07th April 2026 17:36:09 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඑම්සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 වර්ෂයේ අප්‍රේල් මස 06 වන දින යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස යුද්ධ හමුදා මුලස්ථානයේ වැඩ භාර ගන්නා ලදී. ආගමික වතාවත් මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි භාරගත් ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය නව කාර්යාලයේ දී සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය.