Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

14th February 2026 21:00:23 Hours

6 වන අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් ශූරතාවලියේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව දෙවන ස්ථානය දිනාගනී

ශ්‍රී ලංකා යුද හමුදා ජල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද 6 වන අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් ශූරතාවලිය 2026 පෙබරවාරි 13 වන දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ලකුණු 57 ක් ලබාගනිමින් සමස්ත ශූරතාවලියේ (පිරිමි) දෙවන ස්ථානය දිනා ගත්තේය.

මෙම ශුරතාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය.

හොඳම තරඟකරුවන් 25 දෙනාගෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ලකුණු 64 ක් ලබා ගනිමින් පළමු ස්ථානය ලබා ගත් අතර, ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව ලකුණු 59 ක් ලබා ගනිමින් දෙවන ස්ථානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය ලකුණු 44 ක් ලබා ගනිමින් තෙවන ස්ථානය ලබා ගන්නා ලදී.

සමස්ත ශූරතාවලියේ දී, ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ලකුණු 62 ක් ලබා ගනිමින් පළමු ස්ථානයත්, සිංහ රෙජිමේන්තුව ලකුණු 57 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයත්, ගජබා රෙජිමේන්තුව ලකුණු 36 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයත් දිනා ගත්හ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ද සිල්වා ටිඑච්කේ සමස්ත ශූරතාවලියේ දෙවන ස්ථානය ලබා ගනිමින් රෙජිමේන්තුවට තවත් ගෞරවයක් ගෙන ඒම විශේෂත්වයකි.

14 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑස් ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් පරිපාලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒඑම්ඒසීඒ ඌරාපොල ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගී විය.