Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

24 වන බළඇණිය ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව

මානුෂිය මෙහෙයුම සාර්තකව අවසන් කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිදුකරන ලද යම් යම් වෙනස්කම් හමුවේ අලුතින් බළඇණි පිහිටුවීම කෙරෙහි වු පුර්ව සාකච්ඡාවන් කිහිපයක් යුද්ධ හමුදා මුලස්ථානය වෙතින් සිදුකරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙසින් 2009.09.18 දින 24 වන බළඇණිය පිහිටවන ලද අතර, එහි ප්‍රථම අණදෙණ නිළධාරි වශයෙන් ලුතිතන් කර්නල් ඒඑමිසි අබේකෝන් ආර්ඩබ්පී ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි කටයුතු කරනු ලැබීය.

ඒකකය අරම්භයේදී එහි පාලන කටයුතු ගෙනයාමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සියලු දෙනා හටම සිදුවීම සාමාන්‍ය සිදුවීමක් විය. ඒකකයේ කටයුතු සදහා ඇවැසි බඩුබාහිරාධිය මෙන්ම ඇතැම් අවස්ථාවන්හි භඨ පිරිස් ඌණතාවය විශාල වශයෙන් දැනෙන්නට විය. එහෙත් අණදෙණ නිලධාරි පුමුඛ නිලධාරි සහ සෙසු නිලයින්ගේ දැඩි කැපවීම මත ඉලක්කය සපුරා ගැනීමට හැකි විය.

මුලතිව් ප්‍රදේශයේ ස්ථානගත වු ඒකකය ප්‍රදේශයේ වැඩි වශයෙන් සිවිල් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ඉතා වැඩි වශයෙන් සිදුවන්නට වු හෙයින් ඒ සදහා දැඩි කැපවීමක් සිදුකිරිමට සිදුවිය. මේ අතරතුර සිවිල් පුද්ගලයින් පදිංචි කිරීමට නියමිතව තිබු බැවින් මෙතෙක් ඒකකය ස්ථානගතව සිටි සිවිල් වැසියන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙස දැනුම් දීමෙන් අනතුරුව අලම්පිල් මංසන්ධියේ පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් පොල් වත්ත වෙත ඒකකය රැගෙන යාමට තීරණය කල අතර, ඒ අනුව එහි ඉදිකිරිම් කටයුතු ආරම්භ කෙරුණි.

ඒකකය ප්‍රදේශයේ ස්ථානගත වෙමින් සිවිල් ජනජීවිතයේ විවිධ අවස්ථාවන් කෙරෙහි ආධාර උපකාර කරමින් සිවිල් සම්බන්ධීකරණ කටයුතු සිදුකල අතර, ඒ අතරට,
දන්සල් පැවැත්වීම
අවුරුදු උත්සව සංවිධානය කිරීම
බස් නැවතුම් පොළවල් සකස් කිරීම
නිවාස ඉදිකිරීම
නිවාස අලුත්වැඩියා කිරීම
ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම
සෞඛ්‍ය හා වෙනත් කටයුතු සදහා සහාය දක්වීම වැනි සත්කාර ප්‍රධාන වශයෙන් සදහන් කල හැකිය. මේ සෑම අවස්ථාවකදීම රාජ්‍ය හා උසස් මුලස්ථානයන්හි නිරන්තර උපදෙස් හා මගපෙන්වීම ඒකකය වෙත නොඅඩුව ලැබිණි.

ඒකකයේ ආරම්භයේ සිට අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරන ලද ලුතිතන් කර්නල් ඒඑම්සී අබ්කෝන් ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී ඒකකය නගසිටුවීමේ භාරදූර කාර්යය අවසාන කරමින් අණදීමේ රාජකාරි 2012.07.05 දින සිට මේජර් ආර්ඒඑන්පී රණවීර ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත භාරදුන් අතර, අණදෙන නිලධාරි රාජකාරී භාරගත් පසු 24 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් මුලතිව් අලම්පිල් ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සුභසාධන කටයුතු හා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු වස් විවිධ වැඩ සටහන් අරම්භ කරන ලදි. අණදෙන නිලධාරී ඇතුලු සියලුම නිලධාරි/සෙසු නිලයින්ගේ ප්‍රධාන කර්යභාරය වුයේ සිවිල් ජනතාවගේ යටිතල පහසුකම් හා සුභසාධනය ඉහල නැංවීම තුලින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහල මට්ටමකට ගෙන ඒමයි.

බළඅණියේ සියලුම නිලධාරි/සෙසු නිලයින්ගේ සුභ සාධක කටයුතු නැංවීමෙහිලා විශේෂ ඉදිකිරීම් කරමින් සුභ සාධනය දියුණු කිරීමට බළඇණිය මේ වන විට සමත්වී ඇත. ඒකකයේ නිලධාරි/සෙසු නිලයින්ගේ පවුල්වල සාමාජිකයින් මුලතිව් ප්‍රදේශයේ සංචාරය කිරීම සදහා පැමිණීමේදී නවාතැන් පහසුකම් ලභා ගැනීම සදහා යුධ හමුදා මූලස්ථානයේ අනුමැතිය මත කබානා 03 ක් සහ නිදන ශාලාවකින් හා බංගලා 02 කින් අලම්පිල් වෙරළේ සියලු පහසුකම් සහිතව ග්‍රීන් ජැකට් නිවාඩු නිකේතනය 2013.06.26 වන දින 59 සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්කේඩී පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදි.

රෙජිමේන්තු අධිපති තුමාගේ කදවුරු සංචාරය

24 වන බළඇණිය ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව අණදෙන නිලධාරීවරුන්

සිට දක්වා
නි/62132 මේජර් ඒඑමිසී අබේකෝන් ආර්ඩබ්පී ආර්එස්පී 2009.10.01 2011.02.19
නි/62132 ලුතිතන් කර්නල් ඒඑමිසී අබේකෝන් ආර්ඩබ්පී ආර්එස්පී 2011.02.19 2011.07.05
නි/62149 මේජර් ආර්ඒඑන්පී රණවීර 2012.07.05 2013.05.19
නි/62132 ලුතිතන් කර්නල් ඒඑමිසී අබේකෝන් ආර්ඩබ්පී ආර්එස්පී 2009.10.01 2011.02.19

විධායක අධිකාරීවරුන්

සිට දක්වා
නි/65333 කපිතන් එම්ආර්ජේකේ බංඩාර 2009.10.01 2010.07.22
නි/65393 කපිතන් එම්එම් ප්‍රියලාල් 2010.07.05 2011.08.22
නි/65393 මේජර් එම්එම් ප්‍රියලාල් 2011.08.23 2012.04.25
නි/67817 ලුතිතන් පිපිඩීඑස් ආරියවංශ 2013.04.25 2013.05.10
නි/66626 ලුතිතන් ආර්එම්එල්ටී බංඩාර 2013.05.10 මේදක්වා

රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්

සිට දක්වා
සෙ/350654 බනි 1 බීඩිඩිඑස්පී කොස්ගොඩ 2009.10.01 2010.07.23
සෙ/352203 බනි 1 ජිඩීඑස් නිශ්ශංක 2010.07.23 2012.03.21
සෙ/351142 බනි 11 රූපසිංහ කේ ආර්එස්පී 2012.03.21 2012.05.31
සෙ/351142 බනි 1 කේ රූපසිංහ ආර්එස්පී 2012.05.31 2012.09.25
සෙ/354907 බනි 1 ඩබ්ඒ ජැක්සන් 2012.09.25 2013.09.04
සෙ/356319 බනි 11 ප්‍රියන්ත ජේඒ 2013.09.04 මේදක්වා