Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

22nd March 2026 18:51:43 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර්‌ ජෙනරාල්‌ චමින්ද තිබ්බොටුගේ වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ උපහාරය

මේජර්‌ ජෙනරාල්‌ සී එස් තිබ්බොටුගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 කට ආසන්න කාලයක්‌ සේවය කර 2026.03.21 වන දින විශ්‍රාම යාම වෙනුවෙන්‌ ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක්‌ අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන දොරටුව අභියසදී පිළිගෙන කඳවුරු සම්මාන මුරයක්‌ පුදකරනු ලැබීය. ඉන්‌ අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර්‌ පි එම් එස් කරුණාරත්න පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟ සම්මාන පෙලපාලියේ ආචාරය පිළිගැනීමෙන්‌ පසු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකයේ දී මාතෘ භූමිය වෙනුවෙන්‌ තම දිවි දුන්‌ රණවිරුවන්‌ සිහිකර පුෂ්පෝපහාර පුදකිරීමට සහභාගි විය.

පසුව, සියලු නිලයන්‌ සමඟ පැවති තේපැන්‌ සංග්‍රහයට සහභාගි වු විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි එම අවස්ථාවට සහභාගි වු අයවළුන්‌ සමඟ සුහද පිළිසදරක නිරත විය.

උත්සවයේ සමාප්තිය සනිටුහන්‌ කරමින්‌ සහභාගි වු නිලධාරින්‌ හට රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදි සුදානම්‌ කර තිබු අතර, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ හමුදා නායකත්වය සහ යුද්ධ හමුදාවට කළ අසමසම දායකත්වය ඇගයීම සඳහා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර්‌ ජෙනරාල්‌ ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි විසින්‌ නික්ම යන මේජර්‌ ජෙනරාල්‌ සි එස් තිබ්බොටුගේ වෙත විශේෂ සමරු තිළිණයක්‌ ප්‍රදානය කරන ලදී.

පැමිණ සිටි ආරාධිතයින් නික්ම යන කීර්තිමත්‌ ජ්‍යෙෂ්ඨ නිලධාරි හට නිදුක්‌ නිරෝගී, සාමකාමී සහ සමෘද්ධිමත්‌ ජීවිතයක්‌ ප්‍රාර්ථනා කරන ලදී.