Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

උපන් දේශයේ ස්වෛරීත්වය, ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය දැඩි තර්ජනයක් වූ ත්‍රස්ත්වාදය තුරන් කිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව පුළුල් කීරීමේ ප්‍රතිපලයක් වශයෙන් සිංහ පවුලේ 11 වන සාමාජිකයා වශයෙන්දේවහුව ජලාශය අබභියස හමුදා කදවුරේ 1994.4.16 දින 11 වන(ස්වේච්චා) බළඇණිය ස්ථාපිත විය.5 (සෙව්) ශ්‍රී ලකාහ වෙතින් නිලධාරියකු හා සෙසුනිලයින් 75 දෙනෙකු 2 (සෙව්)ශ්‍රීලංකා සීංහ රෙජිමේන්තුව වෙතින් නිලධාරීන් තිදෙනෙකු හා සෙසුනිලයින් 126 දෙනෙකුද 3 (සෙව්) ශ්‍රීලංකා සීංහරෙජිමේන්තුව විසින් නිලදාරීන් සිව් දෙනෙකු හා සෙසු නිලයින් 108 දෙනෙක්ද 5 (සෙව්) ශ්‍රීලංකා සිංහරෙජිමේන්තුව නිලදාරීන් 5 දෙනෙකු සෙසුනිලයින් 125 දෙනෙකු වශයෙන් පැමිණි නිලදාරීන්/සෙසුනිලයින්ගෙන් සැදුම්ලත් පිරිස මෙම ඒකකයේ මුලරම්බකින්වුහ.අබිනවයෙන් ස්ථාපනය කරන ලද කකයේ පළමු අණදෙන නිලදාරී වශයෙන් මේජර් ජේබී ගල්ගමුව යන රාජකාරී බාර ගතතේය.

තවද ඒකකය නාගා සිටුවීම සදහා සියලුම ඒකක වෙතින් පැමිණි නිලදාරී/සෙසු නිලයින් අණ සහ පාලන,ඒ,බ්, සී. සහ ඩී වශයන්කණ්ඩායම් 05 කට බෙදා ගලේවෙල දේවහුව කදවුරේදී පුහුණුවීම් කටයුතු අරම්භ කරන ලදී.මේ අතර නව අණදෙන නිලදාරී වශයෙන් මේජර් ආර්ඩ්ඒ ජයසිංහ ජේයශට නිලදාරී වැඩ බාර ගනු ලැබිය.ඒ 1994.06.08 දිනය.ඉන් අනතුරුව 1994.07.17 දින යුද හමුදා මුලස්ථානය හා ශ්‍රීලංකා යුද හමුදාස්වේච්චාබල මුලස්ථානය උපදෙස් මට මෙම ඒකකය යපනය වෙත ස්ථාන මාරු වීම් ලෑබීය.එහිදී 1 වන කාර්යය සේනාංක මුලස්ථානයට අනුයුක්ත 9 වන බලසේන මුලස්ථානය යටතේ පලලී වාසවිලාන් හි ගුරූ අබයාස0ව්ද්යලලයෙහි මමුලස්ථානය පිහිටුවා දෙවන ආරක්ෂක වළල්ලෙහි රාජකාරි බාර ගන්නා ලදී.

1994.08.02 සහ 03 දිනයන්හිදී ඒකක ඒ කණ්ඩායම 27 වන බලසේනාමුලස්ථානය යටතේ රාජකාරි ඉටු කිරීම සඳහා කයිටිස් සහ මණ්ඩතිව් දුපත් වෙත පිටත්ව ගිය අතර එහි රාජකාරිකල වකවානුව තුල විවිද වූ සිමිත ක්‍රියාන්විතයක් සඳහා සහබාගි වූ අතර 6 ගජබා සහ 10 ගජබා යන රෙජිමේන්තුවලට අනුයුක්තව එකකයේ ගෞරවය ඉත ඉහල මට්ටමකින් පවතවා ගනිමින්රාජකාරී ඉටු කිරිඉමට සමත් විය.

දෙවන ආරක්ෂක වළල්ලේ රාජකාරියේ නිරත වූ මෙම ඒකකය 1994.09.24 දින 26 බලසේනමුලස්ථානය යටතේ කන්කසන්තුරය ,කිරිමලය,සෙන්තම්කුලම් සහ මදගල් ප්‍රදේශය ආවරණය වන පරිදි ආරක්ෂක වලල්ලේ රාජකාරිය බර ගන්න ලදී.ඉදිරිපින්ම ක්‍රියාන්විතයේදී මෙම ඒකකය දෙවන ආරක්ෂක වළල්ල වශයෙන් අලුතින් ආරක්ෂක වළල්ලක් ඉදිකර පලාලි අධි ආරක්ෂක කලාපයට ආරක්ෂාව සැපයු අතර, එහිදී මෙම මෙහෙයුම වෙත වෙඩි ද්‍රවය ප්‍රවාහනය කිරීම හා තුවාල කරුවන් ප්‍රතිකාර සදහා රැගෙන යාම යන කටයුතු ඉටු කරන ලදී.

1995.09 .27 දින මාදගල් කන්කසන්තුරෛ ඉදිරි ආරක්ෂක වලළ්ල ඉවත්ව 5 ගැහෙබ වෙතින් ආරක්ෂාව සැපයු අලවෙඩ්ඩ් සහ පෙරියවිලන් ආරක්ෂක වලල්ල වෙත රාජකාරි සදහා එදින පැමිණි අතර අලවෙඩ්ඩි හි එකක මුලස්ථානය පිහිටුවා ගන්න ලදී.මෙම කාලයන් තුලදී ත්‍රස්ත වාදීන්ගේ විවිද ප්‍රහාරයන්ට මුහුණ දීමට එකක බට පිරිස් වෙත සිදුවූ අතර එම ප්‍රහාරයන් සාර්ථක ලෙස මැඩ පවත්වමින් කටයුතු කිරීමට හැකි විය.1996.01.12 මෙම ඒකකයය පසුමුලය කොත්මලේ ජලාශය අබියස ඉතාමත් රමණිය බුමිබගයක් වෙත රැගෙන යන ලදි.

1997.01.01 දින සිංහ පවූලේ අලුත් සාමාජිකයා වශයෙන් නගා සිටවන්නට යෙදුන 15 (ස්වේච්ච ) ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව වෙත නිලදාරීන් තිදෙනෙකුගෙන් හා සෙසු නිලයින් 120 දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් රපොර්තු කරවන ලදී.මේ අතර 1997.02.23 දින 26 බල සෙනා මුලස්ථානය යටතේ පවතී මෙම ඒකකය 513 බලසේනමුලස්ථානය යටතට පත් වූ අතර එදින සිට බල ඇණි මුලස්ථාන ස්ථාන ගත කරන ලදී.රිවිරැස ක්‍රියාන්විතය සිදුවන අවස්ථාවේ අලවෙඩ්ඩි පෙරියවිලන් ඉදිරි ආරක්ෂක වලල්ල ආරක්ෂා කරමින් කල ඒකකය ඒ අනුව වලිකාමන් බටහිර ප්‍රදේශයෙන් අනු කන්ද පිහිටුවා ගනිමින් වර්ග කී.මි.35 ක තරම් වූවිශාල ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම හා සිවිල් වැසියන්ගේ එදිනෙදා කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමට අවැසි වාතාවරණය සකස් කිරීමේ බාරදුර කාර්යයෙහි නිරත වන්නට සිදු විය.

මෙම කාලය තුලදී ද මෙ ප්‍රදෙශ්ස්ය ත්‍රස්තවාදින්ගගේ ක්‍රියාකාරකම් වැඩි වූ තිබු බැවින් මර්දනය කිරීමේ වගකීම ඒකකය වෙත බාර වන ලදී.1998.10.06 දින තොරතුරු සපයන්නේකුගෙන්ද ලදබුද්දි තොරතුරක් අනුවඒකකයේබට පිරිස් විසින්පොන්නාලේයිකුලම් යන ප්‍රදේශයේ සිවිල් වැසියන් ඇත හරින ලද පාලු නිවසක් පරීක්ශ කිරීමේදී ත්‍රස්තවාදීන් ප්‍රහාරයකට ලක් වූ අතරප්‍රති ප්‍රහාර එල්ල කර අවි ආයුධ අත්පත් කර ගැනීමට හැකි විය.මෙමක්‍රියාන්විතය සදහා නිලදාරීන් තිදෙනෙකු හා සෙබළුන් 15 දෙනෙකු සහබාගිවු අතර එම ත්‍රස්තවාදීන් සැගවී සිටියේ පලාලි ගුවන් පථයෙහි නවත්වා ඇති ගුවන් යානයකට ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බැවින් මෙසේ ඔවුන් සොයා විනාශ කිරීමට සිදුවන බැවීන් සිදුවන්නට ගිය මහත් විනාශයක් වලක ගන්නට හැකි විය.

මෙම ඒකකය මෙතෙක් අණදෙන නිලධරි වශයෙන් කටයුතු කල ලුතිනන් කර්නල් ආර්ඩ්ඒ ජයසින්හ 1999.02.19 දින අණදෙන නිලධාරි තනතුරෙහි කටයුතු එකක මුලස්ථානය චුන්නාකම් හිදී මේජර් පිඑස්එස්ආර් උදයධිර යන නිලධාරි හට බාර දෙන ලදී.

අලිමංකඩ කදවුර අහිමි වූ ත්‍රසතවාදීන්ගේ නොනවතින රැල්ල හමුවේ 2000 වර්ෂයේදී එය මැඩ පැවැත්වීමට එකක සි කණ්ඩායම ආරියලෙයි ප්‍රදේශයේ ස්ථාන ගත වූ අතර මෙමකල සිමාව තුල ඒකක අනෙකුත් එකක බට පිරිස් 513 බලසේනමුලස්ථානය යටතේ පවතී වලිකාමන් බටහිර බල ප්‍රදේශය ආරක්ෂක රාජකාරියේ යෙදුනේය.

2002 වර්ෂයේ පසු එළබි සටන් විරාම කාල සීමාව කාල සීමාව තුලදී ඒකක ස්ථානගත ප්‍රදේශයන්හි ආරක්ෂාව සදහා නොයෙකුත් කටයුතු සිදුකිරීමට බට පිරිස් යෙදවූ අතර එකක ක්‍රීඩාකටයුතුද හැකි අයුරින් පැවැත්වීමට කටයුතු කල අතර 2004.12. 26 දින ඇති වූ සුනාමි තත්වය හේතුවෙන් මිය යන ලද සියලුම අයවලුන් සිහිපත් ලකර පහන් 84000 ක පූජාවක් 2005 .03.26 දින පවත්වන ලද අතර හින්දු කතෝලික හා මුස්ලිම් ආගමික වතාවත්ද සිදු විය. මෙම කාලසීමාව තුල සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව කටයුතු සහ වෙසක් පොසොන් මාසයන්හිදී සිදු කරන ලද බෞද්ධ කටයුතු වෙනුවෙන් එකක බට පිරිස් වෙහෙස මහන්සි වී කටයුතු කලේය.

ඒකකයේ මේදක්වා අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කල මේජර් පිඑස්එස්ආර් උදයධිරජ ජේයශ්ට නිලධාරි 2005.07.01.දින සිට ලුතිනල් කර්නල් නිලයට උසස්වීම් ලෑබුවේය.ඔහු2006.02.20.දින දක්වා එකක අණදෙන නිලදාරී වශයෙන් ඉතා සාර්ථකව තම රාජකාරීන් ඉටුකළ අතර එදින සිට එමතනතුර යාපනය රෝහල පාර කදවුරේදී මේජර්එම්එස් වික්‍රමසුරිය ජේයෂ්ට නිලධාරි වෙත බාර දෙන ලදී.

මෙම ඒකකය රාජකාරි ආවරණය කල යාපනය නගර ප්‍රදේශයේ සියලුම රාජකාරි 2007.07.25 දින 20 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බල මුළුව වෙත බර දි එදිනම කොලොම්බතුරෙයි ඉදිරි ආරක්ෂක වලල්ලේරාජකාරි 6 ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව ඒකකය වෙතින් බර ගන්න ලදී.එතැන් පටන් එකක බට පිරිස් රාජකාරි ආවරණය කල කොලොම්බතුරෙයි ඉදිරි ආරක්ෂක වලල්ලේ පුනරින් සිට හමුදා පාලන ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ කල එල්ට්ට්ඊසාමාජිකයින් කිහිප අවස්ථාවකදීම විනාශ කර ඔවූන් සතු අවි ආයුධ සහ ඔවුන්ගේ ඉදිරි ක්‍රියාන්විත සැලසුම් පිළිබද ලියවිලි අත්පත් කර ගැනීම හේතුවෙන් ඒකකය ඉහල මුලස්ථාන සහ ජේයශ්ට නිලධාරීන්ගේ පැසසුම් ලෑබිය.

2007.08.18 දින පසුර් ප්‍රදේශයේදී සොයා ගැන ලද අවි ආයුධ


2007.09.15. දින ගුරුනගර් ප්‍රදේශයේ මෙම එකක බට පිරිස් විසින් සොයා ගන්නා ලද අවි ආයුධ.

මානුෂීය මෙහෙයුමෙන් පසු

මේ අතර මෙතෙක් කල එකක අණදෙන නිලදාරී ලෙස රජකාරී ඉටු කල ලුතිනන් කර්නල් බ්ඩ්එමජි චන්ද්රසීරි ආර්එස්පි ජේයේශ්ට නිලධාරි එම තනතුරේ රාජකාරි ඒකකයේ දෙවන අණදෙන නිලදරිඔ හට බාර දි20011.05.23 දින ඒකකයෙන් නික්ම ගිය අතර ඒ අනුව එකක වැ:බ: අණදෙන නිලදාරී ලෙස මේජර් ජේඒජේ ජයරත්න ජෙයෙෂ්ට නිලදාරී 2011.05.23 වන දින සිට රාජකාරි බර ගන්න ලදී. මේ කාලය තුල යාපනය කලොම්පුතුරෛ ස්තැන ගත වී සිටි මෙම ඒකකය එම ප්‍රදේශයේ රාජකාරි 9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ඒකකය වෙත බර දි 2011.5.25 වන දින 513 බලසේනාවට අයත් මනිපෛ ප්‍රදේශයේ රාජකාරි බර ගත්තේය.

මෙම ඒකකය 513 බලසේනාව යටතේ මනිපායි ප්‍රදේශයේ රාජකාරි සදහා පැමිණීමෙන් පසු මුලස්ථාන මනිපිහිද බ් කණ්ඩායම ආනකොට්ටෙහිද ඒ කණ්ඩායම න්වලිහිද සි කණ්ඩායම ඉනුවිල්හිද ඩ් කණ්ඩායම කොකුවිල්හිද ස්ථාන ගත වෙමින් රාජකාරි ඇරබිය.

2012 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදව නිමිත්ත්වෙන් ඔඅවත්වන්නට යෙදුන සුර්ය උදාන අලුත් ඖරුදු උළෙල සදහා රාජ්‍ය හා යුද හමුදා උසස් නිලදරින්ද සහබාගි වූ අතර එය යාපනය මනිපායි මරතඩි පුල්ලෙයාර් කෝවිල ආශ්‍රිතව ඉතා උත්කර්ශමත් අන්දමින් පවත්වන ලදී.මෙහිදී අදාල උත්සවයේ විශාල වැඩ කොටසක් මෙම ඒකකය වෙතින් සිදු විය.

කන්කසන්තුරෛ ,වරිතවිලාන් ප්‍රදේශයේ අබිනවයෙන් ඉදි කරන ලද මෙම එකක කදුර අණදෙන නිලදාරී විසින් ලුතිනල් කර්නල් ජේ එජේ ජයරත්න යන නිලදාරීන්ගේ ආරාදනයෙන් ආඥපති ආරක්ෂක සේනාමුලස්ථානය (යා)මේජර් ජනරාල් එම් හතුරුසින්හ ආඑස් පි එනසි යන ජෙයෂ්ට නිලදාරී අතින් 2014.01.05 දින සුබ මොහොතින් විවුර්ත විය.


ඒකකය විසින්සිදුකරන ලද මහජන සම්බන්දත වැඩි දියුණු කිරීමේ කටයුතු කිහිපයක්

1. පන්නෛ සිට කයිට්ස් දක්වා දිවන මාර්ගය පිළිසකර කිරීම එකක බට පිරිස් විසින් සිදු කරන ලදී.


2. සිවිල් ජනතාව සදහා වෛදය සයන කදවුරක් 2011.09.08 දින කොලොම්බුතුරේ ප්‍රදේශයේදී පැවැත්වූ අයුරු


3. රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉදි කරනු ලැබූ නිවාස වියාපෘතිය යටතේ කාකතිව් ප්‍රදේශයේ පැල්පත් වාසින් හට එකක බට පිරිස්හි දායකත්වයෙන් නව නිවසේ දුටු අයුරු.


4. 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බ් කණ්ඩායම බල ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ පරිහරණය සදහා මෙම එකක බටපිරිස්වල දායකත්වයෙන් ළිදක් ඉදි කර දුන් අවස්ථාව.


5. 2012.02.04 දින එකක බල ප්‍රදේශයේ දමිල ජනතතාවගේ රසාස්වාදය වෙනුවෙන් ඒකකය සිංහ මෙලඩ් ආදී රිද්ම සංගීත කණ්ඩායම යොදව සවල් කට්ටු ක්‍රිඩාන්ගනයේදීසංගීත සංදර්ශනයක් පැවැත්වූ අතර එම සංගීත සැන්දෑවේ අවස්ථා කිහිපයක් පහත චය රුඋප වලින් දැක්වේ.


6 2013.07.25 දින සිවිල් ආයතන වල මුදල් දායකත්වයෙන් සහ මෙමඒකකයේ ශ්‍රම දායකත්වයෙන් කුඩා ළමුන් සදහා කටුටුඩේයි ප්‍රදේශයේ විනයාගර් පෙර පාසලක් සද දෙන ලදී.