15th January 2026 07:31:53 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහ රෙජිමේන්තු භට පිරිස්ගේ සම්බන්ධතාවයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඉවත් කිරීමත්, ඩෙංගු රෝගය වැළැක්වීම පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමත් වේ.
මෙම වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් සියලුම බලඇණි විසින්ද ඔවුන්ගේ බලඇණි පරිශ්‍රයන් තුළ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එමඟින්, රෙජිමේන්තුව තම කාර්ය මණ්ඩලයේ මෙන්ම අවට ප්‍රජාවේ සෞඛ්‍යය හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට ඇති සාමූහික කැපවීම පැහැදිලිව ප්‍රකාශ විය.