31st December 2025 22:29:54 Hours
54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩීසි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් මස 29 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස කදවුරේදී 20 වන රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි භාර ගන්නා ලදි.
හමුදා සාම්ප්‍රදානුකූලව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර් ආර් කේ රාජපක්ෂ උඩගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව රෙජිමේන්තු අධිපති පිලිගැනීමෙන් අනතුරුව අලංකාරවත් කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
ඉන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පි එම් එස් කරුණාරත්න පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සමගින් රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් පිරිනමනු ලැබූ සම්මාන පෙළපාලියේ ආචාරය පිලිගැනීමට සහභාගි වීමෙන් පසු ආගමික වතාවත් සිදුකර සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් නව රෙජිමේන්තු අධිපති රාජකාරි භාරගැනීමේ ලේඛණයට සිය කාර්යාලයේදී අත්සන් තැබීය.
මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය හා ස්‍වෛරීත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියළුම ජිවිත පරිත්‍යාග කල වීරෝධාර නිලධාරි සහ සෙසුනිලයින් සිහිපත් කිරිම සදහා රණවිරු ස්මාරකය අසලදී පුෂපෝපහාර පුද කිරීමට එක් වීමෙන් අනතුරුව මෙම සුවිශේෂී දිනය සනිටුහන් කිරිමට පැලයක් රෝපනය කිරිම සඳහා සහභාගි විය.
පසුව රෙජිමේන්තුවේ රාජකාරි නියුතු භඨපිරිස් අමතා සිය අභිලාෂයන් සහ ඉදිරි දැක්ම පිලිබඳව භඨපිරිස් දැනුවත් කිරීමෙන් පසු සියළු නිලයින් සමග තේ පැන් සංග්‍රහයක් සඳහා එක්විය.
උත්සව මාලාවේ අවසානය සනිටුහන් කරමින් රෙජිමේන්තුවේ අභිනවයෙන් පත් වු රෙජිමේන්තු අධිපති උත්සව අවස්ථාව සඳහා සහභාගි වු සියළු නිලධාරීන් සමග ඡායාරූපයකට පෙනීසිටි අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි නිවස්නයේ දී දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගි විය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා මන්ත්‍රන සභා සාමාජිකයින්, නව රෙජිමේන්තු අධිපති තුමන්ගේ සමකාලීන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ නිලධාරීන්ගේ පවුල්හි සාමාජිකයින් සහභාගී විය.