Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

02nd March 2026 18:48:36 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නිලධාරී පුහුණු දිනය 2026 සාර්ථකව අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

2026 පෙබරවාරි 27 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද නිලධාරී පුහුණු දිනය අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රෙජිමේන්තු අධිපති හා 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එම්.සී. අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණි.මෙම අවස්ථාවට රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් රැසක් සහභාගී විය.

වැඩසටහන ආරම්භ වූයේ E-Birth Business Academy හි දිනේෂ් තිලකරත්න මහතා විසින් පැවැත්වූ “Work Smart with AI” යන මාතෘකාව යටතේ වූ දේශනයකින් ය. මෙම දේශණයේදී දිනෙන් දින වැඩිවන කෘතිම බුද්ධියේ (AI) වැදගත්කම පිළිබඳ අවධානය යොමු කළ අතර, එය ඵලදායී ලෙස භාවිතා කරන ක්‍රමවේද රැසක් ඉදිරිපත් කරන ලදී.මෙම දේශනය නිලධාරීන්ට නව තාක්ෂණික ප්‍රවණතා හඳුනාගැනීමට සහ ඒවා හමුදා වෘත්තීය ක්ෂේත්‍රය තුළ සාර්ථකව භාවිතා කිරීම පිළිබඳ අවබෝධයක් ලබාදීමට දායක විය.

සන්ධ්‍යා කාලයේදී මිත්‍රත්වය හා කණ්ඩායම් හැඟීම ඉහළනැන්වීම අරමුණු කර ගනිමින් නිලධාරීන් අතර ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලදී.

නිලධාරි පුහුණු දිනයේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම්.ටී. බණ්ඩාර යූඑස්පී ඒයූඑස්ඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් “Inner Compass, Outer Impact: Leading from the Soul”යන මාතෘකාව යටතේ කාලෝචිත දේශනයක් පැවැත්වීමෙන් අවසන් කරන ලදී.