Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

රෙජිමේන්තු මුලස්ථාන බලඇණිය

ශ්‍රී ලංකා සිංහ රේජිමෙන්තුවේ සියලුම නිත්‍ය/ස්වෙච්චා ඒකකයන්හි ක්‍රියාන්විත හේතුන් මත සහ සාමාන්‍ය හේතුන් මත ආබාධිත තත්වයට පත් නිලධාරී හා සෙසු නිලයන්ගේ පාලන කටයුතු හා පුනරුත්තාපන කටයුතු වඩාත් සන්විධානත්මක වශයෙන් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය දැඩිව පැන නැගීමෙන් අනතුරුව එයට පිලියමක් වශයෙන් එම කටයුතු සිදුකිරීම සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ පළමුව ආධාරක කණ්ඩායමක් වශයෙන් 1993 වර්ෂයේ අගභාගයේදී ආරම්භ කෙරුණි.

1998 වර්ෂය වන විට ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධය සංකීර්ණ ස්වරුපයක් ගත අතර ඒ හේතුවෙන් අබාධිත වන හමුදා සාමාජිකන් සන්ඛයාත්මක වශයෙන් ඉහල යාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කළේය. ඔවුන් පිලිබදව පැන නැගෙන ගැටළු විසදීම සදහාත් ඔවුන්ගේ පරිපාලන ගැටළු හා පුනුරුත්තාපන කටයුතු ක්‍රමවත්ව හා කාර්යක්ෂමව සිදුකරලිම සදහා මනා සංවිධානාත්මක ක්‍රමයක අවශ්‍යතාවය සමස්ත යුධ හමුදාවට දැඩිව පැනනැගෙන ලදින් එවකට ආධාරක කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වූ කණ්ඩායම ඒකකයක් වශයෙන් නගා සිටුවිය යුතු බවට යුද්ධ හමුදා මුලස්ථානය රෙජිමේන්තු මුලස්ථාන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේදී ආරම්භ විය .

යුද්ධ හමුදා මුලස්ථානය වෙතින් රෙජිමේන්තු මුලස්ථාන බලඇණිය වෙත නව එකක සංස්ථාවක්හ දුන්වාදීම සමගම ආබාධ සහිත වුවන්ගේ පුනුරුත්තාපන කටයුතු සිදු කිරීමට අබාධිතයන් රදවා ගැනීමේ කණ්ඩායමත්, මියගිය/අතුරුදහන් සියලුම නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ පාලන කටයුතු සිදුකිරීමට ලිපි ලේඛන නඩත්තු කිරීමේ කණ්ඩායමත් ,පාලන කටයුතු සිදුකිරීමට අණ හා පාලන කණ්ඩායමත් පිහිටු විය.

සිංහ දිරිය පියස ව්‍යාපෘති මධ්‍යස්ථානයේ විස්තර

බලඇණියේ එවකට අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කල ලුතිනන් කර්නල් එච්ආර් වික්‍රමසිංහ යූඑස්පී ජෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත අබාධ සහිත වුවන් තුල තිබෙන සහා දක්ෂතා හදුනාගෙන ඒවා නිර්මාණයන් බවට පත්කරලීම අරමුණු කොටගෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවාවනිත ඒකකයේ මුල්‍යමය දායකත්වය මත හා ඒකකයේ අබාධිත සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් සිංහ දිරිය පියෙස නම් වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය 2004.11.27 දින ආරම්භ කරන ලදී.වර්තමානයේ මෙම ව්‍යාපෘති මධ්‍යස්ථානය යටතේ පහත සදහන් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

• රණවිරු වඩුවැඩ ව්‍යාපෘතිය
• රණවිරු අභ්‍යාස පොත් නිෂ්පාදන ව්‍යාපෘතිය
• පුලතිසි ඔසු උයන ව්‍යාපෘතිය .
• රණවිරු ලී කැටයම් නිෂ්පාදන ව්‍යාපෘතිය
• රණවිරු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය
• රණවිරු බේකරි නිෂ්පාදන ව්‍යාපෘතිය
• රණවිරු මැහුම් නිෂ්පාදන ව්‍යාපෘතිය
• රණවිරු ත්‍රිරෝද රථ ව්‍යාපෘතිය
• රණවිරු සිමෙන්ති ගල් නිෂ්පාදන ව්‍යාපෘතිය
• රණවිරු සම්භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපෘතිය
• රණවිරු විසිතුරු භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපෘතිය
• රණවිරු ඉදල් කොසු නිෂ්පාදන ව්‍යාපෘතිය
• රණවිරු ගොවිපල
• රණවිරු පල තවාන

මියගිය/අතුරුදහන් හා ආබාධිත සෙබළුන් උදෙසා සිදුකල ඒකක ඉතිහාසයට එක්වන සුභසාධක ක්‍රියාවලින්

• මියගිය /අතුරුදහන් හා ආබාධිත නිලධාරී /සෙසුනිලයින්ගේ පාසල් යන දුදරුවන්ගේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වස් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවාවනිතා ඒකකය හා එක්ව ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
• පාද අහිමි සිංහ රණවිරුවන් උදෙසා කෘතීම පාද පරිත්‍යාග කිරීම.
• ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්ව අබාධිත තත්වයට පත් සිංහ
• රණවිරුවන් වෙනුවෙන් රෝද පුටු ,ඇවිදීමේ ආධාරක හා අත්වාරු යුවල් පරිත්‍යාග කිරීම.
• නිවාස අහිමි රණවිරුවන් හට නිවාස පරිත්‍යාග කිරීම සහ අඩක් නිම කර අති නිවාස සදහා මුල්‍ය ආධාර ලබාදීම.