30th April 2026 21:32:56 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් සියලු අංශ ආයතන ලිපිකරුවන්ගේ සහභාගීත්වයෙන් පරිපාලන සහායක රාජකාරි හා කාර්යාල ක්‍රියාපටිපාටීන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 අප්‍රේල් මස 29 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ පරිපාලන කාර්ය මණ්ඩලයේ වෘත්තීය දැනුම, පරිපාලන හැකියාවන් සහ ලිපිකරු රාජකාරි පිළිබඳ ප්‍රායෝගික අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින්ය. එම වැඩමුළුව සඳහා ලිපිකරුවන් 104 දෙනෙකු සහභාගී වූ අතර, එය යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ එම් සී අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ගේ මඟපෙන්වීම යටතේ පැවැත්විණි.
විශ්‍රාමලත් කපිතන් (උපා) අනුර කුසුම්සිරි මහතා විසින් මෙම දේශනය පවත්වනු ලැබීය. සේවා කාලය තුළ හා විශ්‍රාම යාමන් පසුවද ආදර්ශවත් සේවාවක් ඉටු කළ ඔහු, මෙම දේශණයේදී ලිපිකරු රාජකාරි නිසි අයුරින් ඉටු කිරීම, පරිපාලන ක්‍රියාපටිපාටි සහ කාර්යාල කළමනාකරණයේ වෘත්තීයභාවය හා කාර්යක්ෂමතාවයේ වැදගත්කම පිළිබඳ පැහැදිලිව කරුණු දක්වන ලදී.
වැඩසටහන අවසානයේ දේශකතුමාගේ වටිනා දායකත්වය හා මෙම රෙජිමේන්තුවේ ලිපිකරු කාර්ය මණ්ඩලයේ දැනුම සහ වෘත්තීය මට්ටම උසස් කිරීමට කළ කැපවීම අගයමින්, ඔහු වෙත සමරු තිළිණයක් පිරිනමන ලදී.