමින් සිටී.

මහනුවර යටි නුවර වීදියේ පිහිටි ඒකක මුලස්ථාන ගොඩනැගිල්ලේ ස්ථානගත වන ලද ඒකක භට පිරිස් මහනුවර නගරය, ශී දළදා මාලිගාව ආශිත භූමි පදේශයන්හි රාජය ආරකෂක හා නාගරික සංවර්ධන අමාතයංශය මගින් ගෙන යනු ලබන සංවර්ධන කටයුතු සදහා තම දායකත්වය ලබාදෙන ලැබේ.