Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

15 (ස්වේච්ඡා) බළඇණිය ශ්‍රී ලංකා සීංහ රෙජිමේන්තුව

යටත් විජිතයක්ව පැවති අප ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු රටේ ඒකීයබාවය හා ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සදහා ත්‍රිවිධ හමුදාවට විශාල කාර්යයක් ඉටු කිරීමට සිදු වූ අතර රට තුළ වරින් වර ඇතිවූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් යුද හමුදාව ක්‍රම ක්‍රමයෙන් පුළුල් වීම මත ඊලාම් ත්‍රස්‌තවාදය ද හිස ඔසවනවාත් සමඟ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඉතා කෙටි කාලයක් තුළ යුද හමුදාව නිත්‍ය හා ස්වේච්ඡා භට පිරිස් විශාල ලෙස වැඩි කරන ලදී.ඒ හා සමගාමීව නව ඒකක ද ස්ථාපනය විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් අති මහත් දරුණු සටන් ඇවිලෙමින් තිබු අවධියක ශ්‍රී ලංකා යුද හමුදාව තව තවත් ශක්තිමත් කර මාතෘ භුමිය ආරක්ෂාව භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමේ අභිලාශයෙන් යුද හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි ස්වේච්ජා ආධාරක රයිෆල් බලඇණියක් වශයන් 15 වන බල ඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බල ඇණිය ඇති කිරීමට 199.12.23 වන දින සිට ඇරඹීමට බලය ලබාදී තිබුණි.

ඒ අනුව එදින සිට ශ්‍රී ලංකා ස්වේච්ජා බළසේනා මුලස්ථානයේ හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව උපදෙස් හා මග පෙන්වීම යටතේ 2, 3, 5, 11 වන ස්වේච්ජා ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තු බලඇණිවලින් සැදුම්ලත් නිලධාරි 11 දෙනෙකු හා සෙසු නිලයන් 477 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසකගෙන් නොයෙකුත් බාධක හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් ඒකක පළමු අණ දෙන නිලධාරි වශයෙන් මේජර් ඩිඑම්එල්බි දිසානායක ආර්එස්පි විසින් යුද හමුදාවට ස්වෙච්ජා බළසේනාවට සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට සාමාජිකයෙකු ලෙස යාපනය අර්ධද්වීපයේ පොන්නාලේඅලවෙඩිහිදී 1997.01.01 පිහිටුවන ලදී.

බළඇණියේ ඉතිහාසය ආරම්භයේ සිට මේ දක්වා

නව ඒකකයක් වශයෙන් යාපනය අර්ධද්වීපයේ නොයෙකුත් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙමින් ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරමින් තම දක්ෂතා මනාව ප්‍රකට කර රාජකාරියේ නියැලී සිටියදී වන්නි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ “ජයසිකුරු” මෙහෙයුම සඳහා 1997.06.23 වැලිඔය ප්‍රදේශයට පැමිණ එම මෙහෙයුම සදහා දායක වී නෙදුන්කර්නි ප්‍රදේශයේ බලය තහවුරුකර කරගැනීමේ කාර්යභාරයට උරදීමට අවස්ථාව බලඇණියට උදාවිය.

නෙදුන්කර්ණි ප්‍රදේශයේ රාජකාරි යෙදී සිටින අවධියෙහි මේජර් එම් ධර්මසේන ඉලන්ගසිංහගේ අණදීමෙන් 53 වන සේනාංකයත් සමග ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කුලවිසුඩාන් ප්‍රදේශය අත්පත් කර ගැනීමේ ක්‍රියාන්විතයට සහභාගී වී සාර්ථකව එම ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසු ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කුලවිසුඩාන් යන ස්ථානයේ ස්ථානගත වීමට මෙම ඒකකයට අවස්ථාව උදාවුණි.මෙම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතවූ මෙම ඒකකය මනා දක්ෂතාවයකින් හා කැපවීමකින් රාජකාරියේ යෙදීම හේතුවෙන් අනෙකුත් ඒකකයන් අතරේ පැසසුමට ලක් විය.

වන්නි දිස්ත්‍රික්කයේ ඕමන්ත ප්‍රදේශයේ මෙම ඒකකය 1999.11.10 දින ස්ථානගත වන අවස්ථාවේ ඒකක අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් එම්.ජී.රත්නායක කටයුතු කළ අතර ඔහු යටතේ ඉතා උසස් හා ගෞරවනීය අන්දමින් මෙම ඒකක භට පිරිස් ක්‍රියාන්විත රාජකාරියෙහි නියැලිණි. මේ අතරේ 2001.06.16 දින ලුතිතන් කර්නල් එච්පීජේ මායාදුන්නේ ආර්එස්පි විසින් ඒකකය භාර ගන්නා ලදී.මෙම උසස් නිලධාරීන්ගේ අණදීම යටතේ ඒකකය ඉතා උසස් ලෙස ක්‍රියාන්විත කටයුතු තුළින් විශාල ප්‍රතිඵලයක් අත්කර ගන්නා ලද්දේය.

2002 වර්ෂයේ ඇතිවූ සටන් විරාමයෙන් ලද විවේකය තුළින් මනා ප්‍රයෝජනයක් ලබා ගත් මෙම ඒකකය තම ඒකක සාමාජිකයන් හට පුහුණුවීමේ අභ්‍යාසයන් හා පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබා දුන්නේය. බාහිර ක්‍රියාකාරකම් වශයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඉතා දිගු ගමනක් යාමට අඩිතාලම සකස්කරගත් අතර ඒකකය එහි ප්‍රතිඵලයක් ලෙස රෙජිමේන්තු සේනාංකවල හා යුද හමුදාව පුරාවට ඒකකයේ කීර්තිය ඉහළ මට්ටමක තබා ගනිමින් රාජකාරී කිරීමට අවස්ථාව උදා කරගත්තේය.

මෙසේ රාජකාරී කරමින් සිටියදී මෙම ඒකකය 2005.05.23 දින වැලිඔය කල්‍යාණිපුර ප්‍රදේශයේ 223 බලසේනා මුලස්ථානය යටතේ ඉදිරි ආක්ෂක වළල්ලේ රාජකාරි භාරගත් අතර,එම බල ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටියදී 2007.06.29 දින සිට මේජර් ජේඑම්එල් ජයසුන්දර අණදෙන නිලධාරියාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාන්විත හා පාලන රාජකාරි මැනවින් ඉටු කළේය.

ඉදිරි ආරක්ෂක වළල්ලේ මුලතිව් වනාන්තරයෙහි ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිට 2008 වසරේ ආරම්භ වූ වන්නි මානුෂිය මෙහෙයුම සදහා සක්‍රිය දායකත්වයක් ලබා දෙමින් සිටියදී 592 බලසේනා මුලස්ථානය යටතේ මෙම මෙහෙයුම සදහා ඉදුරාම සහභාගී වී වැලිඔය රණබාපුර , මොණරවැව, ගජබාපුර, ඔටියමලේ, නෙදුන්කර්ණි, ඔඩ්ඩුසුඩාන් දක්වා අත්පත් කර ගැනීමට මෙම ඒකක සියලුම නිලධාරීන් හා සෙසු නිලයන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළෝය.මෙම ක්‍රියාන්විත කාලය තුළ ත්‍රස්තවාදීන් 75කට වැඩි සංඛ්‍යාවක් විනාශ කරමින් ඔවුන්ගේ අවි ආයුධ රැසක් අත්අඩංගුවට ගැනීමට මෙම ඒකකයට හැකි විය

මෙම කාලය තුළ තම මවුබිමේ ඒකියයභාවය උදෙසා අපගේ සහෝදර සෙබළුන් 14 දෙනෙකු තම පණනල මාතෘ භූමිය වෙනුවෙන් කැපකළ අතර තවත් සෙබළුන් 40 දෙනෙකු අබාධිත තත්වයට පත් විය.තවත් සෙබළුන් බොහෝ පිරිසක් තුවාල ලැබීය.අනතුරුව 2009.01.02 දින සිට 4 කාර්යය සේනා මුලස්ථානය යටතේ 642 බළසේනාවට අනුයුක්තව නෙදුන්කර්ණී ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි සිදු කල අතර, 2009.03.10 වන දින එම බළසේනාව යටතේ රාජකාරි නිමාවෙන් පසු 3 කාර්යය සේනා මුලස්ථානය යටතේ ඇති 631 වැනි බළසේනාවට අනුයුක්තව ඉරණමඩු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි ඉටුකරන අතරතුරදී 10 ශ්‍රීලපාහ ඒකකය සමග වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් සටන සිදුවූ ස්ථානයක් වන පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි සදහා මෙම ඒකකය විසින් රයිෆල් කණ්ඩායම් 02ක් රපොර්තු කරවීය.

මානුෂිය මෙහෙයුමින් පසු

2010.09.26 දින සිට 632 බලසේනා මුලස්ථානය යටතේ කොකාවිල්, පුත්තුවෙඩ්ඩුවාන් යන ප්‍රදේශවල ක්‍රියාන්විත හා පාලන රාජකාරි සිදුකරමින් සිටි කාලසීමාව තුළ ලුතිතන් කර්නල් අයිකේඒඩබ් පෙරේරා ආර්එස්පී ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව උසස් නිලධාරීගේ අණදීම යටතේ ඉතා උසස් අන්දමින් රාජකාරි කරමින් සිටියදී 2012.03.22 දින සිට තගිලමාවිල් මුලංකාවිල් ප්‍රදේශයේ රාජකාරි භාරගන්නා ලදී.ඉන් අනතුරුව 2010.10.19 දින සිට වත්මන් අණදෙන නිලධාරී මේජර් එච්පීඩිඒ විජේසේකර යන උසස් නිලධාරියාගේ අණදීම යටතේ මෙම ඒකකය ආසෙමු (කිලි) බලප්‍රදේශයේ අනෙකුත් ඒකකවලට නොදෙවෙනි පාලන හා ක්‍රියාන්විත රාජකාරි මෙන්ම ක්‍රීඩා කෞෂලයන් හා අනෙකුත් සියලුම කටයුතු වල යෙදී සිටි.

(යුධ හමුදාව වෙත බදවාගත් දමිළ තරුණියක් හට ඒකක දායකත්වයෙන් නව නිවසක් සාදාදීම)