Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

17 (ස්වේච්ඡා) බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

මානුෂීය මෙහෙයුම් පැවැති අවදියේ රට තුළ පැතිර ගිය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා විශේෂයෙන් ත්‍රස්තවාදීන්ගේ නැවැත සංවිධානය වීමේ කටයුතු කටයුතු වැළැක්වීම සදහා අමතර භට පිරිසක් යෙදවීමේ අවශ්‍යතාවය යුද්ධ හමුදා මුලස්ථානය වෙත ඇති විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නිත්‍ය බළඇනි මෙන්ම ස්වේච්ඡා බළඇණිද පිහිටුවන ලද අතර, ස්වේච්ඡා බළඇණි විශේෂයෙන් ත්‍රස්තවාදීන් නැවත සංවිධානය වෙතැයි බලාපොරොත්තු විය හැකි ප්‍රදේශයන්හි ආරක්ෂාව පිණිස ස්ථානගත කරන ලදී. ඒ අනුව යුද හමුදා මුලස්ථානයේ සහ ස්වේච්ඡා බළෙසේනා මුලස්ථානයේ උපදෙස් පරිදි ශ්‍රීලංකා සිංහ රෙජිමෙන්තුවේ නවතම බළඇණියක් 17 වන ස්වේච්ඡා බළඇනිය නමින් 2017.12.01 දින දිගන මාබෙරියතැන්න පිහිටි 5(සෙව්) ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව පසුමූල සංකීර්ණයේදී ආරම්භ කරන්නට යෙදුණි.

ඒකකයේ ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් එස්කේඑම්එම්එන්කේ මහන්තේ ජේ්‍යෂ්ඨ නිලධාරි කටයුතු කරන ලද අතර, ඒකකය පිහිටුවීම සදහා 2(සෙව්) ශ්‍රීලංකා සිංහ රෙජිම්න්තුව වෙතින් නිලධාරින් දෙදෙනෙකුද සෙසු නිලයින් 93 දෙනෙක් ද, 3(සෙව්)ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නිලධාරින් තිදෙනෙකුද සෙසු නිලයින් 63 දෙනෙක්ද 5(සෙව්) ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් ක් ද, 11(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නිලධාරින් තිදෙනෙකුද සෙසු නිලයින් 79 දෙනෙක් ද 15(සෙව්) ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නිලධාරින් දෙදෙනෙකුද සෙසු නිලයින් 94 දෙනෙක් ද ආධුනිකයින් 164 දෙනෙකු ද සහභාගි වුහ.

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල ඌවකුඩාඹය වෙතින් මූලික බළඇණි පුහුණුවීම් පාඨමාලාව හැදැරු ඒකකය යාල වනෝද්‍යානය වෙත ගමන් ඇරඹුවේ ඒ වන විට යාල වනෝද්‍යානය මූලික කරගනිමින් ඹඩුදුවමින් පැවැති එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සොයාබලා ඒවා මර්ධනය කිරීමේ අරමුණ ඇතිවිය.

ඒ අනුව 2008.09.23 දින යාල මැණික් ගගට උතුරු ප්‍රදේශය ඒකක භට පිරිස් විසින් පිරික්ෂමින් සිටින අවස්ථාවකදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කණ්ඩායක් සමග ගැටුමක් ඇති වූ අතර, එම අවස්ථාව සාර්ථකව පාලනය කිරීමට භට පිරිස් වෙත හැකියාව ලැබුණී. තවස 2008.10.17 දින එම ප්‍රදේශයේම පිරික්ෂුම් රාජකාරි කරමින් සිටි භට පිරිස් එල්ටීටී ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් සමග ගැටුමක් ඇති වු අතර, එම අවස්ථාව ද සාර්ථකව පාලනය කිරීමට භට පිරිස් වෙත හැකියාවක් ලැබුණි. නමුත් එහිදී ඒකකයේ කොමිෂන් නොලත් නිලධාරියෙකු ප්‍රහාර හේතුවෙන් මිය යන ලදී. ඊට දින 02කට පසු අදාළ ප්‍රදේශයට තරමක් සමීප ප්‍රදේශයකදී ඇති වු ගැටුමක දි ත්‍රස්තවාදීන් හට බරපතල හානි පමුණුයන්නට භට පිරිස් වලට හැකිවිය.

මේ ආකාරයෙන් ඒකක භට පිරිස් තමන් යෙදවු භාරදුර කාර්යයන් නිසි පරිදි ඉටුකරමින් ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට සමත් වු අතර මෙතෙක් කළක් අණදෙන නිලධාරි තනතුරෙහි රාජකාරි කරන ලද ලුතිතන් කර්නල් එස්කේඑම්එම්එන්කේ මහන්තේ ජේ්‍යෂ්ඨ නිලධාරි එම වගකීම් 2011.08.19 දින සිට මේජර් එම්ඒ ලක්ෂ්මන් ආර්එස්පී ජේ්‍යෂ්ඨ නිලධාරි වෙත භාරදී තනතුරෙන් සමුගත්තේය.

මේ අතර මානුෂීය මෙහෙයුම අවසාන වීමත් සමගම යාල වනෝද්‍යාන ප්‍රදේශයේම ස්ථාන ගත වු අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව සහා වනෝද්‍යානය තුළ අනවසර කටයුතු කිරීම සදහා ඉඩ ලබා නොදීමද ඒකක භට පිරිස් වෙත පැවරැණු රාජකාරියක් විය.

යාල වනෝද්‍යානය පිරිසිදු කරන ඒකක භට පිරිස්

2013.12.22 දින බළඇණි ප්‍රදේශයේ සිට ඩෝසර් වැව, ගෝතමීගම - සෙල්ල කතරලම පිහිටි ඒකකයට අයත් භූමියක ස්ථාන ගතවිය. වර්ථමානයේ 121 බළසේනා මුලස්ථානය යටතේ සිටිමින් මොනරාගල දිස්ත්‍රික්කයේ ‍සෙවණගල, තණමල්විල, බඩල්කුඹුර ප්‍රදේශයන්හි ආරක්ෂාව සහා වනෝද්‍යානය ආශ්‍රීතව සිදු කෙරෙන ගංජා හේන් වගාව, වනසතුන් දඩයම් කිරිම, අනවසර දැව ජාවාරම් හා පුරාවස්තු කොල්ලකෑම යනාදි නීති විරෝධී ක්‍රියාවන් වැළක්වීම සදහා ක්‍රියාකරනු ලබයි. මීට අමතරව ආදල ප්‍රදේශයන්හි සිවිල් පරිපාලන ආයතන සමග සම්බන්ධව ප්‍රදේශයේ දුප්පත් ජනතාව වෙනුවෙන් සුභ සාධන කටයුතු රැසක් සිදුකරමින් පවති.

වටලන ලද ගංජා හේන් විනාශ කරන ඒකක භට පිරිස්

මෙම ඒකක භට පිරිස් විසින් අත්අඩංගුවට ගන්නා ලද අනවසර දැව පැටවු ට්‍රැක්ටර් රථයක්

පසුගිය පත්වීම් දැරූවන්