Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

රෙජිමේන්තු සුරතලා

රෙජිමේන්තු සුරතලා

ගල් යුගයේ සිටම මිනිසාගේ විවිධ ඕනෑ එපාකම් ඉටුකර දීමට සිවුපාවුන් පුහුණු කල හෙයින් පසුකාලීනව සතුරන් මැඩලීමට සත්ත්ව සහයෝගිකව සේනාංක බහිවිය. ඒ අනුව අපේ පැරණි රජවරුන් තම හමුදා සේනාංක ශක්තිමත් කිරීම සදහා අත්, අස් වැනි සතුන් පුහුණු කර යුධමය කටුයතුවලදී මුලික්වයෙහිලා තබා ක්‍රියාකර ඇති බවට සාක්ෂි ඇත. එවැනි හමුදා සේනාංක ශක්තිය වර්ධනය වන විට පසුකාලීනව සන්නද්ධ සංස්කෘතික විදහා දැක්මක ඉල්ලුමද ක්‍රමානුකුලව ලොව හමු‍ෙව් වර්ධනය විය. ලංකා යුධ හමුදාවේ නිත්‍ය බලසේනාවේ ආරම්භයේ පළමුවෙන් බිහිවු රයිෆල් බළඇණියට සුරතල් සතෙකුගේ ක්‍රියාකාරකම් පෙන්වීමට සිහින මැවු එවකට සිංහ රෙජිමේන්තු ප්‍රථම අණදෙන නිලධාරි කුණ්ඩසාලේ කෘෂිකර්ම ගොවිපළන් "සානන්˜ (SAANAN) වර්ඝයට අයත් එළුවෙකු බළඇණියට රැගෙන එන ලදි.

"ටෝජෝ˜ නමින් හැදින්වු එම සුරතලා රෙජිමේන්තු සැරයන් මේජර් මෝසක් ටීඑෆ්ජී යටතේ සරඹ පෙළපාලිවලට සහභාගී විය. 1961 මහනුවර පැවැත්වු නිදහස් පෙළපායෙන් සිංහ සෙබළුන් සමග අභාමානවත් අන්දමින් සම්මාන පෙළපාලියේ ගමන් කිරිමෙන් ප්‍රථම මංගල ගමන ඇරඹු "ටෝජෝ˜ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අත්පොලසන් නදින් පිළිගැනීම්වලට ලක්වෙමින් අනුරාධපුරය, ගාල්ල, බදුල්ල, කුරුණැගල යන නගරවල පැවැති නිදහස් සැමරැම් උත්සව වලට සහභාගී විය. ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රථම වරට රෙජිමේන්තු සුරතලෙකු සරඹ පෙළපාලියකට ඉදිරිපත් කිරීමේ ගෞරවට අප රෙජිමේන්තුවට හිමි විය.

අණදෙන නිලධාරී හා අමුත්තන් පිරිසක් සමගින් ටෝජෝ උත්සවයකදී

ටෝජෝ පෙළපාළියක ගමන් ගනිමින්

1977 කාල වකවානුවෙහි අණදෙන නලධාරී ලුතිතන් කර්නල් ඩීඩබ් හපුආරච්චි සහ මේජර් ජේ නම්මුනි දෙහිවල සත්ත්වෝද්‍යානයේ නිලධාරීන් සමග සාකච්ඡා කොට යුධ හමුදා පෙළපාලි හා උත්සව අවස්ථාවලට යොදා ගැනීම සදහා පුරැදු පුහුණු කිරීමට 1977 වසර අගභාගයේදී සත්ත්වෝද්‍යානයේ කූඩුකර සිටි සිංහ පැටවෙකු ලැබාගැනීමට ක්‍රියාකරන ලදි.

සිංහ සුරතලා ප්‍රදර්ශනය භූමියක

මෙම සිංහ සුරතලා 1978 ජනවාරි මස 18 සහ 22 යන දිනයන්හි කොළඹ දී පැවැත් වූ යුධ හමුදා පිරිකිසුම් පහන් සංදර්ශණය (ARMY SEARCH LIGHT TATOO) සදහා සහභාගී කරවා ගන්නා ලදි.

ඉන්පසු 1978 පෙබරවාරි මස 04 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති නිදහස් දින උත්සවයට ද මෙම සිංහ සුරතලා පෙළපාලියට සහභාගී වීම විශේෂතම සිදුවීමක් විය.

මේජර් ජෙනරාල් එල්ඩීසීඊ වෛද්‍යරත්න එන්ඩීසී පීඑස්සී පසු කලෙක යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වශයෙන් කටයුතු කරමින් සිටියදී මාස 06ක් වයසැති සිංහ පැටවෙකු ඉන්දියාවෙන් ඔහු වෙත තෑගි ලැබිණි. මෙම සිංහ පැටවා හම්බන්තොට අභ්‍යන්තර ආරක්ෂ රාජකාරි සදහා යොදවා සිටි 6 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ එවකට අණදෙන නිලධාරි ලෙස ක්‍රියාකළ මේජර් එච්ආර් ස්ටීවන් වෙත ඔහු විසින් 1988.06.11 දින භර දී ඇත.

එවකට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරාල් එල්ඩීසීඊ වෛද්‍යරත්න එන්ඩීසී පීඑස්සී විසින් මේජර් එච්ආර් ස්ටීවන් වෙත සිංහ සුරතලා භාරදුන් අවස්ථාව

ඉන් පසුව මේජර් එච්ආර් ස්ටීවන් විසින් සිංහයා රැකබලා ගැනීම සදහා එවකට අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස ක්‍රියාකළ කර්නල් ඩීකේ පොඩිමහත්තයා වෙත භාරදී ඇත. මෙම සිංහ සුරතලා "කූගර්˜ යනුවෙන් හදුන්වන ලදි. වසර 07 කුත් මාස 06 ක් රෙජිමේන්තුවේ ඉතා කීකරැව සිටීමන් පසු මෙම සිංහයා 1996.10.09 වන දනි මිය ගියේය.

වර්ථමාන සිංහ සුරතලාට පෙර සිටි සිංහ සුරතලා

එම සිංහයාගේ මරණයෙන් පසුව 1996.10.17 වන දින නැවතත් සිංහ සුරතලෙක් රෙජිමේන්තුවට එක්විය. මාස තුනක් පමණ වයසැති වු මෙම සිංහ පැටවා 1996.07.17 දින දෙහිවල සත්ත්වෝද්‍යානයේදී උපත ලබා තිබුණි. මෙම සිංහ සුරතලා ද "කූගර්˜ නාමයෙන් හදුන්වන ලදි.

මුලින්ම ටෝජෝ ද ඉන්පසු කූගර්ලා ද රෙජිමේන්තු නාමයට සමීපව සිය යුතුකම් කොටස මනාව ඉටුකරන ලද හෙයින් සිංහ රෙජිමේන්තු නාමය තව තවත් ජනතා හදවත් තුළ සමීපවීමට සිංහ සුරතලුන් බෙහෙවින්ම හේතු විය.