Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

30th December 2025 14:43:59 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව මධ්‍යස්ථාන සේනාවිධායක රාජකාරි භාරගනී

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 27 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් පීඑම්එස් කරුණාරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගැනීම නිමිත්තෙන් 2025 දෙසැම්බර් මස 19 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවයක් පැවැත්විනි.

සම්ප්‍රධානුකූලව නව මධ්‍යස්ථාන සේනාවිධායක ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගෙන අලංකාරවත් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ආර්ආර්කේ රාජපක්ෂ උඩගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සමගින් රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලැබූ සම්මාන පෙළපාළියේ ආචාරය පිලිගැනීමට සහභාගි වීමෙන් පසු රට දැය වෙනුවෙන් දිවි පිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියළුම වීරෝධාර නිලධාරි සහ සෙසුනිලයින් සිහිපත් කිරිම සඳහා රණවිරු ස්මාරකය අසලදී පුෂ්පෝපහාර පුද කිරීමට එක් විය.

අනතුරුව සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් නව මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් ආගමික වතාවත් සිදුකර රාජකාරි භාරගැනීමේ ලේඛණයට සිය කාර්යාලයේදී අත්සන් කිරීමෙන් පසු මෙම සුවිශේෂී දිනය සනිටුහන් කිරිමට පැලයක් රෝපණය කිරිම සඳහා නව මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහභාගි විය.

නව මධ්‍යස්ථාන සේනාවිධායක රෙජිමේන්තුවේ රාජකාරි නියුතු භටපිරිස් අමතා සිය අභිලාෂයන් සහ ඉදිරි දැක්ම පිලිබඳව දැනුවත් කිරීමෙන් පසු උත්සවයේ අවසානය සනිටුහන් කරමින් සියළු නිලයින් සමග තේ පැන් සංග්‍රහයක් සඳහා එක් විය.

මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි විය.