30th December 2025 14:56:32 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 කට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසු විශ්‍රාම යාම නිමිත්තෙන් අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 දෙසැම්බර් මස 23 වන දින චාරිත්‍රානුකූලව නික්මයාම වෙනුවෙන් උත්සවයක් පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගෙන ප්‍රධාන දොරටුව අසලදී කඳවුරු සම්මාන මුරයක් පිළිගන්වනු ලැබීය. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සමඟ සම්මාන පෙළපාලියේ ආචාරය පිළිගැනීම සදහා සහභාගි වී අනතුරුව, රණවිරු ස්මාරකයේ දී මියගිය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වා අවසන්ව සියලු නිලයන් සමඟ තේ පැන් සංග්‍රහය සඳහා තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි එක් වූ අතර එහිදී පැමිණ සිටි සියළු නිලයන් සමඟ අදහස් බෙදා ගත් අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙනුවෙන් ඔහුගේ කැපවීම වෙනුවෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්හට හෘදයාංගම කෘතඥතාව පළ කර නිදුක්, නිරෝගී, සාමකාමී සහ සමෘද්ධිමත් විශ්‍රාම ජීවිතයක් ප්‍රාර්ථනා කළහ.
උත්සවයේ අවසානය සනිටුහන් කරමින් ඔහුගේ නායකත්වය සහ හමුදාවට කළ අසමසම දායකත්වය අගය කිරීම සඳහා සුදානම් කල රාත්‍රී භෝජන සංග්‍රහයේදී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒඑම්සී අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන්හට විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. මේ සදහා මත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ විශ්‍රාමික නිලධාරීන් ඇතුළු නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ ඥාතීන් සහ මිතුරන් මෙම අවස්ථාවට සහභාගී වූහ.