22nd January 2026 20:27:51 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආදරණීය සුරතලෙකු වන 'එල්සා' සිංහ ධේනූවගේ අටවන උපන්දිනය රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ඉකුත් 22 වනදා සමරන ලදි. එම උත්සවය සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක වන බ්‍රිගේඩියර් පීඑම්එස් කරුණාරත්න පිඑස්සී ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරින් සහ සෙසු නිලයින්ද සහභාගි වන ලදි.
54 පාබල සේනාංකයෙහි සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඑම්සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.