Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

16th February 2026 16:32:00 Hours

2026 අන්තර් බලඇණි පා පැදි තරඟාවලිය සාර්ථකව නිම කරයි.

2026 පෙබරවාරි 14 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 20 වන බලඇණිය විසින් සංවිධානය කරන ලද 2026 අන්තර් බලඇණි පා පැදි තරඟාවලිය උත්සවාකාරයෙන් සහ ඉතා සාර්ථකව පැවැත්විණි.බලඇණි නියෝජනය කරමින් පැමිණි පාපැදිකරුවන් 44 දෙනෙකු අතර දැඩි තරඟකාරීත්වයක් දක්නට ලැබුණු අතර, තරඟයේදී 20 වන බලඇණියේ සෙබලෙකු විසින් පළමු ස්ථානය දිනා ගත්තේය.

තරඟ ප්‍රතිඵල

  • 1 වන ස්ථානය - රයිෆල් සෙබල ශානක යුඑන්ජි - 20 ශ්‍රිලංසිරෙ
  • 2 වන ස්ථානය - කෝප්‍රල් ජයසිංහ ඩිඑම්එම්සි - 5 (සෙව්) ශ්‍රිලංසිරෙ
  • 3 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ප්‍රියනන්ද පිඩබ්ලිව්එස් - 7 ශ්‍රිලංසිරෙ

මෙම අවස්ථාවට 20 වන බලඇණියේ අණදෙන නිලධාරිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගි විය.