Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

සිංහ රෙජිමේන්තු ධජය හා ලාංඡනය

සිංහ රෙජිමේන්තු ධජයෙන් කියැවෙන තොරතුරු

සිංහ රෙජිමේන්තුවේ ධජය නිර්මාණය කිරීමේදී සැගවී සිට පහර දීමේ ගුප්ත ක්‍රියා පිළවෙත සනාථ කිරීමට සාමාන්‍ය පරිසරයට වඩා සමීප වු කලු කොළ වර්ණයෙන් රෙජිමේන්තු ධජයේ වර්ණ ලෙස තෝරා ගැනිණි. පසුකාලීනව අභිවෘද්ධිය හා සංයමය හා විනයගරුක එඩිතර බව සංකේතවත් කරමින් රෙජිමේන්තු වර්ණය ලෙස කහ වරණය එම වර්ණයන්ට එක්විය. ජාතික ධජයෙන් සිංහයාගේ අනුරැවට වෙනස් ස්වරෑපයකින් සිංහයාගේ රැව නිර්මාණය කර ඇත. සිංහයා වනාහි ‍ෙසසු සතුනට වඩා විනය, සංවරබව, ආත්ම විශ්වාසය පිරි සතෙකි. ඒ අනුව සිංහ අනුරුව තුළින් රණකාමීත්වය, නිර්භීතබාවය, ජවවේගාත්මකභාවය, පෞඨත්වය, ශ්‍රේෂ්ඨත්වය, ස්වෛරීත්වය ප්‍රද්රශණය කර ගිනිමින් අවිය සිප දක්වන ඉරියව්ව තුළින් සතුරා නිරායුධ කරන්නේය යන්න අර්ථවත් කෙරේ.

කොළ කළුපාට වන සටනින් හෙළි වේය
බිය නැති බවට සිහරද සලකුණ වේය
නිමය බලය රන් කඩුවෙන් කියැ වේය
මෙය අප සිංහ ධජයේ තොරතුරු වේය

ආදී යුද රණකාමීන් වෙඩිබෙහෙත් බහාලීමට උපයෝගි කරගත් සත්ත්ව අගින් නිර්මාණය කරන ලද මංජුසාවක් මත (POWDER HORN) නැගීසිටින තේජාන්විත සිංහ රුව ලාංඡනයෙන් හා ධජයේ ප්‍රදර්ශණය වන අතර සිංහ නාමෝපලක්ෂිත ප්‍රජාව සිහිගැන්වීමට —සිංහ˜ යන නාමය කලාත්මකව වෙඩිබෙහෙත් කොපුවේ හි සටහන් කර ඇත. පිත්තලෙන් නිම කරන ලද කොපු දෙකක් සත්ව අග දෙපැත්තට සිවිකර දේශීයත්වය අගය කරමින් හෙළ කැටයම් කලාවේ ලියවැල් රටා ශෛලීයෙන් එය හැඩගන්වා ඇත. සිංහයාගේ වලිගය පිහිටීම මගින් පුර්ණාධිකාරිත්වය ද පාද වලින් බළඇණි ශික්තයද නිරෑපණය කෙරෙන අතර, "සිංහ" සිරුරේ කේශර මගින් පිළිවෙත් ගරැක ගැඹුරු වු අධිෂ්ඨනාශීලි නොසැලෙන මනසකින් හා චිත්ත ධෛර්ය්‍යයත් කේශර මගින් පිළිවෙත් ගරැක ගැඹුරු වු අධිෂ්ඨානශීලි නොසැලෙන මනසකින් හා චිත්ත ධෛර්ය්‍යයත් පෙනුමෙන් දුටුවන් වික්ෂිප්ත බවට පත්වීමත් විදහාමාන වේ.