18th January 2026 22:07:09 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අන්තර් ඒකක කඹ ඇදීමේ ශූරතාවලිය, 2026 ජනවාරි 16 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම උත්සවය 12 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය ලද අතර කණ්ඩායම් හැඟීම, ශක්තිය සහ රෙජිමේන්තු අභිමානය ඉස්මතු කරමින් තරඟකාරී බලඇණිවල උද්යෝගිමත් සහභාගීත්වයක් දක්නට ලැබුණි.
දැඩි තරඟකාරී සහ ශාරීරික වශයෙන් වෙහෙසකර තරඟ මාලාවකින් පසුව, 12 වන බලඇණිය නියෝජනය කරන කණ්ඩායම ජයග්‍රහණය කරමින් ශූරතාව දිනා ගත්හ. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 11 වන (ස්වේච්ඡා) බලඇණි කණ්ඩායම තරඟාවලිය පුරාම ප්‍රශංසනීය දස්කම් දක්වමින් අනුශූරතාවය දිනා ගත්හ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් පී එන් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී වූ අතර, ඔවුන්ගේ ඉහළ මට්ටමේ ක්‍රීඩා කෞෂල්‍යය සහ තරඟකාරීත්වය වෙනුවෙන් ඔවුන් අගය කළේය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වන ලදී. මෙම තරඟය සුහදත්වය, ශාරීරික යෝග්‍යතාවය සහ රෙජිමේන්තුවේ කල් පවතින සම්ප්‍රදායන් ශක්තිමත් කළේය.