Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

අභිමානවත් සිංහ රෙජිමේන්තුවේ උපත වූ 7 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වර්ෂ 1990ක් වූ මැයි මස 12 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දී සනිටුහන් විය. නිත්‍ය බලඇණි වූ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නිලධාරීන් 10 ක් හා සෙසුනිලයින් 199 ක්ද , 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නිලධාරීන් 07ක් හා සෙසුනිලයින් 156 ක්ද 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නිලධාරීන් 10ක් හා සෙසුනිලයින් 163 කින් සමන්විත අභීත සෙබල කැළක් සිංහ රෙජිමේන්තු මධ්යස්ථානය අඹේපුස්ස කඳවුරේ නොඉවසිලිමත්ව පෙළගැසී සිටියේ නව සිංහ පෝතකයා වන 7 වන බලඇණිය සිංහ රෙජිමේන්තුව වෙත ඇතුලත් වීම සඳහාය.

ආගමික හා සාම්ප්‍රදායික වත්පිළිවෙත් මධ්‍යයේ 1990.05.12 දින ආරම්භ කරන ලද 7 වන බල ඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ප්‍රථම අණදෙන නිලධාරි ලෙස පත්වීමේ ගෞරවය හා භාග්‍ය ලැබුවේ එවකට මේජර් කේඑම්ඩියුඑම් කැන්දරාගම යන ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන අතර ඒකකයේ දෙවන අණදෙන නිලධාරි ලෙස මේජර් ආර්සී ඉඳුරුව හා ප්‍රථම බුද්ධි නිලධාරියා ලුතිනන් එපි පල්ලාවලද, උපකරණ පාලන නිලධාරී ලෙස ලුතිනන් (උපා) සීජේ වික්‍රමසිංහ පත්වූ අතර ප්‍රථම වැඩ බලන රෙජිමේන්තු සැරයන් මේජර් බනි 2 පියතිස්ස යූඒ පත්විය.

1990 ජූලි මස 03 වන දින නගා සිටුවන ලද 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව බලඇණි පුහුණුවීම් අඹේපුස්ස යුධ හමුදා කඳවුරේදී ආරම්භ කළ අතර උතුරු නැගෙනහිර එල්ටිටිඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සීඝ්‍රයෙන් ඉහලගොස් තිබු බැවින් යුධ හමුදා මුලස්ථානයෙන් ලැබුණු උපදෙස්මත බලඇණි පුහුණුවීම් හදිසියේම නතර කර සටන් බිමට පිවිසීමට නියෝග ලැබුණි. 1990 ජුලි මස 14 වන දින 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ක්‍රියාන්විත රාජකාරි සඳහා බ්‍රිගේඩියර් එස්ටිටි ජයසුන්දරගේ අණසක යටතේ පැවති ආරක්ෂක ප්‍රදේශ මූලස්ථානය - වන්නි වෙත රපෝර්තතු කරන විට බලඇණිය ආරම්භ කර ගත වී තිබුනේ මසක කාලයක් පමණි. අනෙකුත් බලඇණි රාශියක් සමග එක්වී සිදුකරන ලද ක්‍රියාන්විත මාලාවකින් පසු වව්නියාව නගරය ඇතුළු ප්‍රදේශ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීමෙන් අනතුරුව ඒකකය වව්නියාව ප්‍රදේශයේ ස්ථානගතවිය. මේ අනුව ඒ කණ්ඩායම හා ආධාරක කණ්ඩායම වව්නියාව නගරයද, බී කණ්ඩායම අටබගස්කඩ, මහකච්චිකුදිය, නෙදුන්කුලම් හා මඩුකන්ද යන අනුඛණ්ඩවලද, සී කණ්ඩායම උලුක්කුලම, පුරවසන්කුලම් යන ප්‍රදේශ වල ස්ථාන ගතවිය.

බළඇණිය ආරම්භ කර ප්‍රථම බළඇණි පුහුණුව අඹේපුස්ස කඳවුරේ සිදුකරන අවස්ථාවක්

මඩකලපුව ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගැනීම සඳහා ක්‍රියාන්විතයේදී ලද විරාමයකදී අනි ඇතුළු නිලධාරීන් සහ සෙනීන්

වවුනියාව ප්‍රදේශයේ විවිධ ක්‍රියාන්විත රාජකාරීන්හි නිරත වීමෙන් අනතුරුව 1990 ජුලි මස 12 වන දින බලඇණිය අම්පාර වෙත රපොර්තු කරන ලද අතර, දින කිහිපයක සූදානමකින් පසු නැවත සතුරා හඹා යාමේ දැවැන්ත ක්‍රියාන්විතය එවකට අම්පාර ප්‍රාදේශීය මුලස්ථාන ආරක්ෂක ආඥාපතිව සිටි බ්‍රිගේඩියර් යුඒ කරුණාරත්නගේ මුලිකත්වයෙන් යුතුව අරඹන ලද ප්‍රථම ක්‍රියාන්විතයේ සමාප්තිය දුටුවේ මඩකලපුව නගරය වෙත පාතැබීමෙන් පසුවය.

ඉන් අනතුරුව අරාබි ක්‍රියාන්විතය මඩකලපුවේ සිට කිරාන් හරහා කල්කුඩා හා පාසිකුඩා දක්වා ද නැවත එතැන් සිට චෙන්කලඩි හරහා මහඔය මාර්ගයේ පෙරියපිල්ලුමලේ දක්වාද විහිදුනි. 1990 අගෝස්තු මස 2 වන දින මුළු බළඇණියම පෙරියපිල්ලුමලේ කඳවුරේ ස්ථාන ගතවන ලද අතර, එතැන් සිට විටින් විට අම්පාර මඩකලපුව ප්‍රදේශයන්හිදී විවිධ ප්‍රහාරක ක්‍රියාන්විත රාජකාරී සඳහා බලඇණිය යොදවනු ලැබිය.

මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේදී ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට ප්‍රථම ගුවන් නිරීක්ෂණය සඳහා යාමට සූදානම් වන නිලධාරින්

මඩකලපුව ප්‍රදේශයේ සිදුකරන ලද සීමිත ක්‍රියාන්විතයට පෙර සෙනින් දැනුවත් කරන අණදෙන නිලධාරි

මාසයක් වැනි කාලයක් තුල 7 වෙනි බලඇණියට අයත් සියලුම කණ්ඩායම් පෙරියපුල්ලුමලේ කඳවුරේ ස්ථාන ගතවී සිටින අතර, 1990.09.12 දින සිට ඒ කණ්ඩායමට පුලුකුනාවේ අනුඛණ්ඩයේද, ඩි කණ්ඩායම වවුනතිව් අනුඛණ්ඩයේද වෙන් වෙන්ව ස්ථාන ගතවිය.

‘සත්බලය’ මෙහෙයුම ආරම්භ කිරීමට පෙර ඒකක නිලධාරින්/සෙනින් දැනුවත් කරන සෙන්පති ජෙනරාල් කොබ්බෑකඩුව

මෙසේ ඒකකය අනුකන්ඩ රාජකාරීන්හි ස්ථාන ගත විමෙන් අනතුරුව 1992.05.07 දින ප්‍රහාරක ක්‍රියාන්විත වලට සහභාගීවීම සදහා වැලි ඔය ප්‍රදේශයට අවතීරණ වන තුරු විටක අනුකන්ඩ රාජකාරිවලද තවත් විටෙක අතිරේක බලඇණිය ලෙස ක්‍රියාන් විතයෙහි නිරත වේමින්ද මඩකලපුව, 3 වන බලසේනා මුලස්ථානය යටතේ රාජකාරීන්හි නිරත වන ලදී. පසුව වසර 2ත ආසන්න කාල සිමාවක් බ්‍රිගේඩියර් ඒඑම්යු සෙනවිරත්න සහ බ්‍රිගේඩියර් එනකේබි අංගම්මන යන බලසේනාධිපතිවරුන් විසින් අණදුන් 3 වන බලසේනා මුලස්ථානය යටතේ ඒකකය මඩකලපුව දිස්ත්‍රික්කයේ රාජකරින්හිදී නිරත වන ලදී. මෙම කාලපරිච්ජේදය තුල මෙම ඒකක භටපිරිස් මඩකළපුව දිස්ත්‍රික්කයේ නොපෑගු වලිකැටයක් පවස නිවානොගත් දිය කඩිත්තක් නොමැති තරම් යයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ. වරෙක මුළු බලඇණියමද, වරෙක කණ්ඩායම් එකක් හෝ දෙකක් වශයෙන්ද තවත් වරෙක කුඩා කණ්ඩායම් එකක් හෝ දෙකක් වශයෙන්ද තවත් වරෙක කුඩා කණ්ඩායම් වශයෙන්ද විවිධාකාරයේ ක්‍රියාන්විතයන්හි යෙදෙමින් එකක සෙබළුන් ත්‍රස්තවාදීන්ගේ නිදහස් ක්‍රියාකාරකම්වලට ඉමහත් තර්ජනයක් එල්ල කිරීමට සමත්වුවා පමණක් නොව සාමකාමී බහුතර ජනතාවගේ ගෞරව ආදරයට පාත්‍රවිය. අතිරේක බලඇණිය ලෙස රාජකාරි කරන වකවානුව තුලදී තොප්පිගල, වාකරෙයි, මන්කිබ්‍රිජ්, ත්‍රිකුණාමලය, වවුනියාව ආදී ප්‍රදේශවලට විවිධ ක්‍රියාන්විතයන්හි නිරතවන ලද අතර, ඒකක බි කණ්ඩායම බලවේගය 1 ක්‍රියාන්විතයටද සහභාගිවන ලදී. මෙවැනි ක්‍රියාන්විතයන්හිදී යෙදී සිටියදීම ඒකක ඊ කණ්ඩායම නගා සිටුවන ලද අතර, එය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ක්‍රියාන්විත රාජකාරි සඳහා ආරක්ෂක ප්‍රදේශ මුලස්ථානය අම්පාර වෙත යාකරන ලදී. පසුකලෙකදී 8 ශ්‍රීලංසිරෙ ඒකකය නගාසිටුවීමේදී එම ඒකකය වෙත ඇතුලත් කරන ලදී.

දීර්ඝ කාලයක් මඩකලපුව ප්‍රදේශය තුල රාජකාරී කරමින් සිටි බලඇණිය 1992.05.07 දින වැලිඔය ප්‍රදේශයේ ස්ථාන ගතවිය. ඉන් අනතුරුව ආන්දම්කුලම් හා පුල්මුඩේ ප්‍රදේශය කරනලද ක්‍රියාන්විතයකින් පසු 1992.05.28 දින සත්බල ක්‍රියාන්විතයට සහභාගී වීම සදහා මුලතිව් කදවුර වෙත රපොර්තු කරවිය. 1992.05.28 දින සත්බලය ක්‍රියාන්විතය ආරම්භ කරන ලද අතර පුරා දින 10ක් තුල ක්‍රියාත්මක වූ මෙම ක්‍රියාන්විතය අවසන් වීමත් සමගම බලවේගය 2 ක්‍රියාන්විතය සදහා ඒකක වෙත්තලන්කර්නි කඳවුර වෙත රපොර්තු කරන ලදී. 1992.06.27 දින වෙත්තලන්කර්නි වෙත පැමිනි එකක භටපිරිස් 1992.06.28 දින අරාබි බලවේගය 2 ක්‍රියාන්විතයට සහභාගිවිය. අලිමංකඩ සහ වෙත්තලන්කර්නි ඉදිරි ආරක්ෂක පවුරේ ආරක්ෂක රාජකාරීන්හි නිරතවීම බල ඇණිය වෙත පැවරිණි.

7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නගා සිටුවීමෙන් අනතුරුව වසර දෙක හමාරක කාල පරිච්ජේදයක් තුල ඒකකයට නායකත්වය දුන් ප්‍රථම අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේඑම්ඩීයූඑම් කන්දරාගම ආර්එස්පී පිඑස්සී තම බලඇණියේ අණදෙන නිලධාරී 1992.12.21 තනතුරෙන් සමුගත්තේය.

බලවේගය II ක්‍රියාන්විතය සඳහා සහභාගී වීමට වෙත්තලන්කර්නි බලා නැව් මගින් ගමන් ගන්නා 7 සිංහ විරුවෝ

යුධ ගිනිදැල් දසතින් ඇවිලිගෙන වෙඩිහඬ සැමතින් නැගුනු සමයක අලිමංකඩ ඉදිරි ආරක්ෂක පවුරේ අඛණ්ඩ වසර 3 ක සේවකලයක් සපුරා ඇති අප බලඇණිය එම කාලය තුලදී ආරක්ෂක රාජකාරියට අමතරව, 1993.09.28 දින සිට 1993.10.04 දින දක්වා උතුරේ ක්‍රියාත්මක කරන ලද යාල්දේවි ක්‍රියාන්විතය ඇතුළු තවත් සීමිත ක්‍රියාන්විතයන් රාශියකට සහභාගි වී සතුරු ත්‍රස්තවාදීන්ට අමතක නොවන පාඩම් රැසක් ඉගැන්වීමට එම කාලසිමාව තුලදී දායක වූ බැව් මෙහිදී සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් ආරක්ෂා කරනු ලබන ඉතාමත් වැදගත්, එමෙන්ම යුධමය වටිනාකමින් යුත් භූමිභාගයක් වන අලිමංකඩ ඉදිරි ආරක්ෂක පවුර තවත් සහෝදර ඒකකයක් සමග ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ සහුරුපද ස්පර්ශයෙන් කිලිටි නොවිමට වගබලාගත් බැව් සඳහන් කරනුයේ ඉතාම අභිමනනි.

ඒකකය 1992 සිට අලිමංකඩ ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකරින් හි නියැලි සිටි 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව බොහෝ දුෂ්කරතා මැද ක්‍රියාන්විත රාජකාරියෙහි නියැලෙන ලදී. මෙසේ ක්‍රියාන්විතයන්හිදී යෙදෙමින් සිටින අවදියේදී 1995.11.19 දින එවකට මේජර් ආර්ඒඒ පෙරේරා විසින් බලඇණිය අණදීම භාරගන්නා ලදී.

අනතුරුව නිලධාරීන් හා සෙබළුන් හට කිසියම් සහනයක් සැලසීම හා යුධ වෙහෙස අවම කිරීමේ අරමුණින් 1996.07.08 වන දින කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරීන් සඳහා කොළඹ හැව්ලොක් පාරේ පිහිටි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ බලඇණිය ස්ථානගත කරන ලදී. එසේ ස්ථානගත වී මාසයකටත් අඩු කාලයක් ගතවන්නටත් පෙර එල්ටීටිඊ ත්‍රස්තවාදීන් විසින් මුලතිව් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නැවතත් 1996.07.08 වන දින අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ල ශක්තිමත් කිරීම සඳහා අප බලඇණිය ස්ථාන ගතවීම සඳහා උපදෙස් ලැබිණි. ඉන් අනතුරුව අලිමංකඩ සිට කිලිනොච්චිය ප්‍රදේශය සතුරාගෙන් මුදාගැනීම අරමුණින් 1996.07.26 දින සත්ජය මෙහෙයුම දියත් කරන ලදී. එහිදී ඒකකයේ සෙබල විරුවන් ඉතා සාර්ථකව සතුරාට ප්‍රහාර එල්ල කරමින් යුධ හමුදාවේ අරමුණු ඉටුකරමින් ක්‍රියාන්විතයේ පළමු දිනයේදීම අලිමංකඩ සිට පරන්තන් උරියන් ප්‍රදේශය දක්වා ගමන් කරන ලදී.

7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 1998 වසරේ 521 බලසේනා මූලස්ථානය යටතේ ඇති චාවකච්චේරිය තනක්කිලප්පු ප්‍රදේශය ස්ථානගතවූ අතර කෙරතිව්, කොය්ලක්කන්දී, නාවක්කුලි යන ස්ථානයන්හි අනුඛණ්ඩ ස්ථාන ගතකරන ලදී. නැවත ඒකකයේ අනුඛණ්ඩ ස්ථාන ගත කරන ලදී. නැවත ඒකකයේ අණදීම 1999.03.05 දින සිට එවකට මේජර් ජිජේඑල් වඩුගේ ආර්එස්පී විසින් භාරගන්නා ලදී. මෙසේ රාජකාරී කරමින් සිටියදී 1999.09.01 වන දින සිට කදවුරට විටින් විට සතුරු කාලතුවක්කු ප්‍රහාර එල්ල විය. 1992.12.01 දින වන විට සතුරු ප්‍රහාර දැඩිවූ අතර ඉන් දින කිහිපයකට පසුව කෙරතිව් හා කොය්ලක්කන්දී කදවුරුවල සෙබළුන් තනක්කිලප්පු කඳවුරෙහි ස්ථානගතවන ලෙසට උසස් ස්ථාන වලින් උපදෙස් ලැබුණි. 2000.04.22 දින අලිමංකඩ කඳවුර බිඳවැටීමත් සමගම චාවකච්චේරි දෙසින් සතුරු ප්‍රහාර වැඩිවන්නට විය. එහිදී විරෝධාර සෙබළුන් මව්බිමේ ඒකීයභාවය සුරැකීමේ අරමුණින් දිවි දෙවැනි කොට සටන් වැද ජාතිය වෙනුවෙන් දිවිපිදූහ. බලඇණියේ නිලධාරි, සෙසුනිලයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී සහ තුවාල ලබාසිටි බැවින් ඒකකයේ සෙබළු හිඟතාවය මත 2000 ජූනි මස 22 දින 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමග 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ඒකාබද්ධ කර 6/7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ලෙස බලඇණිය ලෙස එකාබද්ධ බලඇණියක් පිහිට විය.

ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත පැවරී ඇති භාරදුර කර්තව්‍යයන් ඉටුකිරීම උදෙසා පිරිස් බලය ක්‍රමක්‍රමයෙන් තර කිරීමටත් ඒකාබද්ධව කටයුතු කරන ඒකක නැවත නගා සිටුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් වවුනියාව ප්‍රදේශයේ කොට්ඨාස මූලස්ථාන ඒ හි රාජකාරි කල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිත්‍ය ඒකකයන්හි නිලධාරී 11 දෙනෙකු හා සෙසුනිලයන් 217 දෙනෙකුගෙන්ද හයිටි රාජ්‍යයේ සාම සාධක බලඇණියේ රාජකාරී නිමාවෙන් පසු රපිර්තු කල නිලධාරීන් 6ක් සහ සෙසුනිලයන් 120 දෙනෙකුගෙන්ද ශ්‍රීලසිරේනිත්‍ය එකක වෙතින් ඒකාරාශි කරගත් සෙසුනිලයන් ඇතුලත්කර නිලධාරීන් 19 සහ සෙසුනිලයන් 410 දෙනෙකු එකතුව 2006 ජනවාරි 26 දින 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමධිනවා ප්‍රතිස්ථාපනය කරමින් 7වඑන එනදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කනල් කේඑච්ජිජි ප්‍රනාන්දු ආර්එස්පී එම භාග්‍ය හිමිකරගෙන වව්නොයව පම්පෙයිමඩු ප්‍රදේශයේ තම ඒකකය සමග ක්‍රියාන්විත රාජකාරීන් ආරම්භ කරන ලදී.

මෙ වන විට ඒකකය වව්නියාව ප්‍රදේශයේ ආරක්ෂාව සදහා 211 බලසේනාමුලස්ථානයේ අනසක යටතේ රාසේන්ද්‍රකුලම් , නෙළුම්කුලම් ,චෙක්කදිපිලෙයි , ගනේෂපුරම් , මයිලක්කුලම් , අබසෙවන ,සුදුවෙන්ද්‍රපිලව්, තම්මන්නකුලම්, නගරකඳවුර වව්නියාව යන ස්ථානයන්හි රයිෆල් කණ්ඩායම් 03 අනුකන්ද වශයෙන් ස්ථාපිත කරන ලදී. අනසහ පාලන කණ්ඩායම සහ ආදරක කණ්ඩායම පම්පෙමඩු කන්දවුරේ ස්ථාන ගතවිය. මෙම ප්‍රදේශයන්හි ත්‍රස්තවාදී ප්‍රහයරන් මැඩලමින් සාර්ථකව කටයුතුකරමින් සිටියදී 2007.12.09 දින වන්නි මානුෂිය මෙහෙයුම සදහා දායක වීමේ මහගු අවස්ථාව මෙමැ බලඇණියට හිමිවිය.

2007.09.12 දින සිට එල්ටීටිය ත්‍රස්තවාදය ස්රිලන්කාද්විප, යෙන් තුරන් කර ශ්‍රීලංකදීපයට සාමය උදාකරලීම සඳහා ක්රෝයත්මකවූ වන්නි මානුෂිය මෙහෙයුමට 57 සේනාංකය යටතේ පිරමනයන්කුලම් පෙරියතම්පනේ, තම්පනේ පරයානකුලම් පෙරියපන්දිවිරිච්චන් මඩු කිරිසුද්දාන් මුල්ලිකුලම් පෙරියමඩු උතුර වව්නිකුලම් මල්ලාවි මාන්කුලම් දක්වා එල්ටිටි ත්‍රස්තවාදී ග්‍රහණයෙන් පවතී බුමිප්‍රදේශය අත්පත්කරගනිමින් සදහා මෙම එකක බටපිරිස් සක්ක්රියව දායකත්වය දැක්විය.

ඓතිහාසික මඩු දේවස්ථානය ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගත් 7 සිංහ විරුවන්

වන්නි මානුෂිය මෙහෙයුම හා සක්‍රියව සම්බන්ධ විත්රස්තවාදීන් පරාජය කිරීමේ කාර්ය ආරම්භකර සිටි මෙම බල ඇණියේ 8 වන අණදෙන නිලධාරිලෙස ලුතිනන් කනල් කේ ලියනගේ යන ජෙෂ්ට නිලධාරීන් වැඩ භාරගන්න ලදී. 2008.12.31 දින දක්වා 57 වන විශේෂ ප්‍රහාරක සේනාංකය යටතේ එතා දක්වා ඇති ප්‍රදේශයන් ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගෙන සිටි බලඇණිය 2009.01.01 දින සිට පරන්තන් ප්‍රදේශයේදී 58 සේනාංකය වෙත අනියුක්තව 581,582, සහ 583 බලසේනයටතේ පුනරින් , පරන්තන්, ධර්මපුරම්, පුදුකුඩුඉරිප්පු, පුදුමාතලන්, වෙල්ලමුල්ලිවෛකල් යන ප්‍රදේශයන් මුදාගැනීම සදහා ක්‍රියාකරන ලදී. එදින සිට 2009.02.19 දින වන්නි මනුශීය මෙහෙයුමේ සමාප්තිය සටහන්වූ වෙල්ලමුල්ලිවෛක්කාල් යන ප්‍රදේශ දක්වා සක්රියලෙස දායකත්වය දක්වන ලදී.

කොපමණ බාධා තිබුණද වන්නි මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය කරා රැගෙන ගිය අණදෙන නිලධාරි සහ 7 සිංහ විරුවෝ

ශ්‍රී ලංකාද්වීපයට සාමය උදාකරලීම සදහා දියත්කරනලද වන්නි මෙහෙයුමසදහ දායකවූ මෙම බලඇණිය විශාල ජයග්‍රහණයක් අත්පත්කරගනිමින් අවි ආයුධ පතුරම් වෙදිද්‍රව්‍ය ප්‍රමාණයක් අත්තදන්ගුවට ගන්න ලද අතර ත්‍රස්තවාදීන් විශාල සන්ක්යාවක් ජීවිථක්ශ්යත පත්කරන ලදී.

බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ප්‍රතිකාර සඳහා රැගෙන යමින්

ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගන්නා ලද අවි ආයුධ තොගයක්

උතුරු මුදගේනිමේ මානුශීය මෙහෙයුමේ එල්ටිටි ත්‍රස්තවාදී ග්‍රහයයේ පවතී ප්‍රදේශයෙන් අත්පත් කරගැනීමේ ක්‍රියාන්විතයන් තුලදී ඔවුන් සමග ඇතිවූ ගැටුම් හේතුවෙන් මෙම බලඇණියට අයත් නිලධාරීන් 6 දෙනෙකු සහ සෙසුනිලයන් 115 දෙනෙකුගේ දිවිකුසුම වාතලයට මුසුවූ අතර, සෙසුනිලයන් 04 දෙනෙකු අහුරුදහන් විය. අම්ම නිලදාරී හා සෙසුනිලයන් 843 දෙනෙකු මෙම දැවැන්ත ක්‍රියාන්විතයේදී ත්‍රස්ත වැඩි ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබිය.

මානුෂීය මෙහෙයුම ජයගත් 7 සිංහ විරුවෝ 58 සේනාංකාධිපති තුමන් සමඟින් වෙල්ලමුල්ලිවයික්කාල්හීදී

මානුෂීය මෙහෙයුමෙන් පසු අවදිය

මානුෂිය මෙහෙයුම අවසන් වීමෙන් අනතුරුව 58 විශේහ්ෂ ප්‍රහාරක සේනාංකයට අයත් බලඅනි ක්‍රියාන්විත ප්‍රදේශයෙන් ඉවත් කිරීමත් සමගම 7වංඅ බලඇණියට ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ ස්ථාන ග්ටහවිමට සිදුවිය. එලිටිටි ත්‍රස්තවාදය මුළුමනින්ම ශ්‍රී ලංකාද්වීපයෙන් තුරන් කරන ලද වන්නි මානුෂිය මෙහෙයුම අවසානයේ එකක බටපිරිස් ඉරණමඩු ප්‍රදේශයේ ස්ථාන ගතවී සිටියදී මානුෂිය මෙහෙයුම විජයග්‍රාහී ලෙස අවසන් කිරීමට දායකත්වය දැක්වූ 7 වන බලඇණියේ 8 වන අණදෙන නිලධාරී වන ලුතිනන් කනල් කේ ලියනගේ ජෙෂ්ට නිලධාරී තුමන් විසින් තම මව් ඒකකයේම අණදෙන නිලධාරී තුමන් ලෙස පත්වූ එවකට මේජර් එච්දිකේ හෙය්යන්තුදුව ආර්ඩබ් පි ආර්එස්පී යන ජෙෂ්ට නිලධාරීවෙත 2009/09/07 දින අණදෙන නිලධාරී තනතුරේ රාජකාරී භාරගැනීම් සිදුකරන ලදී.

රටතුල සාමකාමී වාතාවරණයක් ආරම්භාවෙමින් පවතී මෙම කාලසීමාව තුල ප්‍රදේශය හැරගිය සිවිල් ජනතාව නැවත පදිංචි කරවීමේ කාර්ය භාරයටද උරදීමට 7 වන සිංහ රෙජිමේන්තුවවට විශේහ්ස අවස්ථාවක් හිමිවූ අතර ඒ සදහා ඉරාන මඩු ප්‍රදේශයේ නික්ම සියලුමැ එකක භට පිරිස් 2009.09.18 දින කන්කසන්තුරය මාවාදී ප්‍රදේශයට ගමන්කර ආසෙමු (යා) යටතේ කන්කසන්තුරය මාවාදී ප්‍රදේශයේ අනුකන්දවශයෙන් ස්ථාන ගතව එහි පැවරු රාජකාරීන් උසස් අන්දමින් ඉටුකිරිය. එහිදී පැවරුනේ යුධ බිමේ රජකාරින්ගෙන් වෙනස් වූ වැඩ ඉතා උසස් අන්දමින් ඉටුකිරීමට භට ඔඉරිස් කැපවීම මෙහිලා විශේෂයෙන් සදහන් කල යුතුවන්නේය.

මෙම කදවුරේ ස්ථාන ගතවීමෙන් අනතුරුව ඒකකය වෙත විශේෂ රාජකාරීන් බොහොමයක් පතුරවන අතර , 2011 මහා මැතිවරණයේ ආරක්ෂක රාජකාරි ඩෙංගු මර්ධන ක්‍රියා කාරකම් සදහා සම්බන්ධවීම් විශේහ්ෂ ප්‍රභූ ආරක්ෂක රාජ කාරී ඒ අතර විශේශ්ස තෙනක් ගත්තේය. ඒ අතර බලඇණියේ භට පිරිස්හි දැනුම වර්ධයන කර ගනිමින් සාමුහිකව බලඇණියක් ලෙස වැඩකිරීමට පුහුණුවීමට වටිනා අවස්ථාවක් උදා කර ගනිමින් 2011.11.19 දින සිට 2011.12.19 දින දක්වා 58 සෙමු බලඅනි පුහුණු පාසැල කටු කලියව වෙතින් ඉතා සාර්ථකව බලඅනි පුහුණු වීම් හදාරන ලදී.

වසර 3ක් කාලයක් බලඇණිය ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කර ගෙනයාමට ඉතා නිවැරදි නායකත්වයක් හා මාර්ගෝපදේශනයක් ලබාදුන් 7 බලඇණියේ 9 වන අණදෙන නිලධාරී ලෙස කටයුතු කල ලුතිංන් කනල් එච්දීකේ හෙය්යන්තුදුව ආර්ඩබ්පී ආර්එස්පි යන ජේස්ට නිලධාරී තම තනතුර 2012.07.24 දින මේජර් දීඑස් ජයවර්ධන ආර්එස්පී යන ජෙෂ්ටනිලධාරී තුමන් වෙත භට=ර දෙන ලදී.

වන්නි මානුෂිය මෙහෙයුමේ සදහා සක්‍රියව දායක වෙමින් 57 සේනාංකය යටතේ රාජකාරී ඉයතුව සිට 2009.01.01 දින දක්වා උතුරු ප්‍රදේශයේ රාජකාරී නියතුව සිටි 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ප්‍රභූ ආරක්ෂක රාජකාරී ජනාදිපති ආරක්ෂක රාජකාරී මෙන්ම හදිසි ආපදා සහන කණ්ඩායම් ජාරකාරී කරල් ඉමර්ධනය කිරීම් වැනි විශේෂ රාජකාරීන් සදහා 2010.01.01 දින කෑගල්ල ප්‍රදේශයට පැමිණෙන ලදී.

බල අනි ඉහල මුඋලස්ත්නයන් මේනම ජෙෂ්ටනිලධාරින්ගේ පැසසුමට ලක්වෙමින් මෙම රාජකාරීන් ඉතා උසස් අන්දමින් ඉටුකරමින් සිට 2013.02.04 දින 58 සේනාංකය වෙතින් එවත්ව අවතැන්වූවන්ගෙන් නැවත පදිංචි කිරීමේ කාර්යභාරයටද කරට ගෙන අප රෙජිමේන්තුවේ රෙජිමේන්තු අණදෙන නිලධාරී තුමාගේ අනසක යටතේ පාලනය වන 56 සෙනන්කයවෙත අනුයුට්=කතාව 563 බලසේන මුලස්ථානය යටතේ වව්නියාව කරුවලපුල්ලියම් කදවුරේ ස්ථාන ගතවිය. මෙහිදී 11 ශ්‍රීලංජාආබමු බලඇණිය විසින් සිදුකරමින් සිටි නැවත පදිංචි කිරීමේ රාජකාරී 2013.02.18 දින සිට අප බලඇණිය විසින් භාරගත් අතර බලඇණියේ මුලස්ථානය එන සහ පාලන කණ්ඩායම ආධාරක කණ්ඩායම කරුවලපුලියන්කුලම කාවුරෙත්,රයිෆල් කණ්ඩායම් අතුරින් දී කණ්ඩායම - බොගස්වෙව 1 , බෝගස්වැව 2 , ඒ කණ්ඩායම නන්දිමිත්රගම , බී කණ්ඩායම සැළලිහිණි ගම , සී කණ්ඩායම - නාමල්ගම ස්ථාන ගටහ විය. පදිංචි කර විඉමේ කටයුතු භාරගැනීමේදී ඉහටහ ගම්මාන 5 හිමි පවල් 500 පමණ පදිංචිව සිටි අතර 2013.10.30 වන විට පවු 2500 කට ආසන්න ප්‍රමාණයක් පදිංචි කරව එම ගම්මනය යටිතල පහසුකම් සම්පුර්ණ කරමින් බලඅනි යට ලැබුන වූ අභියෝගය ජයගැනීමට එකා මෙන් ක්‍රියා කරන ලදී.

7 සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි සාමූහික එකඟත්වයෙන් යුතුව බෝගස්වැව පදිංචි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉදිකළ බෝගස්වැව මහා විද්‍යාලය ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමා අතින් සහ ආසේමු(ව) ආඥ්යාපති සහ අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ නිසිස් බලධාරී සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එමෙචේස්බී පෙරේරා අරඩබ්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී මැතිතුමන්ගේ සුරතින් විවෘත වූ අවස්ථාව

බෝගස්වැව ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතුවල නිරත වන 7 සිංහ සෙබළුන්

7 සිංහ සෙබළුන්ගේ ශ්‍රම ශක්තියෙන් ඉදි කරන නිවසක්

දීර්ඝ කාලයක් සිවිල් ජනසමාජය සමග සහයෝගයෙන් සිදුකලාවූ කාර්යයෙන් ඒකකය බැහැරව බලඅනි පුහුනුවිමෙහි නිරතවීම සදහා කනගරායන්කුලම් පිහිටි 56 සේනාංක බලඅනි පුහුණු පසලවෙත රපොර්තු කරන ලදී. 2013.10.09 දින ආරම්භවූ බලඅනි පිහුණු පාඨමාලාව 2013.05.11 දින දක්වා පවත්වන ලද අතර එම පාඨමාලාව ඉතා සාර්ථකව නිමකිරීමට බලඇණියේ බටපිරිස් එකා මෙන්ව ක්‍රියාකරන ලදී. බලආනි පුහුණු විඉම් නිමාවෙන් පසු 2013.11.16 දින කරුවල පුලියන්කුලම් කදවුරට පැමිණි බලාආනිය සියලුකන්දායම් වව්නියාව කරුවලපුලියන්කුලම් කදවුරෙස්ථාන ගතවූ අතර වසර ගණනාවක් එක එක ස්ථානයන්හි තාවකාලික කඳවුරු ඉදිකරමින් ස්ථාන ගතවෙමින් සිටිබලානිය මේ වන විට ස්ථිර අලංකාරමත් කදවුරක් ඉදිකිරීමේ අරමුණින් මුහුණදෙමින් කඳවුර ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් සිටිය.