15th March 2026 11:43:26 Hours
සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිණි යමුනා අබේකෝන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව වැඩසටහනක් 2026.03.14 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිළධාරි/ සෙසුනිලයින්ගේ බිරින්දෑවරුන් 110 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
අදාල වැඩසටහනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක මලීෂ හේරත් නිළධාරී විසින් ‘සයිබර් අපරාධ’ යන මාතෘකාව යටතේ හරවත් දේශණයක් සිදුකරන ලද අතර, පැමිණ සිටි අයවලුන්ගේ රසාස්වාදය උදෙසා මියුරු සංගීත වැඩසටහනක්ද පවත්වන ලදී.
තවද මෙම වැඩසටහන සදහා සහභාගිවූ සේවාවනිතා සාමාජිකාවන් වෙනුවෙන් ක්ෂණික දිනුම් ඇදීමේ අවස්ථා මගින් ජයග්‍රාහිකාවන් 21 දෙනෙකු වෙනුවෙන් ඉතා වටිනා තිළිණ ප්‍රදානය කල අතර, මෙම අවස්ථාවට පැමිණ සිටි සියලුම සේවාවනිතා සාමාජිකාවන් වෙත කාන්තා දින සැමරුම සංකේතවත් කරමින් සමරු තිළිණ ලබාදීමද සිදුකරන ලදී.