Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

ක්‍රීඩා කුසලතා

දෙස් විදෙස් කෙළිබිම

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු වු කලි ක්‍රියාන්විත පමණක් නොව වෙනත් ඕනැම කෙෂ්ත්‍රයක් සදහා දක්ෂතාවයකින් හා කැපවිමකින් යුත් නිලධාරි සහ සෙසුනිලයින් බිහිකරන රෙජිමේන්තුවක් බව මේවන විට මනාව පෙන්නුම් කර දි ඇත.

වත්මන් රෙජිමේන්තු අධිපතිගේ දුර්දර්ශි මෙන්ම ක්‍රමානුකුලව වැඩසටහන් ඔස්සේ ක්‍රියාවට නැංවෙන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රිඩා අංශයේ කැපි පෙනෙන දියුණුවිම හමුවේ ශ්‍රි ලංකා යුද්ධ හමදාව තුල පමණක් නොව‚ ආරක්ෂක සේවා‚ ජාතික හා ජාත්‍යන්තර තලයේ තරග සදහා සහභාගි වු අප ක්‍රිඩකයින් විසින් ලබා ඇති ජයග්‍රහණ හේතුවෙන් මහත් වු අභිමානයක් මෙන්ම ආඩම්බරයක් ද හැම හදවත් තුළම ජනිත කරවන්නේය.

එවන් වු අභිමානවත් ක්‍රිඩකයින් විසින් ජාත්‍යන්තර‚ ජාතික ආරක්ෂක සේවා හා යුද්ධ හමුදා මට්ටමින් ලබාගෙන ඇති ජයග්‍රහණ සැබැදිව විමසුමකි මේ.

විදෙස් කෙළිබිම

සෙ/373057 මාණ්ඩලික සැරයන් ප්‍රදිප් සංජය යුපිපි

ශ්‍රි ලංකාද්විපය දෙකඩ කිරිමේ පරම අදිටනින් යුතුව දශක තුකනට අධික කාලයක් තිස්සේ ඇදි ගිය ත්‍රස්ථවාදි ක්‍රියාකාකම් අවසන් කිරිම වෙනුවෙන් පැවැති මානුෂීය මෙහෙයුම් අවධියේ කම මව්බිම රුකගැනිමේ අධිෂ්ඨානයෙන් යුතුව ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට ඇතුලත් වු ලාකෝ ප්‍රදීප් සංජය යුපිපි පසුගිය මානුෂීය මෙහෙයුමේදි කිලිනොච්චි ප්‍රෙද්ශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදි සිටියදි 2018.12.28 දින එල්ටීටීඊ ත්‍රස්ථවාදින් මෝටාර් ප්‍රහාරයකට ලක්ව තම වම් අත තුවාල ලබා ආබාධිත තත්වයේ පසුවිය. එහෙත් ආබාධිත තත්ත්වය සිතේ පැවැති ධෛර්ය බිද හෙළිමට සමත් නොවිය. මනා පුහුණුවකින් හා ධෛර්යය සම්පන්න කැපවිමත්. කම රෙජිමේන්තුවට හා මව් ඒකකය වෙතින් ලද දිරි ගැන්විමත් මත ක්‍රිඩා කටයුතු සදහා තම ආබාධිත දිවිය කැපපළ මෙම රණවිරුවා ජාත්‍යන්තර මට්ටමේ තරගාවලින් රුසකට තම දායකත්වය ලබා දුන්නේ නිර්භය ශ්‍රි ලංකා මාතාවගේ අභිත පුතෙකු ලෙසිනි.

2012 වර්ෂයේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති ලෝක පැරා ඔලිම්පික් ක්‍රිඩා තරගාවලිය සදහා ශ්‍රි ලංකා කණ්ඩායම සමග සහභාගි වු ලාකෝ ප්‍රදිප් සංජය යුජිපි කොනොනි එහිදි පැවැති මීටර් 400 ධාවන ඉසව්වේ අවසාන තරගයේදි ලෝකඩ පදක්කමක් හිමිකර ගැනිමට සමත් වුයේ එම සිදු කල එකම ශ්‍රි ලංකිකයා‚ එකම යුද්ධ හමුදා සාමාජිකයා මෙන්ම එකම සිංහ විරුවා කමා යන්න ලොවට කියාපාමිනි. එමෙන්ම ශ්‍රි ලංකිය ක්‍රිඩා ඉතිහාසයේ පැරා ඔලිම්පික් ක්‍රිඩා තරගාවලියකට සහභාගි විමෙන් පසු පදක්කමක් දිනාදිමට හැකි වු ප්‍රථම අවස්ථාව ද මෙය විය.

මෙම අභිමානනිය ජයග්‍රහණය ගෙන ආ සිංහ විරුවාට ශ්‍රි ලංකා ප්‍රජාතාන්තික සමාජවාදි ජනරජයේ අතිගරැ ජනාධිපති තුමාගේ මෙන්ම ගරු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ද සුභාසිංසන පිරිනැමු අතර‚ එවකට හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ජේ ජයසුරිය ආර්ඩබ්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි තුමාන් විසින් ඔහු සැරයන් නිලය දක්වා උසස් කිරිමට කටයුතු කරන ලදි. එමෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රි ලංකාවට කිරිතියක් අත්කර දුන් මෙම සිංහ රණවිරුවාට තම මව් රෙජිමේන්තුවේ උපහාරයක් වශයෙන් වත්මන් රෙජිමේන්තු උපහාරයක් වශයෙන් වත්මන් රෙජිමේන්තු අධීපති මේජර් ජෙනරාල් එම්එච්එස්බි පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්සි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි ඔහු මාණ්ඩලික සැරයන් නිලය දක්වා ද උසස් කිරිමට කටයුතු කරනු ලැබිය.

අතිගරු ජනාධිපතිතුමා විසින් ලබාගත් පැරා ඔලිම්පික් පදක්කම නිරික්ෂණය කිරිම

එවකට යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ජේ ජයසුරිය ආර්ඩබ්පි විඑස්වි යුඑස්සි එන්ඩියු පිඑස්සි විසින් සැරයන් නිලයට උසස් කල අවස්ථාව

මව් රෙජිමේන්තු හරසර

මා/සැ ප්‍රදිප් සංජය යුජිඑල් විසින් ලබා ඇති ජාත්‍යන්තර ජයග්‍රහණ

  • 2010 වර්ෂයේදි චිනයේ ගුවැන්ෂුහි පැවැති 16 වන ආසියානු පැරා ඔලිම්පික් ක්‍රිඩා උළලේදි ටී 46 කාණ්ඩය යටතේ මිටර් 400 දිවිමේ ඉසව්ව නියෝජනය කරමින් රන් පදක්කම දිනා ගැනිම සහ එහිදි මිටර් 200 ඉසව්ව නියෝජනය කිරිම.
  • 2012 වර්ෂයේදි එංගලන්තය ලන්ඩන් නුවර පැවැති ලෝක පැරා ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගි වි එහි මිටර් 400 තරගයේ ලෝකඩ පදක්කම හිමිකර ගැනිම.
  • ප්‍රංශයේ ලියෝ නුවර පැවැති 2013 අයිජිසි ලෝකශුරතා මලල ක්‍රිඩා තරගාවලියේදි ටි 46 කාණ්ඩය යටතේ මිටර් 400 තරගය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනිම.

සෙ/371324 කෝප්‍රල් ගුණසේකර ඩබ්එල්

කෝප්‍රල් ගුණසේකර ඩබ්එල් ශ්‍රි ලංකාවට‚ ශ්‍රි ලංකා හමුදාවට මෙන්ම තම මව් රෙජිමේන්තුවට මහත් වු අඩම්බරයක් ගෙන දිමට සමත් වු තවත් සිංහ රෙජිමේන්තු ක්‍රිඩයයෙකි . ඔහු ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු වුෂු කණ්ඩායමේ කැපි පෙනෙන දස්කම් පෙන්නුම් කරන ලද ක්‍රිඩකයෙකි.

රෙජිමේන්තු මට්ටමින් මෙන්ම ආරක්ෂක සේවා මට්ටමින් ච තම දස්කම් පෙන්නුම් කරන ලද කෝප්‍රල් ගුණසේකර හට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් විදේස කෙළිබිම සදහා සහභාගි විමට මහගු අවස්ථාවක් උදාවිය. එනම් 2013 වර්ෂයේ මැලේසියාවේ ක්වාලම්පුර් නගරයේ පැවැති ලෝක ශුරතා වුෂු තරගාවලිය සදහා සහභාගි විමේ ඩතා දුර්ලභ අවස්ථාවයි.

මෙම තරගාවලිය සදහා ශ්‍රි ලංකාව වෙතින් සහභාගි කරවන ලද කණ්ඩායම් සාමාජිකයෙකු වු කෝප්‍රල් ගුණසේකර කම මව්බිමට‚ තම යුද්ධ හමුදාවට මහත් වු ආඩම්බරයක් හා කිර්තියක් ගෙන දෙම්න් හම තරගාවලියේදි ලෝකඩ පදක්කම දිනාදුන්අතර‚ එය ශ්‍රි ලාංකික ක්‍රිඩකයෙකු විසින් එවැනි තරගයකදි ගබා ගත් ප්‍රථම අවස්ථාව විය.

2013 යුද්ධ හමුදා වර්ණ ප්‍රධානෝත්සවයේදි ආරක්ෂක හා නගරික සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ලේකම් තුමා වෙතින් වර්ණ ලබාගනිමින්

කෝප්‍රල් ගුණසේකර ඩබ්එල් විසින් ලබා ඇති ජයග්‍රහණ

  • 2013 වර්ෂයේ මැලේසියාවේදි පැවැති ලෝක වුෂු තරගාවලියේදි ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගි වි ලෝකඩ පදක්කමක් දිනා ගැනිම.
  • තුර්කියේ පැවැති 2011 ලෝක වුෂු තරගාවලියට සහභාගි විම.