Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

20th January 2026 14:29:24 Hours

“දිට්වා” සුලි කුනාටුව හේතුවෙන් විපතට පත් රණවිරුවන් සහ සිවිල් සේවක මහතුන් හට පරිත්‍යාග ලබාදීමේ වැඩසටහනක් සිදුකිරීම

සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිණී යමුනා අබේකෝන් මැතිණියගේ සංකල්පයකට අනුව “දිට්වා” සුලි කුනාටුව හේතුවෙන් විපතට පත් රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරී නියුතු රණවිරුවන්/ සිවිල් සේවක මහතුන් වෙනුවෙන් කාගිල්ස් වව්චර්පත් ලබාදීමේ වැඩසටහනක් රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස කදවුරේදී 2026/01/17 වන දින සිදුකරන ලදී.

මෙම අවස්ථාව සදහා 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒඑම්සි අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් සහ සිංහ සේවාවනිතා ශාඛාවේ සභාපතිණී යමුනා අබේකෝන් මැතිණිය මෙන්ම සිංහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විශාල පිරිසක් සහ රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගි විය.

එම අවස්ථාවේදී රණවිරුවන්/ සිවිල් සේවක මහතුන් 22 කු වෙනුවෙන් රු:7500.00 ක වටිනාකමින් යුත් කාගිල්ස් වව්චර්පත් ලබාදෙන ලදී.